ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 59 පරි. 142 පි.-143 පි. 4 ¶
  • මනුෂ්‍ය පුත්‍රයා කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මනුෂ්‍ය පුත්‍රයා කවුද?
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් සැබෑවටම කවරෙක්ද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔහු අභියෝග මැද විශ්වාසවන්තව සිටියා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අභියෝග මැද විශ්වාසවන්තව සිටියා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ අදහස් කරන්නේ මොනවද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 59 පරි. 142 පි.-143 පි. 4 ¶
අනික් නියෝජිතයන් බලාගෙන ඉද්දී පේතෘස් යේසුස්ට පිළිතුරු දෙයි

59වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා කවුද?

මතෙව් 16:13-27 මාක් 8:22-38 ලූක් 9:18-26

  • යේසුස් අන්ධ මිනිසෙකුව සුව කරයි

  • දෙවිගේ රාජ්‍යයේ යතුරු පේතෘස්ට භාර දෙයි

  • තමන්ගේ මරණය සහ නැවත නැඟිටුවීම ගැන යේසුස් කලින්ම කියයි

යේසුස් සහ ගෝලයන් දැන් ඉන්නේ බෙත්සයිදාවේ. අන්ධ කෙනෙක්ව යේසුස් ළඟට අරන් එන මිනිසුන් ඔහුව සුව කරන්න කියලා ඉල්ලනවා.

යේසුස් ඔහුව අතින් අල්ලාගෙන ගමෙන් ටිකක් ඈතට ගෙනියනවා. ඔහුගේ ඇස්වල කෙළ තවරන යේසුස් “ඔබට මොනව හරි පෙනෙනවාද” කියා අහද්දී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මට මිනිසුන්ව පේනවා. හැබැයි ඔවුන්ව මට පෙනෙන්නේ ගස් එහා මෙහා යනවා වගෙයි.” (මාක් 8:23, 24) යේසුස් ආපහු ඔහුගේ ඇස් ඇල්ලුවාම ඔහු සම්පූර්ණයෙන්ම සුව වෙනවා. ඔහුව පිටත් කර යවන යේසුස් කියන්නේ දැන්මම ගමට යන්න එපා කියලයි.

යේසුස් සහ ගෝලයන් දැන් යන්නේ උතුරු දෙසින් පිහිටි සිසේරිය ෆිලිප්පියට අයත් ගම්වලට. කිලෝමීටර් 40ක විතර දුරක් තියෙන මේ ගමනට දවසක්, දෙකක් ගත වෙන්න ඇති. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 350ක් ඉහළින් පිහිටා තියෙන ඒ පළාතට ඊසානදිගින් තියෙන්නේ හිම වැටුණු යෝධ හෙර්මොන් කන්දයි.

ගමන අතරතුරේදී එක අවස්ථාවක යේසුස් තනියම යාච්ඤා කරන්න යනවා. තව මාස නවයක්, දහයක් ඇතුළත මරණයට මුහුණ දෙන්න නියමිත ඔහු දැන් හිතන්නේ ගෝලයන් ගැන. මේ වෙද්දී හුඟක් ගෝලයන් ඔහුව අත්හැරලා ගිහින්. පෙනෙන විදිහට තවත් අය කලකිරිලා. මිනිසුන් යේසුස්ව රජකමට පත් කරන්න හැදුවාම ඔහු ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියලත් ඔහු ඇත්තටම කවුද කියලා තේරුම්ගන්න ලකුණක් නොදුන්නේ ඇයි කියලත් ඔවුන් හිතනවා ඇති.

යේසුස් යාච්ඤා කරමින් ඉන්න තැනට ගෝලයන් ආවාම “මනුෂ්‍ය පුත්‍රයා කවුරුන් කියාද මිනිසුන් කියන්නේ” කියලා ඔහු අහනවා. ඔවුන් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “සමහරුන් යොහන් බව්තීස්ත කියාත් අන් අය එලියා කියාත් කියනවා. තවත් අය යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකු කියාත් කියනවා.” දැන් තමන් ගැන ගෝලයන්ට හැඟෙන විදිහ දැනගන්න “ඔබ හිතන්නේ මා කවුරුන් කියාද” කියලා යේසුස් අහනවා. ඉක්මනින්ම පිළිතුරු දෙමින් පේතෘස් පවසන්නේ මෙහෙමයි. “ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි.”—මතෙව් 16:13-16.

