ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 66 පරි. 158 පි.-159 පි.
  • පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • කූඩාරම් මංගල්‍යයේදී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 66 පරි. 158 පි.-159 පි.
යේසුස් යෙරුසලමේ දේවමාලිගාවේදී උගන්වමින්

66වෙනි පරිච්ඡේදය

පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්

යොහන් 7:11-32

  • යේසුස් දේවමාලිගාවේදී උගන්වයි

යේසුස් බව්තීස්ම වුණාට පස්සේ ගෙවුණු කාලය අතරතුරේදී හුඟක් අයට යේසුස් ගැන අහන්න ලැබිලා තියෙනවා. යේසුස්ගේ ආශ්චර්යයන් දැකපු දහස් ගණන් අය ඒ ගැන තවත් අයට කියපු නිසා ඒ තොරතුරු දසත පැතිරිලා. යෙරුසලමේ පවත්වන පැල් උත්සවයට ඇවිත් ඉන්න සෙනඟ දැන් යේසුස්ව හොයන එක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ.

උත්සවයේ මුල් දවස්වලදී සමහර අය කියන්නේ යේසුස් “යහපත් මිනිසෙක්” කියලයි. තවත් අය කියන්නේ ‘ඔහු සමූහයාව නොමඟ යවනවා’ කියලයි. (යොහන් 7:12) ඒත් යුදෙව් ආගමික නායකයන්ට තියෙන බය නිසා කවුරුත් ප්‍රසිද්ධියේ යේසුස්ට පක්ෂව කතා කරන්නේ නැහැ.

උත්සවය පටන් අරන් ටික දවසක් යද්දී දේවමාලිගාවට එන යේසුස් උගන්වන්න පටන්ගන්නවා. ඔහු යුදෙව් ආගමික නායකයන්ගේ පාසැල්වල ඉගෙනගෙන නැහැ. ඒත් ඔහු දක්ෂ විදිහට උගන්වන එක ගැන සෙනඟ පුදුම වෙනවා. ඒ නිසා තමයි ඔවුන් මෙහෙම කතා වෙන්නේ. “මේ මිනිසා පාසැල්වල ඉගෙනගෙනත් නැහැ. එහෙමනම් ඔහුට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද?”—යොහන් 7:15.

යේසුස් දැන් මෙහෙම කියනවා. “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්. යමෙක් දෙවිගේ කැමැත්ත කරන්න ආශාවෙන් සිටිනවා නම් මා උගන්වන දේ මගේම අදහස්ද නැත්නම් දෙවිගේ අදහස්ද කියා තේරුම්ගන්න ඔහුට පුළුවන්.” (යොහන් 7:16, 17) යේසුස් උගන්වන්නේ දෙවිගේ නීතියට එකඟවයි. ඔහු උත්සාහ කරන්නේ දෙවිව ගෞරවයට පත් කරන්න මිසක් තමන්ට ගෞරවය ගන්න නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි.

යේසුස් දැන් මෙහෙම කියනවා. “නීතිය ඔබට ලබා දුන්නේ මෝසෙස් නේද? නමුත් ඔබ අතරින් කිසි කෙනෙක් ඒ නීතියට කීකරු වන්නේ නැහැ. ඔබ මාව මරන්න උත්සාහ කරන්නේ ඇයි?” සෙනඟ අතරේ ඉන්න සමහර අය ඒ ගැන දන්නේ නැහැ. ඔවුන් පිට පළාත්වලින් ආපු අය වෙන්න ඇති. යේසුස් වගේ දක්ෂ ගුරුවරයෙක්ව මරන්න උත්සාහ කරනවා කියන එක ඒ අයට හිතාගන්නවත් බැහැ. “ඔබට භූතයෙක් වැහිලාද? ඔබව මරන්න උත්සාහ කරන්නේ කවුද” කියලා ඔවුන් අහන්නේ ඒ නිසයි.—යොහන් 7:19, 20.

