උපග්‍රන්ථය
“විශ්වයේ වාස්තු විද්‍යාත්මක ඒකක”
විද්‍යාවේ නවීන විශ්වකෝෂයක් රසායනික මූලද්‍රව්‍යයන් විස්තර කරන්නේ එලෙසයි. පෘථිවියේ මූලද්‍රව්‍යයන් අතර පුදුමාකාර විවිධත්වයක් තිබෙනවා. ඉන් සමහරක් දුර්ලභයි, තවත් සමහරක් සුලභයි. රන් වැනි මූලද්‍රව්‍යයන් මිනිස් දෙනෙතට හසු වෙයි. නයිට්රජන් සහ ඔක්සිජන් වැනි තවත් ඒවා අපට දකින්නවත් බැරි වායූන්. සෑම මූලද්‍රව්‍යයක්ම යම් ආකාරයක පරමාණුවකින් සෑදී තිබෙනවා. එම පරමාණු නිර්මාණය වී තිබෙන ආකාරයත්, එකිනෙකට සම්බන්ධ වී තිබෙන ආකාරයත්, වගුවකින් දැක්වෙන තරමට ක්රමවත්බවින් යුක්ත වීමෙන් සැකසුරුවම් සහ පුදුම දනවන සංවිධානය වීමක් අඟවයි.
අවුරුදු 300කට පමණ පෙර, දැනසිටියේ මූලද්‍රව්‍යයන් 12ක් පමණයි: ආසනික්, ඇන්ටිමනි, ඊයම්, කාබන්, ගෙන්දගම්, ටින්, තඹ, බිස්මත්, යකඩ, රන්, රසදිය සහ රිදී යනාදියයි. තවත් ඒවා සොයාගන්න සොයාගන්න, එම මූලද්‍රව්‍යයන් යම් නිශ්චිත පිළිවෙළක් පිළිබිඹු කළ බව විද්‍යාඥයන්ගේ සැලකිල්ලට භාජන වුණා. මෙම අනුපිළිවෙළේ හිස්තැන් තිබුණු නිසා, මෙන්ඩලේයෙෆ්, රැම්සේ, මෝස්ලි සහ බෝර් වැනි විද්‍යාඥයන්, නොදන්නා මූලද්‍රව්‍යයන් සහ ඒවායේ ගතිලක්ෂණ අනුමාන වශයෙන් ඉදිරිපත් කළා. එම මූලද්‍රව්‍යයන් කල්තියාම සඳහන් කර තිබූ පරිද්දෙන්ම පසුව සොයාගනු ලැබුවා. එවකට නොදැන සිටි පදාර්ථයන්වල ස්වරූප කල්තියාම සඳහන් කිරීමට එම විද්‍යාඥයන්ට හැකි වුණේ ඇයි?
ඇත්තෙන්ම, මූලද්‍රව්‍යයන් ඒවායෙහි පරමාණුක ව්‍යූහය පදනම් කරගෙන ස්වාභාවික ආංකික අනුපිළිවෙළක් අනුගමනය කරන නිසයි. මෙය ඔප්පු කරන ලද නියමයක්. මේ අනුව හයිඩ්රජන්, හීලියම් ආදි වශයෙන්, පේළි සහ තීරු අනුව මූලද්‍රව්‍යවල ආවර්තිතා වගුවක් දැක්වීමට පාසැල් අත්පොත්වලට පුළුවන්.
ම’ග්‍රෝ-හිල් විද්‍යා තාක්ෂණ විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ නිරීක්ෂණය කරයි: “භෞතික ලෝකයේ පිළිවෙළ පුළුල්ව අනාවරණය කර ඇති ක්‍රමයක් වන, ආවර්තිතා සංකල්පය තරම් කාර්යක්ෂම අනුපිළිවෙළක් විද්‍යා ඉතිහාසයේ නැති තරම්. . . . අනාගතයේ මොනම අලුත් මූලද්‍රව්‍යයක් සොයාගත්තත්, ආවර්තිතා පද්ධතියේ ඒවාට නිසි ස්ථානයක් හිමි වී, ඒවා එහි අනුපිළිවෙළට අනුකූල වෙමින් එකම කුලයට අයත් යෝග්‍ය ගතිලක්ෂණ නිරූපණය කරයි කියා සහතිකයි.”
ආවර්තිතා වගුවේ පේළි සහ තීරු අනුව මූලද්‍රව්‍යයන් පිළිවෙළට තබන විට, එකම තීරුවක මූලද්‍රව්‍යයන් අතර සිත්ගන්නා සම්බන්ධයක් ඇති බව පෙනේ. නිදසුනක් ලෙස, අන්තිම තීරුවේ, හීලියම් (අංක 2), නියොන් (අංක 10), ආගන් (අංක 18), ක්‍රිප්ටන් (අංක 36), සෙනොන් (අංක 54) සහ රේඩොන් (අංක 86) පිහිටා තිබෙනවා. විදුලි විසර්ජනයක් ඒවා තුළින් ගමන් කරන විට, මේවා දීප්තිමත්ව බැබළෙන වායූන් වන අතර, මේවා ඇතැම් ආලෝක බුබුළු සඳහා යොදාගැනේ. එමෙන්ම, වෙනත් වායූන් මෙන් නොව, මේවා විවිධ මූලද්‍රව්‍යයන් සමඟ ඉක්මනින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ.