ඒ දේ දෙවියන් පේතෘස්ට හෙළි කරපු එක ගැන ඇත්තටම පේතෘස්ට සතුටු වෙන්න පුළුවන් කියලා යේසුස් කියනවා. ඊටපස්සේ ඔහු මෙහෙමත් කියනවා. “ඔබ පේතෘස්ය. මා මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය මතයි. මිනී වළෙහි දොරටුවත් එය පරාජය කරන්නේ නැහැ.” ඔහු එහෙම කිව්වේ තමන් සභාවක් ගොඩනඟනවා කියලත් ඒකේ සාමාජිකයන් විශ්වාසවන්තව ඉඳලා මිය ගියාම ඔවුන්ව සදහටම හිර කරගෙන ඉන්න මරණයට බැහැ කියලත් පැහැදිලි කරන්නයි. ඊළඟට ඔහු පේතෘස්ට මේ පොරොන්දුව දෙනවා. “ස්වර්ග රාජ්‍යයේ යතුරු මා ලබා දෙන්නේ ඔබටයි.”—මතෙව් 16:18, 19.

එහෙම කියපු එකෙන් පේතෘස් අනිත් නියෝජිතයන්ට වඩා විශේෂයි කියලවත් ඔහු සභාවේ අත්තිවාරම කියලවත් යේසුස් ඇඟෙව්වේ නැහැ. මොකද සභාවේ අත්තිවාරම යේසුස් මිසක් වෙන කවුරුත් නෙවෙයි. (1 කොරින්ති 3:11; එෆීස 2:20) කොහොමවුණත් පේතෘස්ට යතුරු තුනක් ලැබෙනවා. ඒ නිසා විවිධ ජන කොටස්වලට අයිති අයට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කිරීමේ වරප්‍රසාදය ඔහුට හිමි වෙනවා.

යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය ගැලවීම ලබාගන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා පැහැදිලි කරන්න තමයි පේතෘස් ක්‍රි.ව. 33දී පළවෙනි යතුර පාවිච්චි කරන්නේ. ඔහු දෙවෙනි යතුර පාවිච්චි කරන්නේ සමරිතානුවන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කරන්නයි. ක්‍රි.ව. 36දී ඔහු තුන්වෙනි යතුර පාවිච්චි කරන්නේ කොර්නේලියස් ඇතුළු අචර්මච්ඡේදිත වෙනත් ජාතීන්ටත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කරන්නයි.—ක්‍රියා 2:37, 38; 8:14-17; 10:44-48.

යේසුස් අනිත් පැත්තට හැරෙයි

ළඟදීම යෙරුසලමේදී තමන්ට හුඟක් දුක් විඳලා මිය යන්න වෙනවා කියලා යේසුස් කියපු නිසා ගෝලයන් ඉන්නේ හුඟක් දුකින්. යේසුස් මිය ගියත් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට ඔහුව නැවත නැඟිටුවනු ලබනවා කියලා පේතෘස් තේරුම්ගන්නේ නැහැ. ඒ නිසා ඔහු යේසුස්ව පැත්තකට එක්කන් ගිහින් ඔහුට තදින් කතා කරමින් “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ” කියා පවසනවා. ඒ වෙලාවේ යේසුස් අනිත් පැත්ත හැරිලා ඔහුට මෙහෙම කියනවා. “සාතන්! මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි.”—මතෙව් 16:22, 23.

යේසුස් දැන් නියෝජිතයන් ඇතුළු සමූහයාට කතා කරනවා. තමන්ගේ අනුගාමිකයෙක් වෙන එක ලෙහෙසි දෙයක් නෙවෙයි කියලා පැහැදිලි කරමින් ඔහු මෙහෙම කියනවා. “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවි වෙනුවෙන් කැප කර තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න අවශ්‍යයි. මන්ද යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමැත්තෙන් සිටියොත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසාත් ශුභාරංචිය නිසාත් තම ජීවිතය නැති කරගන්නාට එය ගලවාගන්න හැකි වෙයි.”—මාක් 8:34, 35.

ඔව්, කෙනෙක්ට ඇත්තටම යේසුස්ගේ අනුමැතිය ලැබෙන්නේ ඔහු නිර්භීතව, ආත්මපරිත්‍යාගශීලීව ක්‍රියා කළොත් විතරයි. යේසුස් දැන් මෙහෙම කියනවා. “දෙවිට ද්‍රෝහි වන මේ පව්කාර පරම්පරාව අතරේ සිටින යමෙක් මගේ ගෝලයෙක් වෙන්නත් මා පවසන දේවල් පිළිගන්නත් ලැජ්ජා වුණොත් මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන්ගේ තේජසින් වැජඹෙමින්, ශුද්ධ දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඒ තැනැත්තාව පිළිගන්න මනුෂ්‍ය පුත්‍රයාත් කැමති වන්නේ නැහැ.” (මාක් 8:38) එදාට “ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.”—මතෙව් 16:27.

  • යේසුස් කවුරු කියලද සමහර අය හිතුවේ? නියෝජිතයන් ඔහුව සැලකුවේ කවුරු හැටියටද?

  • පේතෘස්ට ලැබුණේ මොන යතුරුද? ඔහු ඒවා පාවිච්චි කරන්නේ කොහොමද?

  • යේසුස් පේතෘස්ව නිවැරදි කළේ කොහොමද? ඒ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න