පහළොස්වන පරිච්ඡේදය
එදිරිවාදී රජුන් 20වන සියවසට පා තබයි
1. ඉතිහාසඥයෙක්, දහනවවන සියවසේ ප්‍රමුඛයන් ලෙස හඳුන්වා දෙන්නේ කාවද?
“පෙර දැන සිටි සෑම දෙයක්ම අබිබවා යන ප්‍රබල බලවේගයක් දහනවවන සියවසේ යුරෝපයේ තිබෙනවා” කියා ඉතිහාසඥ නෝමන් ඩේවීස් ලියනවා. ඔහු තවදුරටත් මෙසේ ලියනවා: “තාක්ෂණික බලය, ආර්ථික බලය, සංස්කෘතික බලය, අන්තර් මහාද්වීපික බලය වැනි බලයන් හේතුවෙන් පෙර නොවූ විරූ ආකාරයට යුරෝපය දෙදරුම් කෑවා.” “මුලින්ම මහා බ්‍රිතාන්‍යය සහ . . . පසු දශකවල ජර්මනිය යුරෝපයේ විජයග්‍රාහී ‘බල සියවසේ’” ප්‍රමුඛයන් කියා ඩේවීස් හඳුන්වා දෙනවා.
“නපුර කිරීමට යෙදී”
2. දහනවවන සියවස අවසානයකට ළඟා වෙනවාත් සමඟම, ‘උතුරු දිශාවේ රජගේ’ සහ ‘දකුණු දිශාවේ රජුගේ’ කාර්යභාරය ඉටු කළේ කවුද?
2 දහනවවන සියවස අවසානයකට ළඟා වෙනවාත් සමඟම, ජර්මානු අධිරාජ්‍යය ‘උතුරු දිශාවේ රජගේ’ තත්වයත්, බ්‍රිතාන්‍යය ‘දකුණු දිශාවේ රජුගේ’ තත්වයත් ලබාගෙන සිටියා. (දානියෙල් 11:14, 15) යෙහෝවාගේ දූතයා “ඒ රජුන් දෙදෙනා” ගැන කිව්වේ, “[ඔවුන්ගේ] සිත් [හෘද, NW] වනාහි නපුර කිරීමට යෙදී, එක මේසයේ හිඳගෙන ඔව්හු බොරු කියන්නෝය” කියායි. ඔහු තවදුරටත් මෙසේ කිව්වා: “නුමුත් ඉෂ්ටවෙන්නේ නැත; මක්නිසාද නියම [කරන ලද, NW] කාලය දක්වා තීන්දුව තව ප්‍රමාද වන්නේය.”—දානියෙල් 11:27.
3, 4. (අ) ජර්මානු රයික්හි මුල් අධිරාජ්‍යයා බවට පත් වූයේ කවුද? එමෙන්ම, පිහිටෙව්වේ කිනම් හවුලද? (ආ) කයිසර් විල්හෙල්ම් අනුගමනය කළේ කිනම් ප්‍රතිපත්තියද?
3 වර්ෂ 1871 ජනවාරි 18වනදා, Iවන විල්හෙල්ම් ජර්මානු රයික් නොහොත් අධිරාජ්‍යයේ පළමු අධිරාජ්‍යයා බවට පත් වුණා. එහි චාන්සලර්වරයා හැටියට ඔහු ඔටෝ ෆොන් බිස්මාක්ව පත් කළා. අලුත් අධිරාජ්‍යයක් ගොඩනැඟීමේ අරමුණෙන්, බිස්මාක් අනිත් ජාතීන් සමඟ ගැටුම් ඇතිවීම වළක්වාගත් අතර, ඔස්ට්‍රියානු-හන්ගේරියාව සහ ඉතාලිය සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. එය ත්‍රෛපාක්ෂික ගිවිසුම හෙවත් මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල ලෙස හැඳින්වුවා. එහෙත්, උතුරු දිශාවේ මේ අලුත් රජගේ අරමුණු, වැඩි කල් යන්න මත්තෙන් දකුණු දිශාවේ රජුගේ අරමුණු හා ගැටුණා.
4 වර්ෂ 1888දී, Iවන විල්හෙල්ම් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ IIIවන ෆෙඩ්‍රික් මියගියා. විසිනව හැවිරිදි IIවන විල්හෙල්ම් සිහසුනට ඔසවනු ලැබුවේ ඉන් පසුවයි. දෙවන විල්හෙල්ම් නැතහොත් කයිසර් විල්හෙල්ම්, බිස්මාක්ට ඉල්ලා අස්වීමට බල කළ අතර, ලෝකය පුරා ජර්මානු අණසක ව්‍යාප්ත කිරීම පදනම් කරගත් ප්‍රතිපත්තියක් මෙහෙයෙව්වා. එක් ඉතිහාසඥයෙක් මෙසේ කියනවා: “[ජර්මනිය] II වන විල්හෙල්ම් යටතේ, උඩඟු සහ සටන්කාමී ආකල්පයක් ආරූඪ කරගත්තා.”
