59වෙනි පරිච්ඡේදය
යේසුස් සැබෑවටම කවරෙක්ද?
යේසුස් හා ඔහුගේ ගෝලයන් සිටින බෝට්ටුව බෙත්සයිදාවට සේන්දු වන විට, ජනයා ඔහු වෙතට අන්ධ මනුෂ්‍යයෙකුව ගෙනැවිත්, ඔහු පිට අත් තබා සුව කරන්න කියා යේසුස්ගෙන් අයැද සිටිනවා. යේසුස් එම මිනිසාව අතින් අල්ලාගෙන ඔහුව ගමෙන් පිටතට ගෙනියනවා. ඉන්පසු ඔහුගේ ඇස්වලට කෙළ ගසා අසන්නේ, “ඔබට කිසිවක් පෙනෙනවාද” කියායි.
එවිට, “මට මිනිසුන්ව පෙනේ. මන්ද මට ගස් වාගේ දේවල් පෙනේ. නමුත් ඒවා එහා මෙහා ඇවිදින්නේය” කියා ඔහු පිළිතුරු දෙනවා. ඔහුට පැහැදිලිවම දැකීමට හැකි වන සේ පෙනීම ලබා දීම සඳහා යේසුස් තම අත් දෙක තබනවා ඔහුගේ දෙනෙත් මත. යේසුස් ඉන්පසු එම මිනිසාට නුවරට ඇතුල් නොවන ලෙස උපදෙස් දෙමින් ඔහුට ගෙදර යන්න හරිනවා.
යේසුස් දැන් තම ගෝලයන් සමඟ පිටත්ව යන්නේ පලස්තීනයේ උතුරු කෙළවරෙහි පිහිටා තිබෙන සිසේරිය ෆිලිප්පියට අයත් ගම්මානවලටයි. මුහුදු මට්ටමේ සිට මීටර් 350ක් පමණ ඉහළින් තිබෙන අලංකාර ස්ථානයක් වන ෆිලිප්පියේ සිසේරියට යන මාර්ගය කිලෝමීටර් 50ක් පමණ ආවරණය වන දීර්ඝ නැග්මක්. සමහරවිට එම ගමනට දවසක් හෝ දෙකක් ගත වෙන්න පුළුවන්.
ගමන යන අතරතුරේදී, යේසුස් යාච්ඤා කිරීම සඳහා ඔවුන්ගෙන් වෙන්ව යනවා. ඔහුගේ මරණයට ඇත්තේ තව මාස නවයක් හෝ දහයක් පමණයි. ඒ නිසා, ඔහු තම ගෝලයන් ගැන සැලකිලිමත් වෙනවා. බොහෝදෙනෙක් දැනටමත් ඔහුව අනුගමනය කිරීම නවත්වලා. ඔහුව රජෙකු කිරීමට ජනයා ගත් උත්සාහය ඔහු ප්‍රතික්ෂේප කළ නිසාත් ඔහුගේ රජකම ඔප්පු කිරීම සඳහා අහසෙන් ලකුණක් සපයන්න කියා සතුරන් පැවසූ විට ඔහු එසේ නොකළ නිසාත් තවත් අය ව්‍යාකූල වී කලකිරී ඇති බවත් පෙනෙන්න තියෙනවා. ප්‍රේරිතයන් ඔහු කවුරු කියාද විශ්වාස කරන්නේ? ඔහු යාච්ඤා කරමින් සිටින තැනට ඔවුන් පැමිණෙන විට, යේසුස් මෙසේ අසනවා. “මා කවුරුන් කියා මිනිසුන් කියනවාද?”
ඔවුන් දෙන පිළිතුර මෙයයි. “සමහරු යොහන් බව්තීස්ත කියාද, අන් අය එලියාය කියාද කියති. තවත් අය, යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් එක් කෙනෙකුය කියා පවසති.” ඇත්තෙන්ම ජනයා සිතන්නේ යේසුස් නැවත නැඟිට සිටින මෙම මනුෂ්‍යයන්ගෙන් කෙනෙකු කියායි!
“එහෙත් ඔබ? ඔබ මා කවුරුන් කියා කියනවාද” යනුවෙන් යේසුස් අසනවා.
එවිට පේතෘස් වහා ප්‍රතිචාරය දක්වන්නේ, “ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය” කියායි.
පේතෘස් දුන් පිළිතුර ගැන සතුට පළ කරමින් යේසුස් ඉන්පසු මෙසේ පවසනවා. “මම ඔබට කියමි, ඔබ පේතෘස්ය. මේ පර්වතය මත මම මාගේ සභාව ගොඩනඟන්නෙමි. මිනි වළෙහි දොරටු එය පරාජය නොකරන්නේය.” තමා සභාවක් ගොඩනැඟීමට යන බවත්, එහි සාමාජිකයන් පොළොව මත ගත කළ විශ්වාසවන්ත ජීවිතයෙන් පසු මරණයට පවා ඔවුන්ව එහි ග්රහණයෙහි තබාගත නොහැකි බවත් යේසුස් මෙහිදී පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. ඉන්පසු ඔහු පේතෘස්ට පවසන්නේ, “මම ඔබට ස්වර්ග රාජ්‍යයේ යතුරු දෙන්නෙමි” කියායි.
