ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 17 පරි. 134-139 පි.
  • මා පාසල හැර යා යුතු ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මා පාසල හැර යා යුතු ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අධ්‍යාපනය ලැබීමේ ඇති වටිනාකම
  • පාසල සහ රැකියාව
  • ඔබ වඩා යහපත් කෙනෙක් වීම
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
  • ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 17 පරි. 134-139 පි.

පරිච්ඡේද 17

මා පාසල හැර යා යුතු ද?

ජැක් වර්ෂ 25ක් පුරා පාසල් පැමිණීමේ වාර්තා පරීක්ෂා කරන නිලධාරියා ව සිටියේ ය. එමනිසා අවසර නැති ව පාසලට නොපැමිණෙන යෞවනයෙකුට, ජැක් මෙතෙක් අසා නැති නිදහසට කරුණක් රැගෙන විත් ඉදිරිපත් කිරීම දුෂ්කර දෙයක් වන්නේ ය. “ළමයින් මට සෑම දෙයක් ම පාහේ පවසා තිබෙනවා,” යයි ඔහු කියයි, “එනම් ‘මං හිතුවා අද මට අසනීප වෙයි කියල’ . . . ‘ඇලස්කාවේ සිටි මගේ සීයා මැරුණා,’” වැනි දේවල් ය. ජැක් “කැමති ම” සමාවට කරුණ වූයේ? “අධික මීදුම නිසා පාසල සොයා ගන්නට බැරි වුණා” යනුවෙන් පිරිමි ළමුන් තිදෙනෙකු කියා සිටීම ය.

මෙම ව්‍යාකූලත්වයෙන් යුත් වැනෙන සුලු නිදහසට කරුණුවලින් පෙන්නුම් කරන්නේ, බොහෝ විට උදාසීනත්වයේ පටන් (“ඒකට කමක් නෑ කියලා මා සිතනවා”) එක හෙලා ම දක්වන විරෝධතාවයන් (“පාසල මට එපාවෙලා! මට එය මහත් පිළිකුලක්”) දක්වා පාසලෙන් ඈත් වී සිටීමේ නැඹුරුවාවක් බොහෝ යෞවනයන්ට තිබෙන බවයි. උදාහරණයක් ලෙස, ගැරී පාසල් යෑම සඳහා නැගිටුණු අතර ක්ෂණයකින් උදරයෙහි වේදනා ගතියක් ඔහුට දැනුණි. ඔහු මෙසේ පැවසුවේ ය, “මා පාසල වෙත ළඟා වෙනවා, එවිට මට ගොඩක් දහඩිය දමා මහත් බියක් ඇති වෙනවා . . . මට නැවත මගේ නිවසට ආපසු පැමිණීමට සිදු වෙනවා.” බොහෝ යෞවනයෝ එලෙස මහත් පීඩාවක් සේ පවතින බියකින්—පාසල් භීතිකාව යයි වෛද්‍යවරුන් පවසන දෙයින්—වේදනා විඳිති. එය බොහෝ විට ඇති වන්නේ පාසල් සැහැසියාව, තුල්‍ය නපුරුකම සහ උසස් ලකුණු මට්ටමක් ලබා ගැනීමට ඇති පීඩනය නිසා ය. (දෙමව්පියන්ගේ සුළු ඒත්තු ගැන්වීමක් ඇති ව) එවන් යෞවනයන් පාසලට යා හැකි නමුත් ඔවුහු නොකඩවා පවතින කැළඹීමකින් හා ශාරීරික පීඩාවකින් පවා වේදනා විඳිති.

යෞවනයන්ගෙන් සෑහෙන සංඛ්‍යාවක් කොහෙත් ම පාසල් නොයෑමට තෝරා ගැනීම පුදුමයක් නොවේ! එක්සත් ජනපදයේ පමණක්, ප්‍රාථමික හා ද්විතීක පාසල්වල ශිෂ්‍යයෝ මිලියන දෙකහමාරක් පමණ දින පතා පැමිණීම අතපසු කරති! න්‍යූ යෝර්ක් නගරයේ උසස් පාසල්වල බොහෝ දෙනෙක් (තුනෙන් එකක් පමණ) “බොහෝ කලකට නොපැමිණෙන හෙයින් සම්පූර්ණයෙන් ම වාගේ ඔවුන්ට ඉගැන්වීම කළ නොහැක,” යයි ද න යෝර්ක් ටයිම්ස් හි ලිපියක සඳහන් විණ.”

