ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 8 පාඩම 14 පි.
  • දෙවිගේ සතුරෝ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ සතුරෝ කවුද?
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුරාව හඳුනගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යක්ෂයා
    2013 පිබිදෙව්!
  • යක්ෂයා කියන්නේ කවුද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 8 පාඩම 14 පි.

8වන පාඩම

දෙවිගේ සතුරෝ කවුද?

දෙවිගේ ප්‍රධානම සතුරා සාතන් නමැති යක්ෂයායි. ඔහු යෙහෝවාට විරුද්ධව කැරලිගැසූ ආත්ම මැවිල්ලක්. සාතන් යෙහෝවාට විරුද්ධව දිගටම සටන් කරන අතර මනුෂ්‍යයන්ට බොහෝ කරදර ඇති කරනවා. සාතන් දුෂ්ටයි. ඔහු බොරුකාරයෙක් මෙන්ම මිනීමරුවෙක්.—යොහන් 8:44.

භූතයන්

වෙනත් ආත්ම මැවිලිත් දෙවිට විරුද්ධව කැරලිගැසීමට සාතන් සමඟ එකතු වුණා. බයිබලයේ ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. සාතන් මෙන්, ඔවුනුත් මනුෂ්‍යයන්ගේ සතුරන්. ඔවුන් පවා කැමති මනුෂ්‍යයන්ට රිදවන්නයි. (මතෙව් 9:32, 33; 12:22) යෙහෝවා සාතන්ව සහ ඔහුගේ භූතයන්ව සදහටම විනාශ කරන්න යනවා. මනුෂ්‍යයන්ට කරදර කිරීමට ඔවුන්ට තව ඉතිරිව ඇත්තේ ස්වල්ප කාලයයි.—එළිදරව් 12:12.

ඔබට දෙවිගේ මිතුරා වීමට අවශ්‍යද? එහෙම නම් සාතන්ට ඕනෑ දේවල් කිරීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. සාතන් සහ භූතයන් යෙහෝවාට වෛර කරනවා. ඔවුන් දෙවිගේ සතුරන් වන අතර ඔවුන්ට අවශ්‍ය ඔබවත් දෙවිගේ සතුරෙක් කරන්නයි. ඔබට සතුටු කරන්න අවශ්‍ය යෙහෝවාවද නැතිනම් සාතන්වද කියා ඔබම තෝරාගත යුතුයි. ඔබට සදාකාල ජීවනය අවශ්‍ය නම් දෙවිගේ කැමැත්ත කිරීමට තෝරාගත යුතුයි. මනුෂ්‍යයන්ව රැවටීමට සාතන් බොහෝ උපායන් සහ ක්‍රම යොදාගන්නා අතර ඔහු බොහෝ මනුෂ්‍යයන්ව රවටා තිබෙනවා.—එළිදරව් 12:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න