යෙහෝවා ඔහු කවුද?
කාම්බෝජයේ වනාන්තරයේ අතු පතරින් ගමන් මඟ සාදාගනිමින්, 19වන සියවසේ ප්‍රංශ ගවේෂකයෙක් වූ ඕන්රි මූඕ, පළල් අගලකින් වට වී ඇති පන්සලක් වෙත ආවා. එය ආංකෝර් වාට් නම් වූ, පොළොවේ ලොකුම ආගමික ස්මාරකයයි. පාසිවලින් වැසී ගිය ගොඩනැඟිල්ල දෙස බැලූ බැල්මෙන්ම, එය මනුෂ්‍යයාගේ හස්ත කර්මාන්තයක් බව පැවසීමට මූඕට හැකි වුණා. “පුරාණ මයිකල්ඇන්ජලෝ කෙනෙක් ඉදි කළ එය, අපට ඉතිරි වී ඇති ඕනෑම ග්‍රීක හෝ රෝම ඉදි කිරීමකටම වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඔහු ලිව්වා. සියවස් ගණනක් පුරා එය අත්හැර දමා, නොසලකා හැර තිබුණත්, සංකීර්ණ ගොඩනැඟිල්ල පිටුපස නිර්මාතෘවරයෙක් සිටි බවට සැකයක් ඔහුට තිබුණේ නැහැ.
සියවස් ගණනකට පෙර ලියනු ලැබූ ප්‍රඥාවේ පොතක් එවැනිම තර්කයක් යොදාගනිමින් මේ විදිහට ප්‍රකාශ කිරීම උනන්දු වීමට කරුණක්: “මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවූ [තැනැත්තා දෙවිය].” (හෙබ්‍රෙව් 3:4) ඒත් සමහරු මෙහෙම කියන්න ඉඩ තිබෙනවා: ‘මිනිසා-සෑදූ දේට වඩා ස්වභාවධර්මයාගේ කර්මාන්තයන් වෙනස්.’ කෙසේවුවත්, එම විරුද්ධත්වයට හැම විද්‍යාඥයෙක්ම එකඟ වෙන්නේ නැහැ.
“ජීව රසායන පද්ධතීන් අප්‍රාණික වස්තු නොවන” බව ඒත්තුගැනීමෙන් පසුව, අ.එ.ජ., පෙන්සිල්වේනියාහි ලීහයි විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන මයිකල් බීහි මෙහෙම අහනවා: “ජීවමාන ජීව රසායන පද්ධතීන් බුද්ධිමත් ආකාරයකින් නිර්මාණය කළ හැකිද?” විද්‍යාඥයන් දැන්, ජාන ඉන්ජිනේරු විද්‍යාව වැනි ක්‍රම මගින් ජීවීන් තුළ මූලික වෙනස්කම් නිර්මාණය කරමින් සිටින බව ඔහු තවදුරටත් පෙන්නුම් කරනවා. ඔව්, අප්‍රාණික හා සප්‍රාණික දේවල් සියල්ලම “ගොඩනැඟිය හැකියි”! ඉතා සියුම් වූ ජීවමාන සෛල ලෝකය පරීක්ෂා කර බැලූ බීහි නිරීක්ෂණය කළේ, ක්‍රියාත්මක වීමට එකිනෙකා මත රඳා සිටින අංගවලින් සෑදුණු පුදුමාකාර ලෙස සංකීර්ණ වූ පද්ධතීන් ඇති බවයි. ඔහුගේ නිගමනය? “සෛලය පරීක්ෂා කර බැලීමට, එනම් අණුක මට්ටමෙන් ජීවය පරීක්ෂා කර බැලීමට වූ මෙම සාමූහික වෑයමේ ප්‍රතිඵලය, ‘නිර්මාණයක්’ සිදු වූ බවට පැහැදිලි, කාවදිනසුලු හඬ ගා කීමක්” බවයි.
එසේනම්, මේ සියලු සංකීර්ණ පද්ධතීන් පිටුපස සිටින නිර්මාතෘ කවුද?
නිර්මාතෘ කවුද?
උත්තරය තිබෙන්නේ කලින් උපුටා දැක්වූ ඉපැරණි ප්‍රඥාවේ පොත වන බයිබලයෙහියි. බයිබලය එහි ආරම්භක වචනවලින්, සියලු දේවල් නිර්මාණය කළේ කවුද යන ප්‍රශ්නයට ඉතා සරලව හා පැහැදිලිව මෙසේ උත්තර දෙනවා: ‘පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.’—උත්පත්ති 1:1.