අන් යෞවනයෝ වඩා ප්‍රබල පියවරවල් ගනිමින් සිටිති. “පාසල එපා වෙලයි තිබුණෙ, ඕනෑවට වඩා නීති වැඩියි,” යයි වෝල්ටර් නමැති තරුණයෙක් පැවසී ය. ඔහු උසස් පාසලෙන් (ද්විතීක පාසලෙන්) ඉවත් වී ගියේ ය. ඇන්ටෝනියා නමැති ගැහැණු ළමයා ද එසේ ම කළා ය. ඇයට තම පාසල් වැඩකටයුතු සම්බන්ධයෙන් දුෂ්කරතාවයක් තිබුණි. “මා කියවමින් සිටි දෙය මට තේරුණේ නැත්නම් මට වැඩ කිරීමට පුළුවන් වෙන්නේ කොහොම ද?” යයි ඇය ඇසුවා ය. “මම මෝඩයෙකු වගේ එහි නිකම් ම ඉඳගෙන සිටියා, එනිසා මං පිට වෙලා ගියා.”

ලොව වටා පාසල් පද්ධතිවල බරපතළ ගැටලු පැතිර පවතින බව පිළිගත යුත්තකි. එහෙත් පාසල කෙරෙහි ඇති සම්පූර්ණ උනන්දුව නැති කර ගෙන පාසලෙන් ඉවත් ව යාමට මෙය හේතුවක් ද? පාසලෙන් ඉවත් වී යාමෙන් ඔබේ ජීවිතයට පසු කලෙක ඇති විය හැකි බලපෑම් මොනවා ද? ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරු පාසලේ සිටීම සඳහා හොඳ හේතු තිබේ ද?

අධ්‍යාපනය ලැබීමේ ඇති වටිනාකම

උසස් පාසල් සමතා ඩිප්ලෝමාවක් ලබා ගැනීම සඳහා මයිකල් නැවත පාසලට ගියේ ය.  එසේ කළේ මන්දැයි කියා ඔහුගෙන් ඇසූ විට, ඔහු මෙසේ පැවසුවේ ය, “මට අධ්‍යාපනයක් අවශ්‍ය වූ බව මට වැටහුණා.” එහෙත් “අධ්‍යාපනයක්” යනු කුමක් ද? සිත් ගන්නා කරුණු පෙළක් කට පාඩමින් කීමට ඇති හැකියාව ද? ගඩොල් ගොඩකින් ගෙයක් නොසෑදෙනවා වාගේ ම හුදෙක් මනසේ කරුණු රැසක් තිබීම අධ්‍යාපනයක් නොවන්නේ ය.

සාර්ථක වැඩිහිටි ජීවිතයක් සඳහා අධ්‍යාපනය ඔබ ව සූදානම් කළ යුතු ය. වර්ෂ 18කට විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානියෙකු වූ ඇලන් ඔස්ටිල් මෙසේ පැවසුවේ ය, “සිතිය යුතු වන්නේ කෙසේ ද, ගැටලු විසඳන්නේ කෙසේ ද, සුදුසු දේ කුමක් ද සහ නුසුදුසු දේ කුමක් ද, පැහැදිලි ව සිතීමේ මූලික හැකියාව, දත්ත දැනගැනීමට මෙන් ම යම් දෙයක කොටස් සහ එහි සමස්තය අතර සබඳතාවන් දැනගැනීමට අධ්‍යාපනය ඔබට උගන්වයි. එම විනිශ්චයන් කිරීමට හා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමටත්, ඉගෙන ගන්නා ආකාරය ඉගෙන ගැනීමටත්, අධ්‍යාපනය ඔබට උගන්වයි.”