5. රජුන් දෙදෙනා ‘එක මේසයේ හිඳගත්තේ’ කෙසේද? එමෙන්ම, ඔවුන් එහිදී කතා කළේ මොනවාද?
5 රුසියාවේ IIවන නිකලස් සාර්, 1898 අගෝස්තු 24වනදා, නෙදර්ලන්තයේ හේග්හි පැවැත්වූ සාම සම්මේලනයට කැඳවූ විට, එය ජාත්‍යන්තර අසහනකාරි ස්වභාවයක් ගත්තා. මේ සම්මේලනයත්, ඊට පසුව 1907දී පැවැත්වූ එකත් එක් වී, හේග්හි ස්ථිර බේරුම් කිරීමේ අධිකරණය පිහිටෙව්වා. මෙම අධිකරණයේ සාමාජිකයන් වීම මගින්, ජර්මානු අධිරාජ්‍යයත් මහා බ්‍රිතාන්‍යයත්, ඔවුනොවුන් අතර සමාදාන වීමට කැමති බවක් මවා පෑවා. ඔවුන් “එක මේසයේ හිඳගෙන” මිත්‍රශීලීභාවයක් පෙන්නුවද, ‘ඔවුන්ගේ හෘද නපුර කිරීමට යොමුව’ තිබුණා. ‘එක මේසයේ හිඳගෙන බොරු කීමේ’ කපටි උපක්‍රමයට සැබෑ සාමය ගෙනෙන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ දේශපාලනික, වාණිජමය සහ හමුදාමය අභිලාෂයන් කිසිවක් ‘ඉෂ්ට වෙන්නේ නැහැ.’ මන්ද, මේ රජුන් දෙදෙනාගේ අවසානය, යෙහෝවා දෙවි විසින් ‘නියම කරන ලද කාලය’ දක්වා ‘තව ප්‍රමාද වන’ නිසායි.
“ශුද්ධ ගිවිසුමට විරුද්ධව”
6, 7. (අ) උතුරු දිශාවේ රජ “තමාගේ දේශයට හැරී” ගියේ කිනම් ආකාරයෙන්ද? (ආ) උතුරු දිශාවේ රජගේ පුළුල් වෙමින් පැවති බලපෑමට දකුණු දිශාවේ රජු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
6 දෙවිගේ දූතයා තවදුරටත් මෙසේ කිව්වා: “එකල ඔහු [උතුරු දිශාවේ රජ] බොහෝ සම්පත් ඇතුව තමාගේ දේශයට හැරීයනවා ඇත; ඔහු තමාගේ සිත ශුද්ධ ගිවිසුමට විරුද්ධව තබා, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට [ඵලදායී ලෙස ක්‍රියා කරමින්, NW], තමාගේ දේශයට හැරීයන්නේය.”—දානියෙල් 11:28.
7 කයිසර් විල්හෙල්ම්, “දේශයට,” එනම් උතුරු දිශාවේ පුරාණ රජුගේ භූමික තත්වයට නැවත හැරී ගියා. ඒ කෙසේද? ජර්මානු අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම සඳහා අධිරාජ්‍යමය පාලන ක්‍රමයක් ගොඩනැඟීමෙන් සහ එහි බලපෑම තර කිරීමෙනුයි. දෙවන විල්හෙල්ම් අප්‍රිකාවේ සහ වෙනත් ප්‍රදේශවල යටත් විජිත බිහි කරන්න සෙව්වා. බ්‍රිතාන්‍යය සතු මුහුදු ආධිපත්‍යයට අභියෝග කිරීම සඳහා, ඔහු බලවත් නාවික හමුදාවක් සංවිධානය කරන්න පටන්ගත්තා. නව බ්‍රිටැනිකා විශ්වකෝෂය කියන්නේ, “පහත් තත්වයේ තිබූ ජර්මානු නාවික බලය බ්‍රිතාන්‍යයට පමණක් දෙවනි වන තත්වයට පත්වීමට ගත වූයේ, දශකයකට වඩා ටිකක් වැඩි කාලයක්” බවයි. තම නාවික ආධිපත්‍යය පවත්වාගැනීම සඳහා තමන්ගේ නාවික වැඩසටහන පුළුල් කරන්න ඇත්තෙන්ම බ්‍රිතාන්‍යයට සිදු වුණා. එමෙන්ම, බ්‍රිතාන්‍යය ප්‍රංශය සමඟ ඔන්ටොන්ට් කෝර්ඩියාල් (මිත්‍ර ගිවිසුම) පිහිටුවාගත් අතර, ඒ හා සමාන කොන්දේසියක් රුසියාව සමඟද ඇති කරගත් අතර, මෙසේ ත්‍රෛපාක්ෂික මිත්‍ර සන්ධානය පිහිටුවාගත්තා. මේ ආකාරයට, යුරෝපය හමුදා කඳවුරු දෙකකට බෙදුණා. එනම්, එක පැත්තකින් මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල සහ අනික් පැත්තෙන් ත්‍රෛපාක්ෂික මිත්‍ර සන්ධානය.
