ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 66 පරි.
  • කූඩාරම් මංගල්‍යයේදී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කූඩාරම් මංගල්‍යයේදී
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 66 පරි.

66වෙනි පරිච්ඡේදය

කූඩාරම් මංගල්‍යයේදී

යේසුස් බව්තීස්ම වීමෙන් පසු ගෙවී ගිය වසර තුනක පමණ කාලය තුළදී ඔහු සුප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා. දහස් ගණන්දෙනෙක් ඔහුගේ ප්‍රාතිහාර්යයන් දැක තිබෙන අතර, ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා රටෙහි අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් තිබෙනවා. දැන්, ජනයා යෙරුසලමෙහි කූඩාරම් මංගල්‍යයට එක්රැස් වෙද්දී, ඔවුන් යේසුස්ව සොයනවා. “ඒ මිනිසා කොහේද” කියා දැනගැනීමට ඔවුන්ට වුවමනායි.

යේසුස් කාගෙත් මතභේදයට තුඩු දෙන විෂයක් බවට පත් වෙලා. “ඔහු යහපත් මිනිසෙක්” කියා ඇතමෙක් පවසනවා. වෙනත් අය පවසන්නේ, “එසේ නොවේ. ඔහු සමූහයාව නොමඟ යවන්නේය” කියායි. මංගල්‍යයේ ආරම්භක දවස් කීපය තුළදී ජනයා මේ ආකාරයට ඔවුනොවුන් අතරේ බොහෝ සෙයින් කතා බහ කරගන්නවා. එහෙත් යේසුස් වෙනුවෙන් එළිපිට කතා කිරීමට කිසිවෙකුට එඩිතරකමක් නැහැ. මෙයට හේතුව වන්නේ ජනයා, යුදෙව් නායකයන් තමන්ගෙන් පළිගනීය යන බියෙන් පසුවීමයි.

මංගල්‍යය මැදදී යේසුස් එතැනට පැමිණෙනවා. ඔහු දේවමාලිගාවට යනවා. එහිදී ජනයා පුදුමයට පත් වෙනවා ඔහුගේ විශිෂ්ට ඉගැන්වීමේ හැකියාව ගැන. යේසුස් කිසිදාක රබ්බිවරුන්ගේ පාසැල්වලට ගිහින් තිබුණේ නැති නිසා යුදෙව්වරුන් පුදුමයෙන් මෙසේ කල්පනා කරනවා. “පාසැල්වල ඉගෙන නොගත්තත් මේ මිනිසාට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද?”

“මා උගන්වන දේ මාගේ නොව, නමුත් මාව එවූ තැනැත්තාට අයිතිය. යමෙක් ඔහුගේ කැමැත්ත කරන්න ආශා වන්නේ නම්, මේ ඉගැන්වීම දෙවිගෙන් වූ ඉගැන්වීමක්ද නැත්නම් මා කතා කරන්නේ මාගේම අදහස්ද කියා ඔහු දැනගන්නවා ඇත” යනුවෙන් යේසුස් පැහැදිලි කරනවා. යේසුස්ගේ ඉගැන්වීම් දෙවිගේ නීතියට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ නිසා, ඔහු සොයන්නේ තමන්ගේ ගෞරවය නොව, දෙවිගේ ගෞරවයයි කියා පැහැදිලි විය යුතුයි. “මෝසෙස් ඔබට නීතිය දුන්නා නොවේද” කියා යේසුස් අසනවා. ඉන්පසු ඔවුන්ට චෝදනා කරමින් ඔහු පවසන්නේ, “ඔබ අතරින් කිසිවෙකු නීතියට කීකරු නොවේ” කියායි.

“ඔබ මාව මරන්න සොයන්නේ ඇයි” කියා ඔහු ඉන්පසුව අසනවා.

සෙනඟ අතරේ සිටින මිනිස්සු, බොහෝදුරට මංගල්‍යයට පැමිණ සිටින අමුත්තන් වෙන්න ඇති. ඔවුන් එවැනි කුමන්ත්‍රණයක් ගැන දන්නේ නැහැ. එතරම් විශිෂ්ට ගුරුවරයෙකුව මරා දැමීමට යමෙකුට අවශ්‍යයි කියා සිතන්නවත් ඔවුන්ට නොහැකියි. ඒ නිසා, ඔවුන් සිතන්නේ යේසුස්ට සිහිවිකල් වී ඇති බවයි. “ඔබට භූතයෙක් වැහී සිටියි. ඔබව මරන්න සොයන්නේ කවුද” කියා ඔවුන් අසනවා.

