කාණ්ඩ 7
විරුද්ධ ලිංගයේ අය සමඟ හුදෙකලා ඇසුර, ප්‍රේමය, සහ විරුද්ධ ලිංගයේ අය
ඔබ විරුද්ධ ලිංගයේ අය ගැන—සමහර විට විශේෂයෙන් එක් තැනැත්තෙකු කෙරෙහි—සැලකිල්ලක් දැක්වීමට පටන් ගෙන ඇත. ඔබේ ශරීරය පුරා අලුත් හැඟීම් සහ චිත්ත වේගයන් දිව යයි. එහෙත් ඔබට හැඟෙන එම දෙය කුමක් ද? එය සදහට ම පවතින ආකාරයේ ප්‍රේමයක් ද නැතහොත් වෙනත් දෙයක් ද? තව ද එම හැඟීම් ගැන ඔබ හුදෙක් කළ යුත්තේ කුමක් ද? ප්‍රේම සම්බන්ධය පිළිබඳ විෂය ගැන ඔබේ ප්‍රශ්නවලට යම් යෝග්‍ය පිළිතුරු අපි දැන් පරීක්ෂා කර බලමු.