ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 29 පරි. 152-156 පි.
  • හැම උත්සවයකටම දෙවියන් කැමතිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම උත්සවයකටම දෙවියන් කැමතිද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 29 පරි. 152-156 පි.

29වෙනි පරිච්ඡේදය

හැම උත්සවයකටම දෙවියන් කැමතිද?

රතු මුහුදෙන් එගොඩ වුණාට පස්සේ ඊශ්‍රායෙල්වරු දෙවිට ස්තුති කරලා ගී ගැයුවා

මේ උත්සවය ගැන දෙවි සතුටු වුණේ ඇයි?

උත්සවවලට යන්න ඔයා කැමතිද?— උත්සවයකට ගියාම සතුටු වෙන්න පුළුවන්. ඔයා හිතනවාද අපි උත්සවවලට යනවාට යේසුස් කැමතියි කියලා?— යේසුත් ගෝලයන් කිහිපදෙනෙක් එක්ක විවාහ උත්සවයකට ගියා. යෙහෝවා දෙවි ‘ප්‍රීතිමත් දෙවි කෙනෙක්’ නිසා උත්සවවලට ගිහින් අපි සතුටු වෙනවාට දෙවිත් කැමතියි.—1 තිමෝති 1:11; යොහන් 2:1-11.

මේ පොතේ 29වෙනි පිටුවේ කියනවා ඊශ්‍රායෙල්වරු රතු මුහුද ළඟට ගියාම යෙහෝවා දෙවි මුහුද දෙබෑ කළා කියලා. ඒක මතකද?— ඊශ්‍රායෙල්වරු මුහුද මැදින් එගොඩට ගියාම සතුටින් ගී කියලා නටලා යෙහෝවා දෙවිට ස්තුති කළා. ඒක හරියට උත්සවයක් වගෙයි. ඒ අය විතරක් නෙවෙයි දෙවිත් ඒ ගැන සතුටු වෙන්න ඇති.—නික්මයාම 15:1, 20, 21.

අවුරුදු 40කට විතර පස්සේ ඊශ්‍රායෙල්වරු තව ලොකු උත්සවයකට ගියා. හැබැයි එයාලාට ආරාධනා කළේ වෙන දෙවිවරුන්ට නමස්කාර කරපු අයයි. ඒ විතරක් නෙවෙයි ඒ අය, තමන්ගේ විවාහ සහකරුවන් වෙලා හිටපු නැති අය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ වගේ අය ඉන්න උත්සවයකට යන එක හරිද?— යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ උත්සවයට ගිය ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දඬුවම් කළා.—ගණන් කතාව 25:1-9; 1 කොරින්ති 10:8.

උපන් දින උත්සව දෙකක් ගැනත් බයිබලයේ තියෙනවා. ඒකෙන් එකක් පවත්වන්න ඇත්තේ යේසුස්ගේ උපන් දිනය වෙනුවෙන්ද?— නැහැ. ඒ දෙකම පවත්වලා තියෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැති අය. එක් කෙනෙක් හෙරොද් අන්තිපස් රජ. එයා තමයි යේසුස් ගලීලයේ හිටපු කාලයේ එහේ පාලකයා.

හෙරොද් නරක දේවල් කළා. එයාගේ සහෝදරයාගේ බිරිඳ වුණු හෙරෝදියස්ව එයා අයිති කරගත්තා. ඒක වැරදියි කියලා දෙවිගේ සේවකයෙක් වුණු යොහන් බව්තීස්ත හෙරොද්ට කිව්වාම එයාට හුඟක් කේන්ති ගියා. ඒ නිසා එයා යොහන්ව හිරේ දැම්මා.—ලූක් 3:19, 20.

යොහන් හිරේ ඉද්දී තමයි හෙරොද්ගේ උපන් දින උත්සවය පැවැත්තුවේ. ඒ උත්සවයට උසස් නිලධාරීනුත් ආවා. ඒ හැමෝම හොඳට කාලා බීලා සතුටු වුණා. එදා හෙරෝදියස්ගේ දුව හැමෝම ඉස්සරහා හරිම ලස්සනට නැටුවා. ඒකෙන් හැමෝම හුඟක් සතුටු වුණු නිසා හෙරොද්ට ඕන වුණා එයාට විශේෂ තෑග්ගක් දෙන්න. ඒ නිසා හෙරොද් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා මගෙන් ඉල්ලන ඕනෙම දෙයක් මම දෙනවා. මගේ රාජ්‍යයෙන් භාගයක් වුණත් මම ඔයාට දෙනවා.’

එයා මොනවා ඉල්ලයිද? සල්ලි, ලස්සන ඇඳුම්, එයාටම කියලා මාලිගාවක් ඉල්ලයිද? මොනවා ඉල්ලන්නද කියලා එයාට හිතාගන්න බැහැ. ඒ නිසා එයා අම්මාගෙන් ඒ කියන්නේ හෙරෝදියස්ගෙන් ඇහුවා “මම මොනවාද ඉල්ලන්නේ” කියලා.

