ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද?
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අහසෙත් පොළොවෙත් මැවුම්කරු වන සර්වබලධාරි දෙවි යෙහෝවා කෙරෙහි විශ්වාස කරති. අප අවට විශ්වයේ පවතින ඉතා සංකීර්ණ හා සියුම් ලෙස නිමවා ඇති මවිතාකාර දේවලින් පැහැදිලිව තර්කානුකූලව පෙන්වා දෙන්නේ ඉතා ශ්‍රේෂ්ඨ වූ බුද්ධිමත් බලවත් මැවුම්කරුවෙකු මේ සියල්ල නිර්මාණය කළ බවයි. පිරිමියෙකුගේ හෝ ගැහැනියකගේ නිර්මාණයන් මගින් ඔවුන්ගේ දක්ෂතා හා ගුණාංග පිළිබිඹු වෙනවාක් මෙන්ම, යෙහෝවා දෙවිගේ මැවිලිවලින් පිළිබිඹු වන්නේ ඔහුගේ ගුණාංගයි. “ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ” කියා බයිබලය අපට කියයි. තවද, කිසිම හඬක් හෝ වචනයක් හෝ නැතුව, “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි.”—රෝම 1:20; ගීතාවලිය 19:1-4, පැරණි අනුවාදය.
කිසිම අරමුණක් නැතුව මිනිස්සු මැටි භාජන නොසාදති. නැතහොත් රූපවාහිනී යන්ත්‍ර හෝ පරිගණක නොසාදති. මිහිතලය හා ඒ මත ඇති ශාක හා සත්ව ජීවීන් ඊටත් වඩා බොහෝ සෙයින් පුදුමාකාරය. සෛල ට්‍රිලියන ගණනකින් සමන්විත මිනිස් සිරුරේ ව්‍යූහය අපට කිසිම විදිහකින් තේරුම්ගන්නට බැරිය. කල්පනා කිරීමට අප යොදාගන්නා මොළය පවා සිතාගන්නට බැරි තරම් මවිතාකාරය. පුදුම දනවනසුලුය! මිනිසා නිපදවා ඇති කුඩා දේවලට පවා අරමුණක් තිබේ නම්, යෙහෝවා දෙවිටද තම පුදුමාකාර මැවිලි නිර්මාණය කිරීමේදී යම් අරමුණක් තිබිය යුතුමය! හිතෝපදේශ 16:4හි කියන්නේ, ‘යෙහෝවා සෑම දෙයක්ම සාදා ඇත්තේ යම් අරමුණකට’ බවයි.
යෙහෝවා පොළොව සෑදුවේ යම් අරමුණකටයි. ඒ ගැන ඔහු පළමු මිනිස් යුවළට පැවසුවේ මෙසේයි. “ඔබ බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට . . . මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” (උත්පත්ති 1:28, පැ.අ.) මෙම යුවළ අකීකරු වූ බැවින්, පොළොව සහ එහි ශාක සහ සත්ව ජීවීන් ප්‍රේමණීයව රැකබලා ගන්නට හැකි ධර්මිෂ්ඨ පවුල්වලින් පොළොව පුරවන්නට අසමත් විය. එහෙත්, ඔවුන්ගේ අසමත් වීම නිසා යෙහෝවාගේ අරමුණ අසාර්ථක වෙන්නේ නැත. වසර දහස් ගණනකට පසුව ලියන ලද්දේ ඔහු ‘පොළොව මවා සාදා එය පිහිටෙව්වාවූ, එය හිස්කමට නොමැවූ දෙවි’ ලෙසටයි. ඔහු එය සෑදුවේ විනාශ කිරීමට නොව ‘වාසය පිණිසයි.’ තවද “පොළොව සෑම කල්හිම පවතින්නේය.” (යෙසායා 45:18; දේශනාකාරයා 1:4; පැ.අ.) පොළොව උදෙසා වූ යෙහෝවාගේ මෙම අරමුණ ඉෂ්ට වේ. ‘මාගේ මන්ත්‍රණය පවත්වන්නෙමි. මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි.’—යෙසායා 46:10, පැ.අ.
මෙබැවින්, පොළොව සදාකල් පවතින බවත්, යෙහෝවාගේ අරමුණට අනුකූලව ජීවත් වූ අයද, මිය ගිය අයද යන මේ සියල්ලන් අලංකාර, ජනාවාස වූ පොළොවක සදාකල් ජීවත් වන බවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. මේ අනුව, ආදම් සහ ඒවගෙන් අසම්පූර්ණකම උරුම කරගත් සියලු මිනිස් වර්ගයා පව්කාරයෝය. (රෝම 5:12) බයිබලය මෙසේ කියයි. “පාපය සඳහා ගෙවන කුලී නම් මරණයය.” “ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” “පව් කරන ප්‍රාණයම නසින්නේය.” (රෝම 6:23; දේශනාකාරයා 9:5, පැ.අ.; එසකියෙල් 18:4, 20, පැ.අ.) එසේනම්, භූමික ආශීර්වාදවලට පංගුකාරයන් වීමට ඔවුන්ට නැවතත් ජීවත් විය හැක්කේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගය තුළින් පමණකි. මන්ද ඔහු පැවසුවේ මෙසේයි. “නැවත නැඟිටීමත් ජීවනයත් මමය. මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නා මිය ගියත්, නැවත ජීවනයට පැමිණෙන්නේය.” “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.”—යොහන් 5:28, 29; 11:25; මතෙව් 20:28.