තව ද පාසල ඊට යෝග්‍ය වන්නේ කෙසේ ද? ශතවර්ෂ ගණනාවකට පෙර සාලමොන් රජ මෙසේ හිතෝපදේශයන් ලීවේ ය, “අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.” (හිතෝපදේශ 1:​1-4) එසේ ය, යෞවන කාලයත් සමඟ පළපුරුද්ද නැතිකම පවතී. කෙසේ වුවද, සිතීමේ හැකියාව පෝෂණය කිරීමට හා වර්ධනය කිරීමට ඔබට උපකාර කිරීමට පාසලට හැක. මෙය හුදෙක් කරුණු කට පාඩමෙන් කීමට ඇති හැකියාව නොව, නමුත් ඒවා විග්‍රහ කිරීමට සහ එමගින් ඵලදායී අදහස් උපද්දන්නට ඇති හැකියාව ය. සමහර පාසල්වල උගන්වන ආකාරය ගැන බොහෝ අය විවේචනය කර ඇතත්, ඔබේ මනස භාවිතා කිරීමට පාසල ඔබට බල කරයි. ජ්‍යාමිතික ගැටලු විසඳීමට හෝ ඓතිහාසික දිනයන්ගේ ලැයිස්තුවක් කට පාඩම් කිරීම, ඒ අවස්ථාවේ ඔබේ ජීවිතයට සම්බන්ධයක් නොමැති බව පෙනෙන්නට තිබීම සත්‍යයකි. එහෙත් ද හයි ස්කූල් සවයිවල් ගයිඩ් හි බාබරා මේය මෙසේ ලීවා ය: “ගුරුවරුන් විභාගවල දී දීමට කැමති දැනගැන්ම සම්බන්ධයෙන් සෑම කරුණක් ම සහ සෑම සුළු දෙයක් ම, සෑම දෙනා ම මතක තබා ගැනීමට යන්නේ නැති නමුත් පාඩම් කරන ආකාරය සහ සැලසුම් කරන ආකාරය ඉගෙන ගැනීම වැනි දක්ෂතාවයන්, කිසිදා අමතක නොවනු ඇත.”

අධ්‍යාපනයේ දිගු කාලීන ප්‍රතිඵල අධ්‍යයනය කළ විශ්ව විද්‍යාලීය ආචාර්යවරු තිදෙනෙක් ඒ ආකාරයෙන් ම මෙසේ නිගමනය කළහ, “හොඳ අධ්‍යාපනයක් ලැබූ අය තුළ පොත පතට ම සීමා වූ කරුණු ගැන පමණක් නොව නමුත් සමකාලීන ලෝකය ගැන ද පුළුල් සහ ගැඹුරු දැනගැන්මක් තිබෙන අතර ඔවුන් විසින් දැනගැන්ම ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමට සහ තොරතුරු මූලාශ්‍රයන්ට වැඩි සාවධානත්වයක් දැක්වීමට ඇති ඉඩකඩ වැඩි ය . . . වයස් ගත වූ විට දී හෝ පාසලෙන් ඉවත් වී වර්ෂ ගණනක් ඉකුත් වූ විට දී මෙම වෙනස් වීම් නොනැසී පවති.”—දි එන්ඩියොරිං ඉෆෙක්ට්ස් ඔෆ් එඩ්‍යුකේෂන්

සියල්ලට ම වඩා වැදගත් දෙය නම්, ඔබේ ක්‍රිස්තියානි වගකීම් කර ගෙන යෑමට ඔබ ව සූදානම් කිරීමට අධ්‍යාපනයට හැකි වීමයි. ඔබ හොඳ පාඩම් පුරුදු ඇති කර ගෙන තිබේ නම්, කියවීමේ කලාව ප්‍රගුණ කර ගෙන තිබේ නම්, වඩා පහසුවෙන් ඔබට දේව වචනය පාඩම් කළ හැකියි. (ගීතාවලිය 1:2) පාසලේ දී ඔබ පැහැදිලි ව ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙන ගෙන සිටීමෙන්, අන්‍යයන්ට බයිබල් සත්‍යයන් වඩා පහසුවෙන් ඉගැන්වීමට ඔබට හැකි වෙයි. එලෙස ම ඉතිහාසය, විද්‍යාව, භූගෝලය සහ ගණිතය ගැන දැනගැන්ම ප්‍රයෝජනවත් වන අතර විවිධ උනන්දු සහ විශ්වාසයන් ගෙන් යුත් පසුතලයන් ඇති ජනයාට පැහැදිලි කිරීමට ඔබට උපකාරී වනු ඇත.

පාසල සහ රැකියාව

ඔබේ අනාගත රැකියා බලාපොරොත්තු කෙරෙහි මහත් බලපෑමක් ද පාසලට ඇත. ඒ කෙසේ ද?