කොහොමවුණත්, දෙවිවරුන්යයි කියා සිටින අයගෙන් තමන්ව වෙන් කර හඳුන්වමින්, මැවුම්කරු අද්විතීය නාමයකින් තමාවම මෙසේ හඳුන්වා දෙනවා: ‘ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්ම දෙන්නාවූද [සැබෑ, NW] දෙවි වූ යෙහෝවා මෙසේ කියන්නේය.’ (යෙසායා 42:5, 8) විශ්වයත්, පොළොව මත පුරුෂයන් හා ස්ත්‍රීන්වත් නිර්මාණය කළ දෙවිගේ නම යෙහෝවායි. නමුත් යෙහෝවා කියන්නේ කවුද? ඔහු කුමනාකාරයේ දෙවිකෙනෙක්ද? එමෙන්ම ඔබ ඔහුට සවන් දිය යුත්තේ ඇයි?
ඔහුගේ නමේ වැදගත්කම
සියල්ලකට ප්‍රථමයෙන්, යෙහෝවා නමැති මැවුම්කරුගේ නමේ අර්ථය කුමක්ද? දිව්‍ය නම ලියා තිබෙන්නේ හෙබ්‍රෙව් අකුරු හතරකින් (יהוה) වන අතර, බයිබලයේ හෙබ්‍රෙව්වලින් ලියැවුණු කොටසෙහි එය 7,000 වාරයකට ආසන්නව දකින්න තිබෙනවා. හෙබ්‍රෙව් ක්‍රියා පදය වන හා·වාහ්ʹ (“සලස්වනවා”) යන ප්‍රයෝජ්‍ය ක්‍රියා පදයක ස්වරූපය දරන අතර, “ඔහු යමක් බවට පත් වෙනවා සහ ඔහු සිදු වන්න සලස්වනවා” යන්න ඉන් අදහස් වෙනවා. වෙනත් වචනවලින් පවසනවා නම්, යෙහෝවා තම අරමුණු ඉටු කරගැනීම සඳහා තමා පත් විය යුතු කුමන තත්වයකට හෝ පත්වීමට තමාව ඥානවන්තව සලස්වනවා. ඔහු තම පොරොන්දු ඉටු කිරීම සඳහා මැවුම්කරු, විනිශ්චයකරු, ගැළවුම්කරු සහ ජීවිතාරක්ෂකයා යනාදීන් බවට පත් වෙනවා. ඊට අමතරව, හෙබ්‍රෙව් ක්‍රියා පදය, ඉටු වෙමින් පවතින ක්‍රියාවක් දක්වන ස්වරූපයක් ගන්නවා. යෙහෝවා තවමත් තම අරමුණු ඉටු කරන්නා බවට තමාවම පත් කරමින් සිටින බව මෙයින් ඇඟවෙනවා. ඔව්, ඔහු ජීවමාන දෙවිකෙනෙක්!
යෙහෝවාගේ ප්‍රබල ගුණාංග
මැවුම්කරු මෙන්ම තම පොරොන්දු ඉටු කරන මෙම තැනැත්තා ඉතා සිත්ගන්නා පුද්ගලයෙක් බව බයිබලය පෙන්නුම් කරනවා. යෙහෝවාම තම විශිෂ්ට ගුණාංග හෙළි කරමින් මෙසේ පැවසුවා: ‘යෙහෝවාය, යෙහෝවාය, ඔහු අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව [ප්‍රේමනීය-කරුණාව, NW] සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව [ප්‍රේමනීය-කරුණාව, NW] පවත්වන්නේය, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය.’ (නික්මයාම 34:6, 7) යෙහෝවා ප්‍රේමනීය-කරුණාවේ දෙවිකෙනෙක් හැටියට දක්වා තිබෙනවා. මෙහි යොදා ඇති හෙබ්‍රෙව් වචනය “පක්ෂපාත ප්‍රේමය” කියාත් පරිවර්තනය කළ හැකියි. යෙහෝවා තම සදාතන අරමුණ ඉටු කිරීමේදී පක්ෂපාතව දිගටම තම මැවිලිවලට ප්‍රේම කරනවා. ඔබ එවන් ප්‍රේමයක් අගය කරන්නේ නැද්ද?