8. ජර්මානු අධිරාජ්‍යය “බොහෝ සම්පත්” අත් කරගත්තේ කෙසේද?
8 ජර්මානු අධිරාජ්‍යය ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ප්‍රතිඵලයක් හැටියට, ජර්මනිය “බොහෝ සම්පත්” අත් කරගත්තේ, එය මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුලේ ප්‍රධාන කොටස වූ නිසායි. ඔස්ට්‍රියානු-හන්ගේරියාව සහ ඉතාලිය රෝමානු කතෝලික වූ නිසා, මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුලට පාප්ගේ අනුග්‍රහය ලැබුණා. දකුණු දිශාවේ රජ ප්‍රමුඛ ත්‍රෛපාක්ෂික මිත්‍ර සන්ධානයට එම අනුග්‍රහය නැති වූයේ එය, වැඩි වශයෙන් කතෝලික නොවූ නිසායි.
9. උතුරු දිශාවේ රජ තම හෘදය “ශුද්ධ ගිවිසුමට විරුද්ධව” තබාගත්තේ කෙසේද?
9 යෙහෝවාගේ සෙනඟ ගැන කිව හැක්කේ කුමක්ද? “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” 1914දී අවසන් වන බව බොහෝ කලකට පෙර ඔවුන් ප්‍රකාශ කර තිබුණා.a (ලූක් 21:24) එම අවුරුද්දේදී, දාවිත් රජුගේ උරුමක්කාරයා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තයෙහි පවතින දෙවිගේ රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටෙව්වා. (2 සාමුවෙල් 7:12-16; ලූක් 22:28, 29) වර්ෂ 1880 මාර්තු තරම් ඈත අතීතයේදී, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාව දෙවිගේ රාජ්‍ය පාලනය “ජාතීන්ගේ නියම කරන ලද කාලවල [NW]” හෝ ‘අන්‍යජාතීන්ගේ කාලවල’ අවසානයට සම්බන්ධ කළා. එහෙත්, උතුරු දිශාවේ ජර්මානු රජුගේ හෘදය “ශුද්ධ ගිවිසුමට විරුද්ධව” තිබුණා. කයිසර් විල්හෙල්ම් දෙවිගේ රාජ්‍ය පාලනය පිළිගන්නවා වෙනුවට, ලෝක ආධිපත්‍යය සඳහා තමාගේ උපායන් ඉටු කරගැනීම මගින් “ඵලදායී ලෙස ක්‍රියා” කළා. කෙසේවෙතත්, එසේ කිරීමෙන්, ඔහු Iවන ලෝක සංග්‍රාමය සඳහා බීජ වැපුරුවා.
රජු යුද්ධයේදී ‘කලකිරේ’
10, 11. පළමුවන ලෝක සංග්‍රාමය ඇරඹුණේ කෙසේද? එමෙන්ම, එය ‘නියම කරන ලද කාලයේදී’ සිදු වූ බව පැවසිය හැක්කේ කෙසේද?
10 දේවදූතයා මෙසේ පුරෝකථනය කළා: “නියම [කරන ලද, NW] කාලයේදී ඔහු [උතුරු දිශාවේ රජ] නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.” (දානියෙල් 11:29) පොළොව මත අන්‍යජාතීන්ගේ ආධිපත්‍යය අවසන් කිරීමට දෙවිගේ ‘නියම කරන ලද කාලය,’ වර්ෂ 1914දී ඔහු ස්වර්ගීය රාජ්‍යය පිහිටුවීමත් සමඟ ඇරඹුණා. එම වර්ෂයේ ජූනි 28වනදා, බොස්නියාවේ, සරයේවොහිදී, ස’බියානු ත්‍රස්තවාදියෙක් ඔස්ට්‍රියානු ආදිපාදවරයා වූ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ්ව සහ ඔහුගේ බිරිඳව ඝාතනය කළා. පළමුවන ලෝක සංග්‍රාමයේ ගිනි ඇවිළවූ ගිනි පුපුර වූයේ එයයි.
