ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dg 1 කොටස 2-3 පි.
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • සමාන තොරතුරු
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දුක් වේදනාවලින් තොර ලොවක්
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
dg 1 කොටස 2-3 පි.

1වන කොටස

අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?

1, 2. දෙවි සම්බන්ධයෙන් මිනිසුන් තුළ මතු වන ප්‍රශ්නය කුමක්ද? ඒ ඇයි?

‘ඇත්තටම අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවා නම් මෙතරම් දුක් පීඩා සිදු වෙන්නේ ඇයි?’ සමහරවිට ඔබත් එසේ කල්පනා කර ඇති. අපි හැමෝම දුක් පීඩා අද්දකිනවා. ඊට අමතරව කටුක අද්දැකීම්වලට මුහුණ දී ඇති අය ගැනත් අපි අසා තිබෙනවා.

2 යුද්ධ, අපරාධ, කුරිරුකම්, අසාධාරණය, දුගීකම, ලෙඩ රෝග හා මරණය නිසා මිනිසුන් අපමණ දුකක් විඳ තිබෙනවා. විසිවන සියවසේදී පමණක් යුද්ධ නිසා මිය ගිය මිනිසුන්ගේ සංඛ්‍යාව කෝටි දහයකට අධිකයි. එමෙන්ම තවත් කෝටි ගණනකට බරපතළ තුවාල හෝ වෙනත් අලාභ හානි සිදු වී තිබෙනවා. එවැනි අය විඳින වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ.

3, 4. දුක් වේදනා අද්දකින බොහෝදෙනෙකුට හැඟෙන්නේ කෙසේද?

3 එවැනි දුක්බර සිදුවීම් නිසා ඇතැම් අයට ජීවිතය පවා එපා වී තිබෙනවා. ඔවුන් සිතන්නේ දෙවි කෙනෙකු සිටියත් ඒ දෙවිට ඔවුන් ගැන කිසිම තැකීමක් නැහැ කියලයි. තවත් අය දෙවි කෙනෙකු සිටින බවවත් විශ්වාස කරන්නේ නැහැ. නිදසුනකට පළමුවන ලෝක මහා යුද්ධයේදී එක්තරා මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයන්ව සහ මිතුරන් බොහෝදෙනෙකුව අහිමි වුණා. “ඒ වෙලාවේ දෙවියන් හිටියේ කොහෙද?” කියා ඔහු ඇසුවා. එමෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී නාට්සිවරුන්ගේ සමූලඝාතනවලින් තම ජීවිතය බේරාගත් තවත් කෙනෙක් මෙසේ පැවසුවා. ‘මගේ හිතේ තියෙන ගින්න පිට වුණොත් ඒකෙන් ඔයා දැවිලා අළුවෙලා යයි.’

4 දෙවි කෙනෙක් සිටිනවා නම් මේ තරම් නපුරු දේවල් සිදු වෙන්න ඔහු ඉඩහරින්නේ ඇයි කියා බොහෝ අය කල්පනා කරනවා. ඒ නිසා ඇත්තටම දෙවි කෙනෙක් සිටිනවාද කියා ඔවුන් සැක කරනවා. තවත් අය පවසන්නේ මිනිසා අද්දකින දුක් වේදනා ජීවිතයේ අනිවාර්ය දෙයක් බවයි.

[2, 3වන පිටුවල පින්තූරය]

දුක් වේදනාවලින් තොර සුරක්ෂිත අනාගතයක් සිහිනයක් නොවේ!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න