දක්ෂ වැඩකරුවෙකු ගැන ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ පැවසුවේ ය: “ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.” (හිතෝපදේශ 22:29) මෙය අද දිනත් සැබෑවකි. “දක්ෂතාවයන් නොමැති වීමෙන්, ඔබ ව පසෙකට තල්ලු කිරීමට ජීවිතයේ බොහෝ දේවලට හැක,” යයි එ. ජ. කම්කරු දෙපාර්තමේන්තුවේ අර්නස්ට් ග්‍රීන් පැවසුවේ ය.

එසේ නම් තේරුම් ගත හැකි ලෙස, පාසල අත් හැර යන අය සඳහා රැකියා ප්‍රස්තා හිඟ ය. මෙය දුෂ්කර මාර්ගයක් බව (කලින් සඳහන් කරන ලද) වෝල්ටර් ඉගෙන ගත්තේ ය. “මා බොහෝ අවස්ථාවන්වල රැකියා සඳහා ඉල්ලුම් කර තිබුණත් මට ඩිප්ලෝමාවක් තිබුණේ නැති නිසා මට ඒවා ලබා ගන්නට බැරි වුණා.” ඔහු මෙසේ ද පිළිගත්තේ ය: “සමහර අවස්ථාවල දී මනුෂ්‍යයින් මට තේරුම් ගන්න බැරි වචන පාවිච්චි කරනවා, එවිට මා මෝඩයෙක් යයි මට සිතෙනවා.”

වයස අවුරුදු 16ත්, 24ත්, අතර උසස් පාසලෙන් ඈත් වී යන්නන් අතරේ ඇති විරැකියාව “උපාධිය කළ තම තුල්‍යයන් මෙන් දෙගුණයක් වන අතර මුළු විරැකියා ප්‍රමාණයෙන් තුන්ගුණයක් පමණ වේ.” (ද න යොර්ක් ටයිම්ස්) “තම අධ්‍යාපනය දිගට ම කර ගෙන නොයන අය ප්‍රස්තාවේ දොරටු වසා ගනිමින් සිටිති,” යයි කර්තෘ එෆ්. ෆිලිප් රයිස් තම දි ඇඩොලෙසන්ට් යන පොතේ සඳහන් කළේ ය. පාසලෙන් ඈත් වූ කෙනෙකු ඉතා සුළු රැකියාවක් කිරීමට අවශ්‍ය ව ඇති මූලික දක්ෂතාවයන් සම්පූර්ණයෙන් ම ඉගෙන ගෙන නැතැයි සිතිය හැක.

පෝල් කොපර්මන්, ද ලිටරසි හෝක්ස් නම් තම පොතේ මෙසේ ලියයි: “කෝකියෙකු ලෙස රැකියාවක් කිරීමට හත් වන-ශ්‍රේණියේ කියවීමේ මට්ටමක් ද, යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස රැකියාවක් කිරීමට අට වන-ශ්‍රේණියේ මට්ටමක් ද, සැපයුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් කිරීමට නව වන හෝ දහ වන-ශ්‍රේණියේ මට්ටමක් ද, තිබෙන්නට අවශ්‍ය බව මෑත අධ්‍යයනයක් පෙන්නුම් කරයි.” ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: “ගුරුවරයෙකු, හෙදියෙකු, ගණකාධිකාරවරයෙකු හෝ ඉංජිනේරුවෙකු ලෙස රැකියාවක් කිරීමට වඩා ඉහළ අවම උසස් මට්ටමකින් යුත් කියවීමේ හැකියාවක් ඉල්ලීම සාධාරණ නිශ්චය කිරීමක් යයි මම විශ්වාස කරමි.”

එසේ නම්, නිසැක ව ම, කියවීම වැනි මූලික දක්ෂතාවයන් ඉගෙන ගැනීමට ඇත්තෙන් ම වෑයමක් දරන ශිෂ්‍යයින්ට වඩා හොඳ රැකියා ප්‍රස්තාවන් තිබෙනු ඇත. නමුත් පාසල් යාමෙන් ඇති විය හැකි ජීවිතාන්තය දක්වා පවතින වෙනත් ප්‍රයෝජනයක් කුමක් ද?