11 ස’බියාවෙන් පළිගන්න කියා ඔස්ට්‍රියානු-හන්ගේරියාවෙන් කයිසර් විල්හෙල්ම් උදක්ම ඉල්ලා සිටියා. ජර්මානු උපකාරයේ සහතිකය ඇතුව, ඔස්ට්‍රියානු-හන්ගේරියාව 1914 ජූලි 28වනදා, ස’බියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. රුසියාව ස’බියාවේ සහයට පැමිණියා. ජර්මනිය රුසියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කළ විට, (ත්‍රෛපාක්ෂික මිත්‍ර සන්ධානයේ සාමාජිකයෙකු වූ) ප්‍රංශය රුසියාවට සහයෝගය දුන්නා. එවිට ජර්මනිය ප්‍රංශයට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. ප්‍රංශය පහසුවෙන්ම ආක්‍රමණය කිරීම සඳහා, ජර්මනිය බෙල්ජියම යටත් කරගත්තා. බෙල්ජියමේ මධ්‍යස්ථභාවය රැකීමට බ්‍රිතාන්‍යය පොරොන්දු වී සිටි නිසා, බ්‍රිතාන්‍යය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. වෙනත් ජාතීන්ද මීට පැටලුණු අතර, ඉතාලිය තම පැති මාරු කළා. ඊජිප්තුව යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබන ජාතියක් බවට පත් කරගත්තා. එසේ කළේ, උතුරු දිශාවේ රජ සූවස් ඇළ හරහා ගොස් දකුණු දිශාවේ රජුගේ ඉපැරණි දේශය වූ මිසරය ආක්‍රමණය කිරීම වැළැක්වීමටයි.
12. පළමුවන ලෝක සංග්‍රාමයේදී, ‘අන්තිම ගමන පළමුවන ගමන මෙන් නොවූයේ’ කිනම් ආකාරයෙන්ද?
12 “මිත්‍ර පාක්ෂික හමුදාවන්ගේ ප්‍රමාණය සහ ශක්තිය කොතරම් ප්‍රබලව තිබුණත්, ජර්මනිය යුද්ධය ජයගන්න තත්වයට පැමිණ තිබුණා” කියා ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) කියා සිටිනවා. රජුන් දෙදෙනා අතර, කලින් පැවති අරගලවලදී, උතුරු දිශාවේ රජ වූ රෝමය නිරතුරුවම ජයගෙන තිබුණා. එහෙත්, මේ අවස්ථාවේදී, ‘අන්තිම ගමන පළමුවන ගමන මෙන් වූයේ නැහැ.’ උතුරු දිශාවේ රජ යුද්ධයෙන් පරාජය වුණා. මීට හේතුව දක්වමින්, දේවදූතයා මෙසේ කිව්වා: “මක්නිසාද කිත්තීම් නැව් ඔහුට විරුද්ධව එන්නේය; ඔහුද [කලකිරෙන්නේය].” (දානියෙල් 11:30අ) ‘කිත්තීම්හි නැව්’ මොනවාද?
13, 14. (අ) උතුරු දිශාවේ රජට විරුද්ධව නැංගුරම්ලා සිටි, ‘කිත්තීම්හි නැව්වලට’ හිමි කාර්යභාරය දැරුවේ කවුද? (ආ) පළමු ලෝක සංග්‍රාමය දිගටම ඇදී යෑමත් සමඟම කිත්තීම්හි නැව් තව තවත් වැඩි වූයේ කෙසේද?
13 දානියෙල්ගේ කාලයේදී, කිත්තීම් වූයේ සයිප්‍රසයයි. පළමු ලෝක සංග්‍රාමය මුලදී, බ්‍රිතාන්‍යය සයිප්‍රසය තම ආධිපත්‍යය යටතට ගත්තා. ඊටත් වඩා, සොන්ඩවන් පින්තූරමය බයිබල් විශ්වකෝෂය පවසන පරිදි, කිත්තීම් යන නාමය “සාමාන්‍යයෙන් බ[ටහිර] දෙසට, වි[ශේෂයෙන්ම] නාවික බ[ටහිරට] යොමු දක්වනවා.” නව ජාත්‍යන්තර අනුවාදය (ඉංග්‍රීසියෙන්) ‘කිත්තීම්හි නැව්’ යන වාක්‍යඛණ්ඩය “බටහිර වෙරළබඩ තීරයේ නැව්” ලෙස දක්වා තිබෙනවා. පළමුවන ලෝක සංග්‍රාමය අවදියේදී, කිත්තීම්හි නැව්, යුරෝපයේ බටහිර වෙරළබඩ තීරයේ රඳවා තිබූ, ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය නැව් බව ප්‍රත්‍යක්ෂ වුණා.
14 යුද්ධය ක්‍රමානුකූලව ඉදිරියට ඇදෙද්දී, බ්‍රිතාන්‍යය නාවික හමුදාව තව තවත් කිත්තීම්හි නැව්වලින් ශක්තිමත් වෙන්න පටන්ගත්තා. වර්ෂ 1915 මැයි 7වනදා U-20 නමැති ජර්මානු සබ්මැරීනය අයර්ලන්තයේ දකුණු දියඹේ නවතා තිබූ ලූසිටේනියා නමැති මඟී නෞකාව මුහුදුබත් කළා. මියගියවුන් අතර, අමෙරිකානුවන් 128දෙනෙක් සිටියා. පසුව, ජර්මනිය යුධ කටයුතු සඳහා අත්ලන්තික් සාගරයට සබ්මැරීන දියත් කළා. ප්‍රතිඵලයක් හැටියට, 1917 අප්‍රියෙල් 6වනදා, එ.ජ. ජනාධිපති වුඩ්‍රෝ විල්සන් ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී එංගලන්ත-අමෙරිකානු ලෝක බලය ලෙස පෙනී සිටි දකුණු දිශාවේ රජු, එ.ජ. යුධ නෞකා සහ බලඇණි සමඟින් සන්නද්ධ වී එදිරිවාදී රජට එරෙහිව සම්පූර්ණයෙන්ම යුධ වැදුණා.
