ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින පොත
“ඉතිහාසයේ වැඩියෙන්ම කියවා ඇති පොත බයිබලයයි. . . . වෙන කිසිම පොතකට වඩා බයිබලයේ පිටපත් බෙදාහැර තියෙනවා. වෙන කිසිම පොතකට වඩා බයිබලය බොහෝ භාෂා ගණනාවකට සහ බොහෝ වාර ගණනක් පරිවර්තනය කර තියෙනවා.”—“ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා.”1
සමහර පැතිවලින් ගත්තම, පොත් වැඩිහරියක් හරියට නිකං මිනිස්සු වගෙයි. ඒවා දර්ශන පථයට එනවා, සමහරවිට ජනප්‍රිය වෙනවා වෙන්න පුළුවන්; සම්භාව්‍ය කෘතීන් අතළොස්සක් හැර, අනිත් ඒවා මහලු වෙලා මැරිල යනවා. පරණ තාලේ නිසාත්, කියවන්නේ නැති නිසාත් ඇත්තෙන්ම කියනවා නම් මියගොස් ඇති නිසාත් බොහෝවිට පුස්තකාල, ගණින්න බැරි තරම් මේ පොත්වල සොහොන් පිටි බවට පත් වෙනවා.
කෙසේවෙතත් බයිබලය, සම්භාව්‍ය කෘතීන් අතර පවා විශිෂ්ට වෙනවා. ඒක ලියපු කාලය දැනට අවුරුදු 3,500ක් තරම් ඈතක වුණත්, තාමත් බෙහෙවින් ජීවමානයි. ඒක තමයි පොළොව මත තියෙන වැඩියෙන්ම බෙදාහැර තියෙන පොත.a සෑම අවුරුද්දකම මුළු බයිබලයම හෝ එහි කොටස්වල පිටපත් මිලියන 60ක් විතර බෙදාහරිනවා. වර්ෂ 1455දී පමණ ජර්මානු ජාතික නිෂ්පාදක යොහාන’ස් ගුට’න්බ’ග්ගේ මුද්‍රණාලයේ සචල අකුරුවලින් මුද්‍රණය වූ පළවන සම්පාදනය එළි දැක්කා. එතැන් සිට මේ දක්වා බයිබල් (සම්පූර්ණ බයිබලය හෝ කොටස් වශයෙන්) බිලියන 4ක් මුද්‍රණය කර ඇති බව ඇස්තමේන්තු කර තියෙනවා. වෙන කිසිම පොතක්, ආගමික වූවත් නොවූවත් ඒ ගානට ළං වෙලාවත් නැහැ.
ඉතිහාසය පුරා වැඩියෙන්ම පරිවර්තනය කර ඇති පොතත් බයිබලයයි. සම්පූර්ණ බයිබලයම හෝ කොටස්, භාෂා සහ උපභාෂා 2,100කට වැඩියෙන් පරිවර්තනය කර තියෙනවා.b මිනිස් පවුලෙන් සියයට 90කට වැඩි ගණනකට අඩුම තරමින් බයිබලයේ කොටසක්වත් තමන්ගේම භාෂාවෙන් කියවිය හැකියි.2 මේ අනුව මෙම පොත බොහෝ ජාතික දේශ සීමාවලින් එගොඩ වී ඇති අතර, ජාතිවාදී සහ ජනවාර්ගික බාධක අභිභවා ගොස් තියෙනවා.
බයිබලය පරීක්ෂා කර බලන්න සංඛ්‍යාලේඛන විතරක්ම ඔබව පොලඹවන්නේ නැති වෙන්න පුළුවන්. කෙසේවෙතත්, පරිවර්තනය කර ඇති සහ බෙදාහැර ඇති සංඛ්‍යාව දෙස බලද්දී එය චමත්කාරජනකයි; එය බයිබලයේ සමස්ත ලෝක ආකර්ෂණීයභාවයට සාක්ෂියක්. මුළු මනුෂ්‍ය ඉතිහාසයේ වැඩියෙන්ම විකිණෙන සහ වැඩියෙන්ම පරිවර්තනය කර ඇති පොත ඔබේ සැලකිල්ලට බඳුන් විය යුතු වටිනා දෙයක් බවට නිසැකයි.
[පාදසටහන්වල]
a මීළඟට වැඩියෙන්ම බෙදාහැරල තියෙන පොත කියා සිතන්නේ, කෝටේෂන්ස් ෆ්‍රොම් ද ව’ක්ස් ඔෆ් මාඕ සේ තුං (මාවෝ සේතුංගේ කෘතිවලින් රැගත් උපුටන) නමැති රතු පැහැති පොත්පිංචයයි. එහි පිටපත් මිලියන 800ක් විකුණා හෝ බෙදාහැර ඇති බවට ඇස්තමේන්තු කර තියෙනවා.
b භාෂා සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාලේඛන එක්සත් බයිබල් සමාගම් මගින් ප්‍රකාශිත සංඛ්‍යා මත පදනම් වෙයි.
[6වන පිටුවේ පින්තූරය]
සචල අකුරු ක්‍රමයට මුද්‍රණය වූ මුල්ම පොත වුණේ, ලතින් භාෂාවෙන් වූ ගුට’න්බ’ග් බයිබලයයි