අවුරුදු එකහමාරකට කලින් යේසුස් සබත් දවසකදී රෝගියෙක්ව සුව කරපු එක ගැන තරහෙන් ඉන්න යුදෙව් නායකයන් තමයි ඔහුව මරන්න හදන්නේ. ඔවුන් මොන තරම් අසාධාරණද කියලා යේසුස් දැන් පැහැදිලි කරනවා. නීතියට අනුව පිරිමි දරුවෙක් ඉපදිලා අටවෙනි දවසේදී ඔහුව චර්මච්ඡේදනය කරන්න ඕනෙ කියලා ඔහු මතක් කරනවා. ඒ දවස සබත් දවසක් වුණත් ඒක කරන්න ඕනේ. යේසුස් මෙහෙම කියන්නේ ඒ නිසයි. “ඔබ සබත් දවසේදී වුණත් මිනිසෙකුව චර්මච්ඡේදනය කරනවා. එසේ කරන්නේ මෝසෙස්ට දෙන ලද නීතිය කඩ නොකිරීමටයි. ඔබ එසේ මිනිසෙකුව සබත් දවසකදී චර්මච්ඡේදනය කරනවා නම් සබත් දවසකදී මා මිනිසෙකුව සම්පූර්ණයෙන්ම සුව කළාට ඔබ මා සමඟ මෙතරම් කෝපයකින් සිටින්නේ ඇයි? ඒ නිසා පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා. ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න.”—යොහන් 7:22-24.

යෙරුසලමේ මිනිසුන් මෙහෙම කතා වෙනවා. “ඔවුන් [පාලකයන්] මරන්න සොයන්නේ මේ මිනිසාව නේද? ඒත් බලන්න! ඔහු ප්‍රසිද්ධියේ කතා කරමින් සිටියත් කවුරුත් කිසිම දෙයක් ඔහුට කියන්නේ නැහැ. මෙසේ සිදු වන්නේ ඔහු ක්‍රිස්තුස් බව පාලකයන් තේරුම්ගෙන සිටින නිසාවත්ද?” යේසුස් තමයි ක්‍රිස්තුස් කියලා ඒ අය පිළිගන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් කියන මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “මේ මිනිසා ආවේ කොහෙන්ද කියා අපි හොඳටම දන්නවා. නමුත් ක්‍රිස්තුස් ගැන කියා තිබෙන්නේ ඔහු එන විට ඔහු කොතැනින් ආවාද කියා කිසිම කෙනෙක් දැන නොගන්නා බවයි.”—යොහන් 7:25-27.

යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මා කවුද කියාත් මා පැමිණියේ කොහෙන්ද කියාත් ඔබ දන්නවා. මම ආවේ මගේම කැමැත්ත ඉටු කරන්න නොවෙයි. මම ආවේ මාව එවූ තැනැත්තා නිසයි. ඔහු සැබෑ පුද්ගලයෙක්. නමුත් ඔබ ඔහුව හඳුනන්නේ නැහැ. මම නම් ඔහුව හොඳින් හඳුනනවා. මන්ද මම ඇවිත් සිටින්නේ ඔහුගේ නියෝජිතයෙක් ලෙසයි. මාව එව්වේ ඔහුයි.” (යොහන් 7:28, 29) ඒක අහපු මිනිසුන් ඔහුව අල්ලගන්න හදනවා. ඔවුන්ට ඕනෙ යේසුස්ව හිරේ දාන්න නැත්නම් මරලා දාන්න වෙන්න ඇති. ඒත් යේසුස්ගේ මරණයට නියම වෙලාව ඇවිත් නැති නිසා ඒ උත්සාහය අසාර්ථක වෙනවා.

කොහොමවුණත් හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාස කරනවා. ඒකට ඕන තරම් හේතු තියෙනවා. මොකද ඔහු වතුර මත ඇවිද්දා, කුණාටු නිහඬ කළා, රොටි සහ මසුන් කිහිපයකින් දහස් ගණනකට කන්න දුන්නා, අසනීප සුව කළා, කොර අයව ඇවිදින්න සැලැස්සුවා, අන්ධ අයට පෙනීම දුන්නා, ලාදුරු රෝගීන්ව සුව කළා, මිය ගිය අයව නැවත නැඟිට්ටෙව්වා. ඒ හැම දෙයක්ම නිසා තමයි සෙනඟ දැන් මෙහෙම කතා වෙන්නේ. “බලන්න, ඔහු කොතරම් ලකුණු සිදු කරනවාද! ඔහු ක්‍රිස්තුස්ම විය යුතුයි.”—යොහන් 7:31.

ඒ දේ පරිසිවරුන්ට ඇහුණාම ඔවුන් නායක පූජකයන් එක්ක එකතු වෙලා යේසුස්ව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ව පිටත් කරනවා.

  • පැල් උත්සවයට ආපු යේසුස් ගැන සෙනඟ කතා වුණේ මොනවාද?

  • තමන් දෙවිගේ නීතිය කඩ කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්න යේසුස් සඳහන් කළේ මොනවා ගැනද?

  • හුඟක් අය යේසුස්ව විශ්වාස කළේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න