15. උතුරු දිශාවේ රජ ‘කලකිරුණේ’ කිනම් අවස්ථාවේදීද?
15 එංගලන්ත-අමෙරිකානු ලෝක බලයේ දැඩි පහර දීම හමුවේ, උතුරු දිශාවේ රජ “කලකිරී,” 1918 නොවැම්බර් මාසයේදී, අකමැත්තෙන් පරාජය පිළිගත්තා. දෙවන විල්හෙල්ම්ව නෙදර්ලන්තයට පිටුවහල් කළ අතර, ජර්මනිය ජනරජයක් බවට පත් වුණා. එහෙත්, උතුරු දිශාවේ රජගේ කටයුතු ඒ වන විටත් අවසන් වී තිබුණේ නැහැ.
රජු “ඵලදායී ලෙස” ක්‍රියා කරයි
16. පුරෝකථනය කළ ආකාරයට, උතුරු දිශාවේ රජ තම පරාජය හමුවේ ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද?
16 “ඔහු [උතුරු දිශාවේ රජ] . . . හැරී ගොස්, ශුද්ධ ගිවිසුමට විරුද්ධව කෝපවී, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට [ඵලදායී ලෙස ක්‍රියා කරමින්, NW], ශුද්ධ ගිවිසුම අත්හරින්නන් නැවත සලකනවා ඇත.” (දානියෙල් 11:30ආ) දේවදූතයා පුරෝකථනය කළ ආකාරයටම එය සිදු වුණා.
17. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැඟීමට මඟ පෑදුවේ කුමක්ද?
17 වර්ෂ 1918දී යුද්ධය අවසන් වූ පසු, ජයග්‍රාහී මිත්‍ර පාක්ෂිකයෝ ජර්මනියට දණ්ඩනීය සාම ගිවිසුමක් පැනෙව්වා. ගිවිසුමේ කොන්දේසි ඉටු කිරීම දුෂ්කර බව ජර්මානු ජනතාවට දැනුණු අතර, ආරම්භයේ සිටම නව ජනරජය තිබුණේ දුර්වල තත්වයකයි. ජර්මනිය අධික පීඩිතභාවයෙන් අවුරුදු කිහිපයක්ම වැනි වැනී ගමන් කළ අතර, ප්‍රතිඵලයක් හැටියට, දශලක්ෂ හයක් විරැකියාවට පත් කරමින්, මහා ආර්ථික පරිහානියට මුහුණ දුන්නා. එක්සත් ජනපදයේ ව්‍යාපාර වස්තුවල වටිනාකම ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟම, 1929 ඔක්තෝබර් මාසයේදී මහා ආර්ථික පරිහානිය ආරම්භ වුණා. ලෝකයේ කාර්මිකකරණය වූ ආර්ථිකයන් ඇති සියලුම රටවලට එය බලපෑ අතර, අවුරුදු කිහිපයක් පුරා දිගටම පැවතුණා. එක්දහස් නවසිය තිස්ගණන්වල මුල් භාගය වන විට, ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැඟීමට සුදුසු පසුබිමක් සකස් වෙමින් පැවතුණා. වර්ෂ 1933 ජනවාරි මාසයේදී, ඔහු චාන්සලර්වරයා බවට පත් වූ අතර, ඊළඟ අවුරුද්දේදී, නාට්සිවරුන් තුන්වන රයික් ලෙස හැඳින්වූ ආණ්ඩුවේ ජනාධිපති ධුරය ආරූඪ කරගත්තා.b
18. හිට්ලර් “ඵලදායී ලෙස” ක්‍රියා කළේ කෙසේද?
18 හිට්ලර් බලයට පැමිණි වහාම, යේසුස් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ගෙන් නියෝජනය කළ “ශුද්ධ ගිවිසුමට” විරුද්ධව විෂකුරු ප්‍රහාරයක් දියත් කළා. (මතෙව් 25:40) මෙසේ කිරීමෙන්, මේ පක්ෂපාත ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙකුට විරුද්ධව කෲර පීඩා ගෙනෙමින් ඔහු “ඵලදායී ලෙස” ක්‍රියා කළා. ආර්ථික මෙන්ම දේශපාලනික ජයග්‍රහණයන්ද අද්දකිමින්, හිට්ලර් ඒ ඒ ක්ෂේත්‍රවලද “ඵලදායී ලෙස” ක්‍රියා කළා. හිට්ලර් අවුරුදු කිහිපයකින්, ජර්මනිය ලෝක දසුනේ සැලකිය හැකි අන්දමේ බලයක් බවට පත් කළා.
