ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 16 පරි. 87-91 පි.
  • ඇත්තටම වටින්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇත්තටම වටින්නේ මොකක්ද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • ‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?
    2003 පිබිදෙව්!
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
  • ධනවතා සහ ලාසරුස්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 16 පරි. 87-91 පි.

16වෙනි පරිච්ඡේදය

ඇත්තටම වටින්නේ මොකක්ද?

මිනිසෙක් යේසුස් එක්ක කතා කරන දේ අනිත් අයත් අහගෙන ඉන්නවා

මේ මිනිසාට තිබුණු ගැටලුව මොකක්ද?

යේසුස් හරිම ප්‍රඥාවන්තයි කියලා දැනගෙන හිටිය කෙනෙක් යේසුස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘ගුරුතුමනි, මගේ සහෝදරයාට කියන්න එයාට අයිති දේවල් මං එක්ක බෙදාගන්න කියලා.’ එයා හිතුවේ ඒ දේවල් එයාටත් ලැබෙන්න ඕනෙ කියලයි.

යේසුස්ට කියපු දේ එයා ඔයාට කිව්වා නම් ඔයා මොනවාද කියන්නේ?— යේසුස් තේරුම්ගත්තා එයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ වුණේ සහෝදරයාට අයිති දේවල් එයාට ඕන වුණු එක නෙවෙයි, වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා එයා දැනගෙන හිටියේ නැති එකයි.

ජීවිතයේ වැඩියෙන්ම වටින්නේ මොකක්ද? ලස්සන සෙල්ලම් බඩු, අලුත් ඇඳුම් වගේ දේවල්ද?— ඊටත් වඩා වටින දෙයක් තියෙනවා. ඒ ගැන උගන්වන්න යේසුස් කතන්දරයක් කිව්වා. කැමතිද ඒක දැනගන්න?—

ඒ කතන්දරේ හිටිය කෙනා හරිම පොහොසත්. එයාට ලොකු ඉඩමකුයි ගබඩාවනුයි තිබුණා. මේ වතාවේ එයාට ලොකු අස්වැන්නක් ලැබුණත් ඒවා ගබඩා කරන්න ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා එයා මෙහෙම හිතුවා. ‘මගේ ගබඩාවන් කඩලා දාලා ඊට වඩා ලොකු ඒවා හදනවා. එතකොට මට පුළුවන් ධාන්‍ය අස්වැන්නත් මට තියෙන අනිත් හැම සම්පතක්මත් ඒකේ ගබඩා කරන්න.’

ඒක බුද්ධිමත් තීරණයක් කියලා හිතපු එයා මෙහෙම කියාගත්තා. ‘අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕන දේවල් ඇති තරම් මට තියෙයි. මට පුළුවන් හොඳට කාලා, බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’ හැබැයි එයා එක දෙයක් ගැන හිතුවේ නැහැ. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— එයා දෙවිව අමතක කළා. එයා හිතුවේ එයා ගැනයි එයාගේ සතුට ගැනයි විතරයි.

ධනවත් මිනිසෙක් එයාගේ අලුත් ගබඩා කාමරය දිහා බලන් ඉන්නවා

මේ ධනවතා හිතන්නේ මොනවා ගැනද?

ඒ නිසා දෙවි එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හරිම මෝඩයි. අද රෑට ඔයා මැරෙනවා. එතකොට ඔයා රැස් කරපුවා ලැබෙන්නේ කාටද?’ මැරුණාට පස්සේ ඒවා පාවිච්චි කරන්න එයාට පුළුවන්ද?— බැහැ. වෙන කෙනෙක් ඒවා පාවිච්චි කරයි. යේසුස් මෙහෙම කිව්වා. ‘ජීවිතේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට තමා වෙනුවෙන් වස්තු රැස් කරන කෙනාටත් වෙන්නේ ඒ දේමයි.’—ලූක් 12:13-21.

එයා වගේ වෙන්න ඔයා කැමති නැහැ නේද?— එයාට ඕන වුණේ ධන සම්පත් එකතු කරන්න විතරයි. ඒක ලොකු වරදක්. කොච්චර ලැබුණත් එයා සෑහීමට පත් වුණේ නැහැ. එයා “ජීවිතේ මුල් තැන දෙවිට” දුන්නේ නැහැ.

අද ඉන්න හුඟක් අයත් එයා වගෙයි. කොච්චර ලැබුණත් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. දැන් මේ ගැන හිතන්න. ඔයාට තියෙන්නේ මොන වගේ සෙල්ලම් බඩුද?— ඔයාට නැති සෙල්ලම් බඩුවක් යාළුවෙක් ළඟ තියෙනවා දැක්කොත් මොකද කරන්නේ? ඒකක් ඉල්ලලා අම්මාටයි තාත්තාටයි කරදර කරන එක හරිද?—

ඔයා ආස සෙල්ලම් බඩුවක් ඔයාට ඕනමයි කියලා හිතෙයි. ඒත් කාලයක් ගියාම මොකද වෙන්නේ?— ඒක පරණ වෙනවා. ඒක කැඩුණාම ඒකට තිබ්බ ආසාව නැති වෙනවා. හැබැයි ඒ සෙල්ලම් බඩුවලට වඩා හුඟක් වටින දෙයක් ඔයාට තියෙනවා. දන්නවාද ඒ මොකක්ද කියලා?—

කුඩා දරුවෙක් සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරනවා

සෙල්ලම් බඩුවලට වඩා වටින දේ මොකක්ද?