ඔබ වඩා යහපත් කෙනෙක් වීම

එම ජීවිත කාලය පුරා ප්‍රයෝජනය නම් ඔබේ ශක්තීන් හා දුර්වලතාවයන් ඔබ ම දැන සිටීම ය. මෑතක දී පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගත් මිෂෙල් මෙසේ නිරීක්ෂණය කළා ය: “පීඩනයන් යටතේ වැඩ කරන ආකාරය, පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය හා මා විසින් ම පැහැදිලි ව අදහස් ප්‍රකාශ කරන ආකාරය, පාසලේ දී මම ඉගෙන ගත්තා.”

‘අසමත්වීමක් දෙස බලන්නේ කෙසේදැයි කියා පාසල මට ඉගැන්නුවා,’ යයි වෙනත් යෞවනියක් පවසන්නී ය. තමාගේ සමත්වීමට බාධා වීමේ හේතුව වශයෙන් ඇය දෙස ම නොව අන්‍යයන් දෙස බැලීමට ඈ තුළ පෙලඹීමක් තිබුණි. හික්ම වූ පාසල් චර්යා රටාවෙන් අන්‍යයන් ප්‍රයෝජන ලබා තිබේ. මෙය යෞවන මනස් සිර කරන බව කියමින් මේ හේතුව නිසා බොහෝ දෙනෙක් පාසල් ගැන විවේචනය කරති. එහෙත් සාලමොන් “ප්‍රඥාවද ගුරුකමද [හික්මවීම ද NW ] දැනගැනීමට,” යෞවනයන් ව උනන්දු කළේ ය. (හිතෝපදේශ 1:2) හික්මවීම පවතින පාසල්වල ඇත්තෙන් ම බොහෝ හික්මවූ මනස් මෙන් ම නිර්මාණාත්මක මනස් ද උපදවා තිබේ.

එමනිසා ඔබේ පාසල් වර්ෂයන්ගෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීම ඉතා නුවණට හුරු දෙයකි. ඔබට එය කළ හැක්කේ කෙසේ ද? ඔබේ පාසල් වැඩවලින් ම අපි පටන් ගනිමු.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ යෞවනයන් මෙපමණ දෙනෙකු හට පාසල ගැන නිෂේධාත්මක ආකල්පයක් තිබෙන්නේ මන්ද? කාරණය සම්බන්ධයෙන් ඔබට හැඟෙන්නේ කෙසේ ද?

◻ කල්පනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට පාසල පුද්ගලයෙකුට උපකාර කරන්නේ කෙසේ ද?

◻ පාසලෙන් ඈත් වී යාම, රැකියාවක් ලබා ගැනීමට ඔබේ අනාගත හැකියාවට බලපෑ හැක්කේ කෙසේ ද, එමෙන් ම මන්ද?

◻ පාසලේ රැඳී සිටීමෙන් ලැබිය හැකි වෙනත් පුද්ගලික ප්‍රයෝජන කවරේ ද?

[135 පිටුවෙහි හුවා දැක්වීම]

“මම මෝඩයෙකු වගේ එහි නිකම් ම ඉඳගෙන සිටියා, එනිසා මං පිටවෙලා ගියා”

[138 පිටුවෙහි හුවා දැක්වීම]

“කෝකියෙකු ලෙස රැකියාවක් කිරීමට හත් වන-ශ්‍රේණියේ කියවීමේ මට්ටමක් ද, යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස රැකියාවක් කිරීමට අට වන-ශ්‍රේණියේ මට්ටමක් ද, සැපයුම් ලිපිකරු-වෙකු ලෙස රැකියාවක් කිරීමට නව වන හෝ දහ වන-ශ්‍රේණියේ මට්ටමක් ද, අඩු ම වශයෙන් තිබෙන්නට අවශ්‍ය බව මෑත අධ්‍යයනයක් පෙන්නුම් කරයි”

[136 පිටුවෙහි ඇති පින්තූර]

ඔබ පාසලේ දී ඉගෙන ගනු ලබන හික්මවීම ඔබේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා ප්‍රයෝජනවත් විය හැක

[137 පිටුවෙහි ඇති පින්තූර]

පාසලේ දී උගන්වනු ලැබූ මූලික දක්ෂතාවයන් සම්පූර්ණයෙන් ම ඉගෙන ගෙන නැති අයට ඇති රැකියා බලාපොරොත්තු අඳුරු ය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න