සෙනඟ නොදැන සිටියත් යුදෙව් නායකයන්ට අවශ්‍යයි යේසුස්ව මරණයට පත් කරන්න. මීට වසර එකහමාරකට කලින් යේසුස් සබත් දවසේදී මනුෂ්‍යයෙකුව සුව කළ විට, නායකයන් ඔහුව මරන්න උත්සාහ කළා. ඒ නිසා යේසුස් දැන් ඔවුන්ගේ අසාධාරණකම වෙතට අවධානය යොමු කරමින් මෙසේ අසනවා. “මෝසෙස්ගේ නීතිය කඩ නොවන පරිදි මිනිසෙකුව සබත් දවසකදී චර්මච්ඡේදනය කරනවා නම්, සබත් දවසකදී මා මිනිසෙකුව සම්පූර්ණයෙන් සනීප කළාට ඔබ මා සමඟ දැඩි කෝපයකින් සිටින්නේ ඇයි? බාහිර පෙනුමට අනුව විනිශ්චය කිරීම නතර කරන්න. නමුත් ධර්මිෂ්ඨ විනිශ්චයෙන් විනිශ්චය කරන්න.”

තත්වය ගැන දන්නා යෙරුසලමේ වැසියන් දැන් මෙසේ පවසනවා. “ඔවුන් මරන්න සොයන්නේ මේ මිනිසාව නොවේද? ඒත් බලන්න! ඔහු ප්‍රසිද්ධියේ කතා කරමින් සිටියත් ඔවුහු කිසිවක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස් බව පාලකයන් හරියටම වටහාගෙන සිටිනවාවත්ද?” යේසුස්ව ක්‍රිස්තුස් ලෙස පිළි නොගැනීමට හේතුව මෙම යෙරුසලමේ වැසියන් පැහැදිලි කරන්නේ මෙලෙසයි. “මේ මිනිසා ආවේ කොතැනින්දැයි අපි දනිමු. නමුත් ක්‍රිස්තුස් එන විට, ඔහු කොතැනින් පැමිණෙන්නේදැයි කිසිවෙක් දැනගන්නේ නැත.”

එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔබ මා කවුද කියාත් මා පැමිණියේ කොතැනින්ද කියාත් දන්නහුය. මා ආවේ මාගේම අදහසකට අනුව නොවේ. නමුත් මාව එවූ තැනැත්තා සැබෑ පුද්ගලයෙකි. ඔබ ඔහුව දන්නේ නැත. මම ඔහුව දනිමි. මන්ද මම ඔහු වෙතින් පැමිණි නියෝජිතයෙකු වෙමි. මාව එව්වේ ඒ තැනැත්තාය.” එවිට ඔවුන් ඔහුව අල්ලාගැනීමට තැත් කරනවා. සමහරවිට ඔහුව සිරගෙට දැමීමට හෝ ඔහුව මරා දැමීමට වෙන්න ඇති එසේ කරන්නේ. එහෙත් යේසුස් මිය යෑමට කාලය තවමත් එළඹී නැති නිසා ඔවුන්ගේ වෑයම අසාර්ථක වෙනවා.

ඒ අවස්ථාවේදී බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල දක්වනවා. ඇත්තෙන්ම ඔවුන් එසේ කළ යුතුයි. මන්ද ඔහු මුහුද මත ගමන් කිරීම, සුළඟ නිහඬ කිරීම, කුණාටු සහිත මුහුදු නිශ්චල කිරීම, රොටි සහ මසුන් ස්වල්පයකින් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දීම, රෝගී අයව සුව කිරීම, කොරුන්ව ඇවිදීමට සැලැස්වීම, අන්ධයන්ගේ ඇස් පෑදීම, ලාදුරු රෝගීන්ව සුව කිරීම සහ මළවුන්ව පවා නැවත නැඟිටවීම වැනි දේවල් කර තිබෙනවා. ඒ නිසා, ඔවුන් මෙසේ අසනවා. “ක්‍රිස්තුස් පැමිණි විට, මේ මිනිසා කර ඇති ලකුණුවලටත් වඩා යමක් ඔහුට කරන්න පුළුවන් වෙයිද?”

සෙනඟ මෙලෙස කොඳුරන බව පරිසිවරුන්ට ඇසෙන විට ඔවුන් සහ නායක පූජකයන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ව එවනවා. යොහන් 7:11-32, NW.

▪ මංගල්‍යයට යේසුස් පැමිණෙන්නේ කවදාද? මිනිසුන් ඔහු ගැන පවසන්නේ කුමන දේවල්ද?

▪ ඇතැම් අය යේසුස්ට භූතයෙක් වැහී ඇති බව පවසන්නේ ඇයි?

▪ යෙරුසලමේ වැසියන්ට යේසුස් ගැන තිබෙන මතය කුමක්ද?

▪ බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල දක්වන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න