ඒ තමයි ඔයාගේ ජීවිතය. ජීවිතය ලැබුණේ නැත්නම් ඔයාට කිසිම දෙයක් කරන්න බැහැ. ඔයාගේ ජීවිතය රැකෙන්නේ ඔයා දෙවි කැමති විදිහට ජීවත් වුණොත් විතරයි. එහෙම නේද?— ඒ නිසා දෙවිව අමතක කරපු මෝඩ ධනවතා වගේ වැඩ නොකර ඉන්න අපි උත්සාහ කරමු.

ඒ ධනවතා වගේ මෝඩ විදිහට වැඩ කරන්නේ දරුවන් විතරක් නෙවෙයි. වැඩිහිටියනුත් ඒ වගේ වැඩ කරනවා. කන්න, අඳින්න තිබුණත්, ඉන්න තැනක් තිබුණත් ඒ අය සෑහීමට පත් වෙන්නේ නැහැ. හුඟක් ඇඳුම්, ලොකු ගෙයක් වගේ දේවල් ගන්න උත්සාහ කරනවා. ඒවා ගන්න සල්ලි වැඩියෙන් ඕන නිසා සල්ලි හම්බ කරන්න හුඟක් මහන්සි වෙනවා. සල්ලි හම්බ කරන්න හම්බ කරන්න තව දේවල් ගන්න ආස හිතෙනවා.

සමහරු සල්ලි හම්බ කරන්න කොයි තරම් උත්සාහ කරනවාද කියනවා නම් ඒ අයට පවුලේ අය එක්ක ඉන්නවත් දෙවිට සේවය කරන්නවත් වෙලාවක් නැහැ. කෙනෙක්ව හැමදාටම ජීවත් කරවන්න සල්ලිවලට පුළුවන්ද?— බැහැ. මැරුණාට පස්සේ ඒ සල්ලි පාවිච්චි කරන්න ඒ අයට පුළුවන්ද?— බැහැ. මැරුණාට පස්සේ කිසිම දෙයක් කරන්න බැහැ.—දේශනාකාරයා 9:5, 10.

ඒ කියන්නේ සල්ලි හම්බ කරන එක වැරදියිද?— නැහැ. කෑම, ඇඳුම් ගන්න සල්ලි ඕනේ. සල්ලිවලින් ආරක්ෂාවක් ලැබෙනවා කියලත් බයිබලයේ කියනවා. (දේශනාකාරයා 7:12) හැබැයි සල්ලිවලට ආසාවක් ඇති කරගත්තොත් ඒක අපිට අනතුරක්. ජීවිතයේ මුල් තැන දෙවිට දෙන්නේ නැතුව වැඩ කරපු මෝඩ ධනවතා වගේ වැඩ කරන්න අපි පෙලඹෙයි.

ජීවිතේ මුල් තැන දෙවිට දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?— ඒ කියන්නේ අනිත් හැම දේටම වඩා දෙවි කැමති දේට මුල් තැන දෙන්න ඕන කියන එකයි. සමහරු හිතනවා දෙවි ගැන විශ්වාසය තිබුණොත් ඒ ඇති කියලා. ඒත් ඒ අය ජීවිතේ මුල් තැන දෙවිට දෙනවාද?— නැහැ. ඒ අය වැඩ කරන්නෙත් දෙවිව අමතක කරපු ධනවතා වගේ.

යේසුස් කවදාවත් දෙවිව අමතක කළේ නැහැ. පොහොසත් වෙන්න හැදුවෙත් නැහැ. ඒ තරම් දේවල් තිබුණේ නැති වුණත් වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා යේසුස් තේරුම් අරන් හිටියා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— ඒ තමයි ජීවිතයේ මුල් තැන දෙවිට දෙන එක.

කුඩා ගෑනු ළමයෙක් බයිබලය කියවනවා, තවත් දැරියක්ට දේශනා කරනවා, පවුලේ අයත් එක්ක රැස්වීම්වලට සහභාගි වෙනවා, යාච්ඤා කරනවා

මේ ළමයා කරන වටිනා දේ මොකක්ද?

මුල් තැන දෙවිට දෙන්න පුළුවන් කොහොමද?— දෙවි කැමති විදිහට ජීවත් වෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්. යේසුස් කිව්වා ‘මගේ එකම ආශාව දෙවියන් කැමති දේවල් කරන එකයි’ කියලා. (යොහන් 8:29) දෙවි කියලා තියෙන විදිහට අපි ජීවත් වෙනවාටයි දෙවි කැමති. දෙවිව සතුටු කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?— බයිබලය කියවන්න. ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න. දෙවිට යාච්ඤා කරන්න. අනිත් අයට දෙවි ගැන කියලා දෙන්න. ඒවා තමයි ජීවිතයේ වටිනාම දේවල්.

යේසුස් මුල් තැන දෙවිට දීපු නිසා හැමදාටම ජීවත් වෙන්න දෙවි, යේසුස්ට අවස්ථාව දුන්නා. අපිත් යේසුස් වගේ වැඩ කළොත් යෙහෝවා දෙවි අපිවත් ආදරෙන් රැකබලා ගනියි. ඒ නිසා අපි දෙවිව අමතක කරපු ධනවතා වගේ වෙන්නේ නැතුව යේසුස් වගේ වෙමු.

ධන සම්පත් ගැන තියෙන්න ඕන ආකල්පය දැනගන්න මේ බයිබල් පද කියවලා බලමු. හිතෝපදේශ 23:4; 28:20; 1 තිමෝති 6:6-10; හෙබ්‍රෙව් 13:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න