ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 2 පාඩම 4 පි.
  • ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යෙහෝවඃ වහන්සේ ඔබ දන්නා හඳුනන කෙනෙක් ද නැතහොත් ඔබගේ මිත්‍රයා ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • කෙසේ ඇති කරගනිමුද මිතුරන්?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 2 පාඩම 4 පි.

2වන පාඩම

ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි

කාන්තාවක් බයිබලය කියවමින්

ඔබේ ජීවිතයේ වැදගත්ම දෙය වන්නේ දෙවිගේ මිතුරෙක් වීමයි. ඔබට ප්‍රීතියෙන් සහ සුරක්ෂිතව සිටීමට පුළුවන් කොහොමද කියා දෙවි උගන්වනවා. ඔහු බොහෝ වැරදි විශ්වාසවලින් සහ විනාශකාරි පුරුදුවලින් ඔබව මුදවාගන්නවා. ඔහු ඔබේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න යන අතර ඇතුළාන්ත සාමයක් සහ සුරක්ෂිතභාවයක් ලබාගැනීමට ඔබට උපකාර කරනවා. (ගීතාවලිය 71:5; 73:28) කරදරකාරි කාලවලදී පවා දෙවි ඔබට උපකාර කරන්න යනවා. (ගීතාවලිය 18:18) ඒ වගේම දෙවි ඔහුගේ ත්‍යාගය වන සදාකාල ජීවනය ඔබට ලබා දෙනවා.—රෝම 6:23.

කාන්තාවකට දෙවිගේ මිතුරන් වුණ පවුලක්ව මුණගැහෙනවා

ඔබ දෙවිට ළං වන විට, ඔහුගේ මිතුරන්ටද නිතැතින්ම ළං වෙනවා. ඔවුනුත් ඔබේ මිතුරන් වෙනවා. ඇත්තටම ඔවුන් ඔබේ සහෝදර සහෝදරියන් වගෙයි. ඔවුන් ඔබට දෙවි ගැන උගන්වන්න, එමෙන්ම ඔබට උපකාරය සහ දිරිගැන්වීම ලබා දෙන්න ආශාවෙන් බලා සිටිනවා.

අපි දෙවිට සමාන නෑ. ඔබ දෙවිගේ මිත්‍රත්වය සොයන විට එක් දෙයක් හොඳින් තේරුම්ගන්න අවශ්‍යයි. එනම් දෙවි සමඟ ඇති වන මිත්‍රත්වයේදී ඔබත් දෙවිත් සමාන තත්වයක නොවෙයි සිටින්නේ කියන එක. මන්ද දෙවි අපිට වඩා බොහෝ කාලයක් ජීවත් වී තිබෙන අතර ප්‍රඥාවෙන් සහ බලයෙන් අපිට වඩා ගොඩක් උසස්. ඒ විතරක් නොවෙයි ඔහු අපේ නීත්‍යානුකූල පාලකයා. ඒ නිසා, අපිට ඔහුගේ මිතුරෙක් වීමට අවශ්‍ය නම්, අප ඔහුට සවන් දී ඔහු පවසන දේ කළ යුතුයි. මෙය සැමවිටම අපගේම යහපතට හේතු වෙනවා.—යෙසායා 48:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න