ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 14 පාඩම 22-23 පි.
  • දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • දෙවි පිළිකුල් කරන ක්‍රියා
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවිව සතුටු කිරීමට අප කළ යුත්තේ කුමක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • 13වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • දෙවි නරක මිනිසුන්ව නැවතත් විනාශ කරයිද?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 14 පාඩම 22-23 පි.

14වන පාඩම

දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි

සාතන් නරක දේවල් කිරීමට මනුෂ්‍යයන්ව පොලඹවනවා. යම්කිසි කෙනෙකුට දෙවිගේ මිතුරෙක් වෙන්න කැමති නම් ඔහු යෙහෝවා වෛර කරන දේට වෛර කරන්න අවශ්‍යයි. (ගීතාවලිය 97:10) දෙවිගේ මිතුරන් වීම වළක්වන සමහරක් දේවල් සලකා බලන්න:

අනාචාරය, බේබදුකම, ගබ්සාව, සොර මැරකම්, බොරු කීම, පාලනය කරගත බැරි කෝපය, සූදුව ඇතුළත් දේවල් දෙවි හෙළා දකිනවා

වැරදි ලිංගික හැසිරීම්. “කාමමිථ්‍යාචාරය නොකරව.” (නික්මයාම 20:14) විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමත් වැරදියි.—1 කොරින්ති 6:18.

බේබදුකම. ‘බේබද්දෝ දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නේ නැත.’—1 කොරින්ති 6:10.

මිනීමැරීම, ගබ්සාව. “මිනීනොමරව.”—නික්මයාම 20:13.

සොරකම. “සොරකම් නොකරව.”—නික්මයාම 20:15.

බොරුකීම. “බොරුකාර දිව” යෙහෝවාට පිළිකුලක්.—හිතෝපදේශ 6:17.

සාහසිකකම සහ පාලනය කරගත නොහැකි කෝපය. ‘යෙහෝවා බලාත්කාරකමට ප්‍රියවෙන්නාට ද්වේෂ කරයි.’ (ගීතාවලිය 11:5) ‘මාංසයේ ක්‍රියාවලට ක්‍රෝධයත්’ ඇතුළත් වෙනවා.—ගලාති 5:19, 20.

සූදුව. ‘කෑදර කෙනෙක් සමඟ සම්බන්ධකම් නොපවත්වන්න.’—1 කොරින්ති 5:11, NW.

ජාතිවාදය හා වාර්ගික වෛරය. “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.”—මතෙව් 5:43, 44.

දෙවි අපට කියන දේවල් අපේම යහපත සඳහායි. නරක දේවලින් වැළකීම සැමවිටම පහසු නෑ. නමුත්, යෙහෝවාගේ සහ ඔහුගේ සාක්ෂිකාරයන්ගේ උපකාරය ඇතුව දෙවි අසතුටු කරන දේවලින් වැළකීමට ඔබට පුළුවන්.—යෙසායා 48:17; පිලිප්පි 4:13; හෙබ්‍රෙව් 10:24, 25.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න