යේසුස් මෙහිදී හෙළි කරන්නේ පේතෘස් ඉදිරියේදී විශේෂ වරප්‍රසාද ලබන බවයි. ප්‍රේරිතයන් අතරෙහි පේතෘස්ට පළමු තැන ලැබෙන්නේවත්, යේසුස් ඔහුව සභාවේ අත්තිවාරම බවට පත් කරන්නේවත් නැහැ. තම සභාව ගොඩනඟනු ලබන පර්වතය වන්නේ යේසුස්මයි. එහෙත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම සඳහා විවිධ කණ්ඩායම්වලට අයත් මනුෂ්‍යයන්ට ප්‍රස්තාව විවෘත කර දීම සංකේතවත් කරන යතුරු තුනක් පේතෘස්ට දීමට නියමිතයි.
පේතෘස් පළමුවන යතුර භාවිත කරනු ඇත්තේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ගැලවීම අත් කරගැනීම සඳහා පසුතැවිලි වන යුදෙව්වරුන් කුමක් කළ යුතුදැයි පෙන්වා දීමටයි. ඉන් ටික කලකට පසු, ඇදහිල්ල දක්වන සමාරිවරුන්ට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට ප්‍රස්තාව විවෘත කර දීම සඳහා ඔහු දෙවන යතුර භාවිත කරාවි. ඊළඟට, ක්‍රි.ව. 36දී, එම ප්රස්තාවම අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන් වන කොර්නේලියස් සහ ඔහුගේ මිත්රයන්හට විවෘත කිරීම සඳහා තුන්වන යතුර ඔහු භාවිත කිරීමට නියමිතව තිබුණා.
යේසුස් තම ගෝලයන් සමඟ දිගටම සාකච්ඡාවේ යෙදෙනවා. තමා ළඟදීම යෙරුසලමේදී මුහුණ දීමට යන දුක් වේදනා හා මරණය ගැන පවසමින් යේසුස් ඔවුන් කිසි විටක බලාපොරොත්තු නොවන දෙයක් හෙළි කරනවා. ස්වර්ගික ජීවිතයකට යේසුස්ව නැවත නැඟිටුවනු ලබන බව වටහාගැනීමට අසමත් වන පේතෘස් යේසුස්ව පැත්තකට ගෙන ගොස් පවසන්නේ මෙහෙමයි. ‘ස්වාමිනි, ඔබ ගැන හිතන්න. ඔබට කවදාවත් එවැන්නක් සිදු වන්නේ නැත.’ යේසුස් පේතෘස්ට පිටුපාමින් දෙන පිළිතුර මෙයයි. “සාතන් මා පස්සට යන්න! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.”
ප්‍රේරිතයන්ට අමතරව වෙනත් අයද යේසුස් සමඟ ගමන් කරමින් සිටින බව පැහැදිලියි. ඉතිං දැන් ඔහු ඔවුන්ට කතා කර, තම අනුගාමිකයෙකු වීම පහසු දෙයක් නොවෙයි කියා පැහැදිලි කර දෙනවා. “යමෙකුට මා පසුපස එන්ට ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා පසුපස ඒවා. මන්ද, යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමති වේද, ඔහුට එය නැති වන්නේය. නමුත් මා නිසාත් ශුභාරංචිය නිසාත් තම ජීවිතය නැති කරගන්නා එය ගලවාගන්නේය.”
ඔව්, ඔහුගේ අනුග්‍රහය ලබාගැනීමට නම් යේසුස්ගේ අනුගාමිකයන් නිර්භීත මෙන්ම ආත්ම-පරිත්‍යාගශීලී අය විය යුතුයි. “යමෙක් මේ ද්‍රෝහි පව්කාර පරම්පරාවේදී මා ගැනත් මාගේ වචන ගැනත් ලැජ්ජා වන්නේද, මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ පැමිණෙන කල, ඔහු ගැනත් ලැජ්ජා වන්නේය” කියා යේසුස් විස්තර කරනවා. මාක් 8:22-38; මතෙව් 16:13-28; ලූක් 9:18-27; NW.
▪ යේසුස් තම ගෝලයන් ගැන සැලකිලිමත් වන්නේ ඇයි?
▪ යේසුස් කවුරුන් කියාද මනුෂ්‍යයෝ හිතන්නේ?
▪ පේතෘස්ට දෙන ලද යතුරු මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කොහොමද?
▪ පේතෘස්ව නිවැරදි කරන්නේ කොහොමද? එසේ කරන්නේ ඇයි?