ඔව්, විශ්වයේ පරමාණුක අංශු දක්වා පවා, එය පුදුම දනවන අනුකූලතාවක් සහ පිළිවෙළක් හෙළි කරයි. විශ්වය ගොඩනැඟීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අතර එතරම් පිළිවෙළක්, අනුකූලතාවක් සහ විවිධත්වයක් සඳහා වගකියන්නේ කුමක්ද?
[27වන පිටුවේ වගුව]
මූලද්‍රව්‍යවල ආවර්තිතා වගුව
(මුද්‍රිත පිටපත බලන්න)
ආවර්තිතා වගුවේ පිළිවෙළ සහ එකඟත්වය පිළිබිඹු කරන්නේ නිකම්ම අහඹු සිදුවීමක්ද නැතහොත් බුද්ධිමය නිර්මාණයක්ද?
ලෝහ
ලෝහ නොවන
විරල වායු
අන්තරික මූලද්‍රව්‍ය
ලැන්තනයිඩ ශ්‍රේණිය
ඇක්ටිනයිඩ ශ්‍රේණිය
I
II
III
IV
V
VI
VII
VIII
මූලද්‍රව්‍යයේ නම සංකේතය පරමාණුක අංකය
හයිඩ්රජන් H 1
හීලියම් He 2
ලිතියම් Li 3
බෙරිලියම් Be 4
බෝරෝන් B 5
කාබන් C 6
නයිට්රජන් N 7
ඔක්සිජන් O 8
ෆ්ලුවෝරීන් F 9
නියොන් Ne 10
සෝඩියම් Na 11
මැග්නීසියම් Mg 12
ඇලුමිනියම් Al 13
සිලිකන් Si 14
පොස්ෆරස් P 15
සල්ෆර් S 16
ක්ලෝරීන් Cl 17
ආගන් Ar 18
පොටෑසියම් K 19
කැල්සියම් Ca 20
ස්කැන්ඩියම් Sc 21
ටයිටේනියම් Ti 22
වැනේඩියම් V 23
ක්‍රෝමියම් Cr 24
මැංගනීස් Mn 25
යකඩ Fe 26
කොබෝල්ට් Co 27
නිකල් Ni 28
තඹ Cu 29
සින්ක් Zn 30
ගැලියම් Ga 31
ජ’මේනියම් Ge 32
ආසනික් As 33
සෙලීනියම් Se 34
බ්‍රොමීන් Br 35
ක්‍රිප්ටන් Kr 36
රුබීඩියම් Rb 37
ස්ට්රොන්ටියම් Sr 38
ඉට්ට්‍රියම් Y 39
ස’කෝනියම් Zr 40
නයෝබියම් Nb 41
මොලිබ්ඩම් Mo 42
ටෙක්නීෂිම් Tc 43
රුතේනිම් Ru 44
රෝඩිය Rh 45
පැලේයම් Pd 46
රිදී Ag 47
කැඩ්යම් Cd 48
ඉන්යම් In 49
ටින් Sn 50
ඇන්ටිමනි Sb 51
ටෙලියුරියම් Te 52
අයඩීන් I 53
සෙනොන් Xe 54
සීසියම් Cs 55
බේරියම් Ba 56
ලැන්තනම් La 57
සීරියම් Ce 58
ප්රෙසියෝඩිමියම් Pr 59
නියෝඩිමියම් Nd 60
ප්‍රොමිතියම් Pm 61
සැමේරියම් Sm 62
යුරෝපියම් Eu 63
ගැඩොලිනියම් Gd 64
ට’බියම් Tb 65
ඩිස්ප්‍රෝසියම් Dy 66
හොල්මියම් Ho 67
අ’බියම් Er 68
තියුලියම් Tm 69
ඉට’බියම් Yb 70
ලුටීසියම් Lu 71
හැෆ්නියම් Hf 72
ටැන්ටලම් Ta 73
ටංස්ටන් W 74
රෙනියම් Re 75
ඔස්මියම් Os 76
ඉරිඩියම් Ir 77
ප්ලැටිනම් Pt 78
රන් Au 79
ම’කරි(රසදිය) Hg 80
තැලියම් Ti 81
ඊයම් Pb 82
බිස්මත් BI 83
පොලෝනියම් Po 84
ඇස්ටටීන් At 85
රේඩොන් Rn 86
ෆ්රැන්සියම් Fr 87
රේඩියම් Ra 88
ඇක්ටිනියම් Ac 89
තෝරියම් Th 90
ප්‍රොටැක්ටිනියම් Pa 91
යුරේනියම් U 92
නෙප්ටියූනියම් Np 93
ප්ලුටෝනියම් Pu 94
ඇමෙරිසියම් Am 95
කියුරියම් Cm 96
බ’ක්ලියම් Bk 97
කැලිෆෝනියම් Cf 98
අයින්ස්ටයිනියම් Es 99
ෆ’මියම් Fm 100
මෙන්ඩලීවියම් Md 101
නොබීලියම් No 102
ලෝරෙන්සියම් Lr 103
104
105
106
107
108
109