19. සහය පතමින් හිට්ලර් මිත්‍ර වූයේ කා සමඟද?
19 ‘ශුද්ධ ගිවිසුම අත්හරින්නන්ට [හිට්ලර්] නැවත සැලකුවා.’ මොවුන් කවුරුන් වූවාද? සාක්ෂිවලට අනුව, ඔවුන්, දෙවි සමඟ ගිවිසුම් සබඳතාවක් තිබෙනවායයි කියාගත් නමුත්, යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමෙන් ඈත් වූ ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්ය. හිට්ලර් තමන්ගේ වාසියට “ශුද්ධ ගිවිසුම [අත්හරින්නන්ව]” පාවිච්චි කළා. උදාහරණයක් හැටියට, රෝමයේ පාප් සමඟ ඔහු සම්මුතියකට එළඹුණා. වර්ෂ 1935දී, හිට්ලර් පල්ලි කටයුතු සඳහා අමාත්‍යාංශයක් පිහිටෙව්වා. එවැන්ජලිස්ත පල්ලි රාජ්‍ය පරිපාලනය යටතට ගෙන ඒම ඔහුගේ එක් ඉලක්කයක් වුණා.
රජු විසින් නැඟුටුවන “සේනා”
20. උතුරු දිශාවේ රජ යොදාගත් “සේනා” මොනවාද? එමෙන්ම, කවරෙකුට විරුද්ධවද?
20 දේවදූතයා නිවැරදි ලෙස පුරෝකථනය කර තිබූ පරිදි, හිට්ලර් වැඩි කල් නොගොස් යුද්ධයට අවතීර්ණ වුණා: “ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහ [කරන්නෝය].” (දානියෙල් 11:31අ) “සේනා” වූයේ, IIවන ලෝක සංග්‍රාමයේදී, දකුණු දිශාවේ රජු සමඟ සටන් කිරීමට උතුරු දිශාවේ රජ යොදාගත් හමුදා බලයයි. වර්ෂ 1939 සැප්තැම්බර් 1වනදා, නාට්සි “සේනා” පෝලන්තය ආක්‍රමණය කළා. දවස් දෙකකට පසුව, පෝලන්තයට උපකාර කිරීම සඳහා, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. මෙසේ, IIවන ලෝක මහා යුද්ධය ඇරඹුණා. පෝලන්තය ඉක්මනින්ම බිඳ වැටුණා. ඒ සමඟම, ජර්මානු හමුදා ඩෙන්මාර්කය, නෝර්වේ, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ ප්‍රංශය අත් පත් කරගත්තා. ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය කියන්නේ, “1941 අවසන් වන විට, නාට්සි ජර්මනිය මහාද්වීපය පුරා අණසක පතුරා තිබුණා” කියායි.
21. දෙවන ලෝක සංග්‍රාමයේදී, සෑම දෙයක්ම උතුරු දිශාවේ රජුට එරෙහි වූයේ කෙසේද? එමෙන්ම ප්‍රතිඵලය කුමක් වීද?
21 ජර්මනිය එක්සත් සෝවියට් සංගමය සමඟ මිත්‍රත්වයේ, සහයෝගයේ සහ දේශ සීමා පිළියෙළ කිරීමේ ගිවිසුමකට අත්සන් තබා තිබුණත්, 1941 ජූනි 22වනදා, හිට්ලර් සෝවියට් බලප්‍රදේශ ආක්‍රමණය කරන්න පටන්ගත්තා. මේ ක්‍රියාව සෝවියට් සංගමය බ්‍රිතාන්‍යය හා එක් කළා. ජර්මානු හමුදාවන් මුලින් අත් කරගත් විස්මිත ජයග්‍රහණයන් හමුවේ පවා සෝවියට් හමුදා දැඩි විරෝධයක් පෑවා. වර්ෂ 1941 දෙසැම්බර් 6වනදා, මොස්කව්හිදී ජර්මානු හමුදා තියුණු පරාජයක් ඇද්දැක්කා. ඊළඟ දවසේදී, ජර්මානු පාක්ෂික ජපානය හවායිහි පිහිටි පර්ල් වරායට බෝම්බ දැමුවා. මෙය ආරංචි වූ හිට්ලර් ඔහුගේ සහයකයාට මෙසේ ප්‍රකාශ කළා: “දැන් අපිව යුද්ධයෙන් පරද්දන්න කාටවත් බැහැ.” දෙසැම්බර් 11වනදා, ඔහු අපරීක්ෂාකාරිව එක්සත් ජනපදයට විරුද්ධව යුධ ප්‍රකාශ කළේ, සෝවියට් සංගමයේත් අමෙරිකාවේත් යුධ ශක්තිය අවතක්සේරු කරමින්. සෝවියට් හමුදා නැඟෙනහිරින් පහර දෙද්දී, බ්‍රිතාන්‍යය සහ අමෙරිකානු හමුදා බටහිරින් කොටු කළ අතර, සෑම දෙයක්ම හිට්ලර්ට එරෙහි වෙන්න පටන්ගත්තා. ජර්මානු හමුදාවන්ට තමන්ගේ ප්‍රදේශ එකින් එක අහිමි වෙන්න පටන්ගත්තා. හිට්ලර් සියදිවි නසාගැනීමෙන් පසු, 1945 මැයි 7වනදා, ජර්මනිය මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වුණා.