යෙහෝවා කෝප වෙන්න ප්‍රමාද වන අතර අපේ වැරදිවලට සමාව දෙන්න ඉක්මන් වන තැනැත්තෙක්. වැරදි නොසොයන නමුත් අපට සමාව දීමට කැමැත්තෙන් සිටින එවැනි පුද්ගලයෙකුට සමීපව සිටීම හද උණුසුම් කරවන්නක්. ඒත් යෙහෝවා වැරදි නොසලකා හරින බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “[යෙහෝවා] වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි.” (යෙසායා 61:8) තම දුෂ්ටකමෙහි නොකඩවා යෙදෙන මුරණ්ඩු පව්කාරයන් කෙරෙහි යුක්තිසහගත දෙවිකෙනෙකු වශයෙන් ඔහු සදහටම ඉවසා නොසිටිනු ඇත. මෙසේ, යෙහෝවා තම නියමිත කාලයේදී අප අවට ලෝකයෙහි අයුක්තීන් නිවැරදි කරයි කියා අපට සහතික විය හැකියි.
ප්‍රේමයේ හා යුක්තියේ ගුණාංග අතර පරිපූර්ණ සමබරතාවක් පවත්වාගැනීමට ප්‍රඥාව අවශ්‍යයි. යෙහෝවා අප සමඟ කටයුතු කරද්දී මේ ගුණාංග දෙක පුදුම ආකාරයකින් සමබර කරනවා. (රෝම 11:33-36) ඇත්තෙන්ම, ඔහුගේ ප්‍රඥාව සෑම තැනකම දැකගත හැකියි. ස්වභාවධර්මයේ පුදුමයන් ඊට සාක්ෂියක්.—ගීතාවලිය 104:24; හිතෝපදේශ 3:19.
කෙසේවෙතත්, ප්‍රඥාව තිබිලා විතරක් මදි. මැවුම්කරුට තම මනසට නැඟෙන දේ සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා පූර්ණ බලයත් තිබිය යුතුයි. ඔහු එවැනි දෙවිකෙනෙකු බව බයිබලය මෙසේ පෙන්නුම් කරනවා: ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැව්වෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය. ඔහුගේ බලයේ මහත්කම නිසා . . . එකක්වත් නෑවිත් නොතිබේ.’ (යෙසායා 40:26) ඇත්තෙන්ම, තම කැමැත්ත ඉටු කිරීමට යෙහෝවාට ‘මහත් බලයක්’ තිබෙනවා. එවැනි ගුණාංග ඔබව යෙහෝවා වෙත ඇදගනු ලබන්නේ නැද්ද?
යෙහෝවාව දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
යෙහෝවා ‘පොළොව හිස්කමට නොමැවූ’ නමුත් තමා සමඟ අර්ථවත් සබඳතාවක් පවත්වන මනුෂ්‍යයන්ට “වාසය පිණිස එය සෑදුවා.” (යෙසායා 45:18; උත්පත්ති 1:28) ඔහු තම භූමික මැවිලි ගැන සැලකිලිමත් වෙනවා. ඔහු මනුෂ්‍යවර්ගයාට උයනක් බඳු නිවසක් වන පාරාදීසයක පරිපූර්ණ ආරම්භයක් දුන්නා. මනුෂ්‍යවර්ගයා කරමින් සිටින්නේ යෙහෝවාව බෙහෙවින් අප්‍රසාදයට පත් කොට එය විනාශ කරන එකයි. ඒත්, යෙහෝවා තම නමේ අර්ථය සැබෑ කරවමින්, මනුෂ්‍යවර්ගයා හා පොළොව සඳහා තම මුල් අරමුණ ඉටු කරනු ඇත. (ගීතාවලිය 115:16; එළිදරව් 11:18) ඔහුගේ දරුවන් හැටියට ඔහුට කීකරු වීමට කැමති අය සඳහා ඔහු පොළොව මත යළි පාරාදීසයක් පිහිටුවනු ඇත.—හිතෝපදේශ 8:17; මතෙව් 5:5.
ඒ පාරාදීසයෙහි ඔබට භුක්ති විඳිය හැක්කේ කෙබඳු ජීවිතයක්ද යන්න ගැන බයිබලයේ අන්තිම පොතේ මෙසේ විස්තර කරනවා: ‘ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:3, 4) ඔබ භුක්ති විඳිනවාට යෙහෝවා කැමති සැබෑ ජීවිතය එයයි. යෙහෝවා මොනතරම් ත්‍යාගශීලී දෙවිකෙනෙක්ද! ඔහු ගැනත්, පාරාදීසයෙහි ජීවත් වීමට ඔබෙන් අවශ්‍ය කරන්නේ මොනවාද යන්න ගැනත් වැඩි යමක් ඉගෙනගැනීමට ඔබ කැමතිද?
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW යනු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි (ඉංග්‍රීසියෙන්).