මෙය සිදු වනු ඇත්තේ කෙසේද? මේ පොළොව මතදී යේසුස් ප්‍රකාශ කිරීමට පටන්ගත් “රාජ්‍යයේ ශුභාරංචිය” තුළ මෙය පැහැදිලි කර තිබේ. (මතෙව් 4:17-23) එහෙත්, අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඉතා විශේෂ ක්‍රමයකින් ශුභාරංචිය දේශනා කරමින් සිටිති.
[13වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්
විශ්වාසය ශුද්ධ ලියවිලිමය හේතුව
බයිබලය දෙවිගේ වචනයයි 2 තිමෝ. 3:16, 17;
එය සත්‍යයි 2 පේතෘ. 1:20, 21; යොහ. 17:17
බයිබලය සම්ප්‍රදායන්ට වඩා මතෙ. 15:3; කොලො. 2:8
බොහෝ සෙයින් විශ්වාසවන්තය
දෙවිගේ නාමය යෙහෝවාය ගීතා. 83:17; යෙසා. 12:2; 26:4;
ක්‍රිස්තුස් වනාහි දෙවිගේ පුත්‍රයාය මතෙ. 3:17; යොහ. 8:42; 14:28
තවද දෙවිට වඩා පහත්ය යොහ. 20:17; 1 කොරි. 11:3; 15:28
ක්‍රිස්තුස් වනාහි දෙවිගේ මුල්ම මැවිල්ලය කොලො. 1:15; එළි. 3:14
ක්‍රිස්තුස් මිය ගියේ වධ කණුවක් මත ගලා. 3:13; ක්‍රියා 5:30
මිස කුරුසියක් මත නොවේ
ක්‍රිස්තුස්ගේ මිනිස් ජීවිතය කීකරු මතෙ. 20:28; 1 තිමෝ. 2:5, 6;
මිනිසුන් වෙනුවෙන් මිදීමේ මිලයක් 1 පේතෘ. 2:24
ලෙස ගෙවනු ලැබිණි
ක්‍රිස්තුස් එක් වරක් පමණක් මතෙ. 20:28; 1 තිමෝ. 2:5, 6;
පූජාවීම ප්රමාණවත්ය
ක්‍රිස්තුස්ව අමරණීය ආත්ම පුද්ගලයෙකු 1 පේතෘ. 3:18;
ලෙස මළවුන්ගෙන් නැඟිටුවන ලදි රෝම 6:9; එළි. 1:17, 18
ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම සිදු යොහ. 14:19; මතෙ. 24:3;
වෙන්නේ ආත්මික අර්ථයකිනි 2 කොරි. 5:16; ගීතා. 110:1, 2
අප දැන් ජීවත් වෙමින් සිටින්නේ මතෙ. 24:3-14;
‘අන්තිම කාලයේය’ 2 තිමෝ. 3:1-5; ලූක් 17:26-30
ක්‍රිස්තුස් යටතේ පවතින රාජ්‍යය යෙසා. 9:6, 7; 11:1-5;
ධර්මිෂ්ඨකමින් හා සාමයෙන් පොළොව දානි. 7:13, 14; මතෙ. 6:10
පාලනය කරනවා ඇත
රාජ්‍යය මගින් පොළොව මත මතෙ. 24:3-14;
ජීවත් වීමට සුදුසු තත්වයන් එළි. 7:9, 10, 13-17; 21:3, 4
ඇති කරනවා ඇත
දෙවි වත්මන් සමාජ ක්‍රමය එළි. 16:14, 16; ශෙප. 3:8;
හර්මගෙදොන් යුද්ධයේදී මුලිනුපුටා දානි. 2:44, 45;
දමනවා ඇත යෙසා. 34:2; 55:10, 11
දුෂ්ටයන් සදහටම විනාශ මතෙ. 25:41-46; 2 තෙස. 1:6-9
කරනු ලබනවා ඇත
ජීවනය කරා යා හැක්කේ එක් මතෙ. 7:13, 14; එෆී. 4:4, 5
මාර්ගයකින් පමණි
මරණයෙන් පසු ශරීරයෙන් බැහැර එස. 18:4; දේශ. 9:5, 10;
වූ කිසිවක් ඉතිරි නොවේ ගීතා. 6:5; 146:4; යොහ. 11:11-14
මරණයෙන් පසු කිසිදු වධ විඳීමක් නැත යෝබ් 14:13; එළි. 20:13, 14
මළවුන්ට ඇති බලාපොරොත්තුව 1 කොරි. 15:20-22;
නැවත නැඟිටීමය යොහ. 5:28, 29; 11:25, 26
ආදම්ගෙන් උරුම වූ මරණය 1 කොරි. 15:26, 54;
