ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 7 පාඩම 12-13 පි.
  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • නෝවාගේ නැව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 7 පාඩම 12-13 පි.

7වන පාඩම

අතීතයෙන් අනතුරු ඇඟවීමක්

දුෂ්ට මනුෂ්‍යයන්ට පාරාදීසය විනාශ කිරීමට යෙහෝවා ඉඩ දෙන්නේ නෑ. එහි ජීවත් වීමට යන්නේ ඔහුගේ මිතුරන් විතරයි. එසේ නම් දුෂ්ට මනුෂ්‍යයන්ට සිදු වන්නේ කුමක්ද? පිළිතුර ලබාගැනීමට සත්‍ය සිදුවීමක් වන නෝවාගේ කතාව සලකා බලන්න. නෝවා ජීවත් වුණේ දැනට අවුරුදු දහස් ගණනකට කලිනුයි. ඔහු සෑම විටම දෙවිගේ කැමැත්ත කිරීමට වෑයමක් දැරූ යහපත් මනුෂ්‍යයෙක්. නමුත් පොළොවේ සිටි අනෙක් මනුෂ්‍යයන් දුෂ්ට දේවල්වල නිරත වුණා. යෙහෝවා එම සියලුම දුෂ්ට මනුෂ්‍යයන්ව විනාශ කිරීමට ජලගැල්මක් ගේන්න යන බව නෝවාට පැවසුවා. නෝවා සහ ඔහුගේ පවුලට, පැමිණෙන්න යන ජලගැල්මෙන් ගැළවීම සඳහා නැවක් සාදන්න කියා දෙවි නෝවාට පැවසුවා.—උත්පත්ති 6:9-18.

නෝවා සහ පවුලේ අය සතුන්ව නැව ඇතුළට යවනවා, දුෂ්ට මිනිසුන් අනතුරු අඟවලා නෝවා කියන පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැහැ

නෝවා සහ ඔහුගේ පවුල නැවක් සෑදුවා. ජලගැල්මක් පැමිණෙනවා කියා නෝවා මනුෂ්‍යයන්ට අනතුරු ඇඟෙව්වා. එහෙත් එම මනුෂ්‍යයන් ඔහුට ඇහුම්කන් නුදුන් අතර දුෂ්ට දේවල්වල දිගටම නිරතව සිටියා. නැව සාදා නිම වූ පසු, නෝවා සතුන්ව නැවට ඇතුල් කරගත් අතර ඔහු සහ ඔහුගේ පවුලද ඇතුල් වුණා. ඉන්පසු, යෙහෝවා විශාල කුණාටුවක් ගෙනා අතර දහවල් 40ක් සහ රාත්‍රි 40ක් පුරා වර්ෂාව ඇද හැළුණා. මුළු පොළොවම එම වතුරින් යට වුණා.—උත්පත්ති 7:7-12.

දුෂ්ට මනුෂ්‍යයන්ට තම ජීවිතය නැති වුණා. නමුත් නෝවා සහ ඔහුගේ පවුල ගැළවුණා. යෙහෝවා ඔවුන්ව ජලගැල්මෙන් ආරක්ෂා කර, දුෂ්ටකම තුරන් කළ පිරිසිදු පොළොවක් මතට ගෙනාවා. (උත්පත්ති 7:22, 23) යෙහෝවා නැවතත් හරි දේ කිරීම ප්‍රතික්ෂේප කරන අයව විනාශ කිරීමට යන බව බයිබලයේ පවසනවා. යහපත් මනුෂ්‍යයන් විනාශ නොවී පාරාදීස පොළොවෙහි සදාකාලයටම ජීවත් වෙන්න යනවා.—2 පේතෘස් 2:5, 6, 9, 10.

අදදින බොහෝ මනුෂ්‍යයන් දුෂ්ට දේවල් කරනවා. මුළු ලෝකයම කරදරවලින් පිරිලා. මනුෂ්‍යයන්ට අනතුරු ඇඟවීමට යෙහෝවා තම සාක්ෂිකරුවන්ව දිගින් දිගටම ඔවුන් වෙත එවනවා. නමුත් බොහෝදෙනෙක් යෙහෝවාගේ වචනයට ඇහුම්කන් නොදෙන අතර තමන්ගේ මාර්ග වෙනස් කිරීමට කැමැත්තක් දක්වන්නේ නෑ. හරි වැරැද්ද ගැන දෙවි පවසන දේ පිළිගන්න ඔවුන් අකමැතියි. මෙම මනුෂ්‍යයන්ට සිදු වෙන්නේ කුමක්ද? කවදා හෝ ඔවුන් වෙනස් වෙයිද? බොහෝදෙනෙක් කවමදාකවත් වෙනස් නොවන බව ස්ථිරයි. එවැනි දුෂ්ට මනුෂ්‍යයන්ව ඉදිරියේදී විනාශ කිරීමට යන අතර ඔවුන් යළි කිසිදා ජීවත් වෙන්න යන්නේ නෑ.—ගීතාවලිය 92:7.

පොළොව විනාශ වෙන්නේ නෑ. එය පාරාදීසයක් වෙන්න යනවා. දෙවිගේ මිතුරන් වීමට යන අය පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න යනවා.—ගීතාවලිය 37:29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න