22. උතුරු දිශාවේ රජ ‘ශුද්ධස්ථානය කෙලසා, දවස්පතා පූජාව පහ කළේ’ කෙසේද?
22 “සේනා [නාට්සි හමුදා] පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහ [කරන්නෝය]” කියා දේවදූතයා කිව්වා. පුරාණ යූදා දේශයේ පිහිටි ශුද්ධස්ථානය යෙරුසලම් දේවමාළිගාවේ කොටසක්. කෙසේවෙතත්, යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළ විට, යෙහෝවා ඔවුන්වත් ඔවුන්ගේ දේවමාළිගාවත් ප්‍රතික්ෂේප කළා. (මතෙව් 23:37–24:2) පොදු යුගයේ පළමු සියවසේ සිට, යෙහෝවාගේ දේවමාළිගාව ආත්මික එකක්ව පැවතුණා. එහි අතිශුද්ධස්ථානය ස්වර්ගයේද, උත්තම පූජක වන යේසුස්ගේ ආලේප ලත් සහෝදරයන් සේවය කරන ආත්මික දේවමාළිගා මළුවක් පොළොවේද තිබුණා. එක්දහස් නවසිය තිස්ගණන්වල සිට ඉදිරියට, “මහත් සමූහය” ආලේප ලත් ඉතිරි අය සමඟ හවුල් වෙමින් නමස්කාරයේ යෙදී සිටින අතර, ඒ නිසා, ‘දෙවිගේ මාළිගාවේ’ සේවය කරන බව කිව හැකියි. (එළිදරව් 7:9, 15; 11:1, 2; හෙබ්‍රෙව් 9:11, 12, 24) උතුරු දිශාවේ රජ, තමන් යටතේ ඇති දේශවල තිබෙන භූමික දේවමාළිගා මළුව කෙලසුවා. ඔහු එය කළේ, ආලේප ලත් ඉතිරි කොටසට සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට අනුකම්පා විරහිත ලෙස පීඩා කිරීමෙනුයි. පීඩාව කොපමණ දරුණු වූවාද කිවහොත්, යෙහෝවාගේ නාමයට ප්‍රශංසාව ගෙනෙන ප්‍රසිද්ධ පූජාව වන “දවස්පතා පූජාව පහ” කළා. (හෙබ්‍රෙව් 13:15) කෙසේවෙතත්, කුරිරු දුක් විඳීම් මධ්‍යයේ, ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන්, ‘වෙනත් බැටළුවන්’ සමඟ එකතු වී IIවන ලෝක සංග්‍රාමය පුරාම දේශනා කිරීමේ දිගටම යෙදී සිටියා.—යොහන් 10:16.
‘පිළිකුල පිහිටුවීම’
23. මුල් සියවසේ “පිළිකුල” කුමක් වීද?
23 දෙවන ලෝක මහා යුද්ධයේ අවසානය පෙනි පෙනී තිබියදී, දෙවිගේ දූතයා පුරෝකථනය කළ පරිදි තවත් යමක් වර්ධනය වෙන්න පටන්ගත්තා: ‘ඔවුන් පාළු කිරීම සිදු කරන පිළිකුල පිහිටුවනවා ඇත.’ (දානියෙල් 11:31ආ) යේසුස් පවා “පිළිකුල” ගැන කතා කර තිබුණා. මුල් සියවසේදී, එය යුදෙව් කැරැල්ල මර්දනය කිරීමට පො.යු. 66දී යෙරුසලමට පැමිණි රෝම හමුදාව බව ඔප්පු වුණා.c—මතෙව් 24:15; දානියෙල් 9:27.
24, 25. (අ) වත්මන් දින “පිළිකුල” කුමක්ද? (ආ) ‘පිළිකුල පිහිටුවනු’ ලැබුවේ කෙසේද? කවදාද?
