කාණ්ඩ 6
ලිංගික කාරණා සහ සදාචාරයන්
බොහෝ යෞවනයෝ පොතේ මෙම කාණ්ඩයට නිසැක ව ම ප්‍රථමයෙන් හරවා බලනු ඇත. මන්ද? ලිංගික කාරණා හා සදාචාරයන්ගෙන් විනා වෙන කිසි විෂයකින් බොහෝ ප්‍රශ්න සහ මහත් මතභේදය මෙන් ම වියවුල හට නොගන්නා බැවිනි. කෙසේ වුවද, ලිංගික හැසිරීමට වඩා වැඩි යමක් සදාචාරත්වයට අඩංගු ව තිබේ. උදාහරණයක් වශයෙන්, බොරු කියන හා වංචා කරන යෞවනයෙකු සදාචාර කෙනෙකු යයි පැවසීමට ඔබට හැකි ද? නැතහොත් වංක භාවයට ඉඩ හැරිය හැකි තත්ත්වයන් තිබෙනවා ද? භාග්‍යයකට, සදාචාරත්වය පිළිබඳ මෙම කාරණා සම්බන්ධයෙන් බයිබලය අපට යම් ඍජු හා ප්‍රායෝගික මාර්ගෝපදේශයන් සපයයි.