නැති වනු ඇත එළි. 21:4; යෙසා. 25:8
ක්‍රිස්තුස් සමඟ රජකම් කිරීමට ලූක් 12:32; එළි. 14:1, 3;
ස්වර්ගයට යන්නේ 1,44,000 දෙනෙකුගෙන් 1 කොරි. 15:40-53; එළි. 5:9, 10
සමන්විත කුඩා රැළක් පමණි
දෙවිගේ ආත්මික පුත්‍රයන් ලෙසට 1 පේතෘ. 1:23; යොහ. 3:3;
යළි ඉපදෙන්නේ 1,44,000කි එළි. 7:3, 4
නව ගිවිසුම පිහිටුවා ඇත්තේ ආත්මික යෙරෙ. 31:31; හෙබ්‍රෙ. 8:10-13
ඊශ්‍රායෙලය සමඟය
ක්‍රිස්තුස්ගේ සභාව පිහිටුවා එෆී. 2:20; යෙසා. 28:16;
තිබෙන්නේ ඔහු මතමය මතෙ. 21:42
යාච්ඤා යොමු කළ යුත්තේ ක්‍රිස්තුස් යොහ. 14:6, 13, 14;
තුළින් යෙහෝවා වෙතට පමණි 1 තිමෝ. 2:5
නමස්කාරයේදී රූප භාවිත නික්. 20:4, 5; ලෙවී. 26:1;
නොකළ යුතුයි 1 කොරි. 10:14; ගීතා. 115:4-8
ආත්ම බන්ධන ක්‍රියාවලින් ද්වි. 18:10-12; ගලා. 5:19-21;
වැළකී සිටිය යුතුයි ලෙවී. 19:31
සාතන් වනාහි මේ ලෝකයේ 1 යොහ. 5:19; 2 කොරි. 4:4;
අදෘශ්‍යමාන පාලකයාය යොහ. 12:31
ක්‍රිස්තියානියෙක් වෙනත් ආගමික 2 කොරි. 6:14-17; 11:13-15;
සංවිධාන සමඟ කිසිම ආගමික ගලා. 5:9; ද්වි. 7:1-5
සම්බන්ධතාවක් නොපැවැත්විය යුතුය
ක්‍රිස්තියානියෙක් ලෝකයෙන් වෙන් යාකො. 4:4; 1 යොහ. 2:15;
වී සිටිය යුතුයි යොහ. 15:19; 17:16
දෙවිගේ නීතිවලට පටහැනි නොවන මතෙ. 22:20, 21;
මිනිස් නීතිවලට කීකරු විය යුතුය 1 පේතෘ. 2:12; 4:15
මුඛයෙන් හෝ නහර තුළින් රුධිරය උත්. 9:3, 4; ලෙවී. 17:14;
ශරීරයට ඇතුළු කිරීම දෙවිගේ ක්‍රියා 15:28, 29
නීති උල්ලංගනය කිරීමකි
සදාචාරය පිළිබඳ බයිබලීය 1 කොරි. 6:9, 10; හෙබ්‍රෙ. 13:4;
නීතිවලට කීකරු විය යුතුය 1 තිමෝ. 3:2; හිතෝ. 5:1-23
සබත් පැවැත්වීම නියම කරන ලද්දේ ද්වි. 5:15; නික්. 31:13;
ඊශ්රායෙලයට පමණි. තවද මෝසෙස්ගේ රෝම 10:4; ගලා. 4:9, 10;
නීතිය නිමා වන විට එයද නිමා විය කොලො. 2:16, 17
පූජක පංතියක් සහ විශේෂ මතෙ. 23:8-12; 20:25-27;
තානාන්තර තිබීම නුසුදුසුය යෝබ් 32:21, 22.
මිනිසා පරිණාමය වූවා නොවේ, යෙසා. 45:12; උත්. 1:27;
මවනු ලැබීය මතෙ. 19:4
දෙවිට සේවය කිරීමෙහිලා ක්‍රිස්තුස් 1 පේතෘ. 2:21; හෙබ්‍රෙ. 10:7;
තැබූ ආදර්ශය අනුගමනය කළ යුතුය යොහ. 4:34; 6:38
කැපවීම සංකේතවත් කරනු ලබන්නේ මාක් 1:9, 10; යොහ. 3:23;
සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී ක්‍රියා 19:4, 5
බව්තීස්ම වීමෙනි
ක්‍රිස්තියානීහු සතුටින් ශුද්ධ ලියවිලිමය රෝම 10:10; හෙබ්‍රෙ. 13:15;
සත්‍යතාවන් ගැන ප්‍රසිද්ධ සාක්ෂියක් යෙසා. 43:10-12
ඉදිරිපත් කරති
[12වන පිටුවේ පින්තූරය]
පොළොව මවා තිබෙන්නේ යෙහෝවා විසිනි. ඒ මිනිසා විසින් එය රැකබලා ගෙන සදාකල්ම එහි වාසය කරන පිණිසය