24 වර්තමානයේ ‘පිහිටුවා’ ඇත්තේ කිනම් ‘පිළිකුලද?’ පෙනෙන විදිහට, එය දෙවිගේ රාජ්‍යය වෙනුවට විකල්ප ‘පිළිකුලක්.’ එය, IIවන ලෝක සංග්‍රාමය ඇරඹුණු විට, ලෝක-සාම සංවිධානයක් ලෙස ක්‍රියා විරහිත නොහොත් පාතාලගත වූ රතු පැහැති වන මෘගයා වූ ජාතීන්ගේ සංගමයයි. (එළිදරව් 17:8) කෙසේවෙතත්, මේ ‘වන මෘගයා’ “පාතාලයෙන් නැගී එන්ට” නියමිතව තිබුණා. කලින් පැවති එක්සත් සෝවියට් සංගමය ඇතුළු සාමාජික ජාතීන් 50ක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 ඔක්තෝබර් 24වනදා පිහිටුවීමත් සමඟ එය සිදු වුණා. මේ අනුව, දේවදූතයා විසින් පුරෝකථනය කරන ලද “පිළිකුල,” එනම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා.
25 ලෝක සංග්‍රාම දෙකේදී, ජර්මනිය දකුණු දිශාවේ රජුගේ ප්‍රධාන සතුරාව සිට උතුරු දිශාවේ රජගේ තනතුර හිමි කරගෙන කටයුතු කර තිබුණා. මීළඟට එම තනතුර අත් කරගන්න යන්නේ කවුද?
[පාදසටහන්වල]
a මේ පොතේ 6වන පරිච්ඡේදය බලන්න.
b පළමුවන රයික් වනාහි ශුද්ධ රෝමානු අධිරාජ්‍යය වූ අතර, දෙවැන්න ජර්මානු අධිරාජ්‍යය විය.
c මේ පොතේ 11වන පරිච්ඡේදය බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• දහනවවන සියවස අවසානයකට ළඟා වෙද්දී, ‘උතුරු දිශාවේ රජගේ’ සහ ‘දකුණු දිශාවේ රජුගේ’ කාර්යභාරය ඉටු කළේ කවුද?
• පළමුවන ලෝක සංග්‍රාමයේදී, ගැටුමේ ප්‍රතිඵලය ලෙස, උතුරු දිශාවේ රජගේ ‘අන්තිම ගමන පළමුවන ගමන මෙන් නොවූයේ’ මන්ද?
• පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව, හිට්ලර් ජර්මනිය ලෝක දසුනේ සැලකිය යුතු අන්දමේ බලයක් බවට පත් කළේ කෙසේද?
• දෙවන ලෝක සංග්‍රාමයේදී, උතුරු දිශාවේ සහ දකුණු දිශාවේ රජුන් අතර තිබූ එදිරිවාදිකමේ ප්‍රතිඵලය කුමක් වීද?
[268වන පිටුවේ වගුව⁄පින්තූර]
දානියෙල් 11:27-31 දක්වා සඳහන් රජවරුන්
උතුරු දිශාවේ දකුණු දිශාවේ
රජු රජ
දානියෙල් 11:27-30අ ජර්මානු අධිරාජ්‍යය බ්‍රිතාන්‍ය, පසුව
(Iවන ලෝක සංග්‍රාමය) එංගලන්ත-අමෙරිකානු
ලෝක බලය
දානියෙල් 11:30ආ, 31 හිට්ලර්ගේ තුන්වන රයික් එංගලන්ත-අමෙරිකානු
(IIවන ලෝක සංග්‍රාමය) ලෝක බලය
[පින්තූරය]
ජනාධිපති වුඩ්‍රෝ විල්සන් Vවන ජෝර්ජ් රජු සමඟ
[පින්තූරය]
ගාල් කඳවුරුවලදී බොහෝ ක්‍රිස්තියානීන්ට පීඩා කරනු ලැබුවා
[පින්තූරය]
ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය හිට්ලර්ට සහයෝගය දුන්නා
[පින්තූරය]
ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාව ඝාතනය කළ මොහොතේ ඔහු ගමන් ගත් රථය
[පින්තූරය]
Iවන ලෝක සංග්‍රාමයේ, ජර්මානු භටයන්
[257වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1945දී යෝල්ටහිදී, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, එ.ජ. ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් සහ සෝවියට් අගමැති ජෝසෆ් ස්ටාලින්, ජර්මනිය අල්ලාගන්න සැලසුම් කරන්නත්, පෝලන්තයේ නව ආණ්ඩුවක් පිහිටුවන්නත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන්න සම්මේලනයක් පවත්වන්නත් එකඟ වුණා
[258වන පිටුවේ පින්තූර]
1. ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා 2. ජර්මානු නාවික හමුදාව 3. බ්‍රිතාන්‍ය නාවික හමුදාව 4. ලූසිටේනියා 5. එ.ජ. යුධ ප්‍රකාශය
[263වන පිටුවේ පින්තූර]
යුධ සමයේ ජර්මානු පාක්ෂික ජපානය පර්ල් වරායට බෝම්බ හෙළූ විට ඇඩොල්ෆ් හිට්ලර් ජයග්‍රහණය ගැන නිසැක වුණා