ඒ වෙද්දී හෙරෝදියස්, යොහන් බව්තීස්ත එක්ක තරහෙනුයි හිටියේ. ඒ නිසා එයා කිව්වා යොහන්ගේ ඔළුව ඉල්ලන්න කියලා. ඉතිං දුව රජ ළඟට ගිහින් කිව්වා ‘යොහන් බව්තීස්තගේ ඔළුව තැටියක තියලා දැන්මම මට දෙනවාට මං කැමතියි’ කියලා.

යොහන් හොඳ කෙනෙක් නිසා හෙරොද් කැමති වුණේ නැහැ එයාව මරන්න. ඒත් අමුත්තන් ඉස්සරහා දීපු පොරොන්දුව කැඩුවොත් ඒ අය මොනවා හිතයිද කියලා එයා බය වුණා. ඒ නිසා අකමැත්තෙන් වුණත් එයා සේවකයෙක්ට කිව්වා යොහන්ගේ ඔළුව අරන් එන්න කියලා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ සේවකයා යොහන්ගේ ඔළුව තැටියක තියලා දුවට ගෙනත් දුන්නා. ඊටපස්සේ දුව ඒක හෙරෝදියස්ට දුන්නා.—මාක් 6:17-29.

බයිබලයේ සඳහන් වෙන අනිත් උපන් දින උත්සවය පැවැත්තුවේ ඊජිප්තුවේ රජ කෙනෙක්. ඒ උත්සවයේදීත් මනුස්සයෙක්ගේ හිස ගසා දැම්මා. ඊටපස්සේ මිනිය කුරුල්ලන්ට කන්න කණුවක එල්ලුවා. (උත්පත්ති 40:19-22) ඒ උපන් දින උත්සව දෙක ගැන දෙවි සතුටු වෙන්න ඇද්ද?— ඒ වගේ උත්සවයකට යන්න ඔයා කැමතිද?—

හෙරොද් රජුගේ උපන්දින උත්සවයේදී හෙරෝදියස්ගේ දුව නැටුමක් ඉදිරිපත් කරනවා

හෙරොද්ගේ උපන් දින උත්සවයේදී සිද්ධ වුණේ මොකක්ද?

අපි දන්නවා බයිබලයේ හැම දෙයක්ම සඳහන් කරලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුව කියලා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ උපන් දින උත්සව දෙකක් ගැන විතරයි. ඒ දෙකේදීම හුඟක් නරක දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා උපන් දින උත්සවයන් ගැන දෙවි අපිට කියන්නේ මොනවා කියලාද ඔයාට හිතෙන්නේ? අපි උපන් දින සමරනවාට දෙවි කැමතියිද?—

අද උපන් දින උත්සවවලදී මිනිසුන්ගේ ඔළු කපන්නේ නැහැ තමයි. හැබැයි උපන් දින උත්සව පවත්වන්න පටන් අරන් තියෙන්නේ දෙවිට නමස්කාර කළේ නැති අය කියලා අපි දැන් දන්නවා. බයිබලයේ සඳහන් උපන් දින උත්සව ගැන එක පොතක මෙහෙම කියලා තියෙනවා. ‘තමන් ඉපදුණු දවස ගැන ප්‍රීති වුණේ පව්කාරයන් විතරයි.’ (The Catholic Encyclopedia) පව්කාරයන් වෙන්න අපි කැමති නැහැ නේද?—

කවදා හරි යේසුස් එයාගේ උපන් දිනය සමරලා තියෙනවාද?— නැහැ. යේසුස් එයාගේ උපන් දිනය සැමරුවා කියලා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ. යේසුස්ගේ මුල් ගෝලයනුත් යේසුස්ගේ උපන් දිනය සැමරුවේ නැහැ. පස්සේ කාලෙක මිනිසුන් දෙසැම්බර් 25වෙනිදාට යේසුස්ගේ උපන් දිනය සමරන්න පටන්ගත්තේ ඇයි කියලා ඔයා දන්නවාද?—

ඒකට හේතුව ඒ දවසේ තමයි “රෝමයේ හිටිය අය සැටර්න් දෙවියාගේ උත්සවයත් හිරුගේ උපන් දිනයත් සැමරුවේ” කියලා එක පොතක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) වෙන දෙවිවරුන්ව අදහපු අය ඒ අයගේ ආගමික උත්සවයක් පවත්වන්න වෙන් කරපු දවසක් තමයි මිනිසුන් යේසුස්ගේ උපන් දිනය සමරන්න තෝරගෙන තියෙන්නේ.

යේසුස් දෙසැම්බර් මාසේ ඉපදුණා කියලා හිතන්න බැරි ඇයි කියලා ඔයා දන්නවාද?— බයිබලයේ තියෙනවා යේසුස් ඉපදුණු දවසේ රෑ එඬේරුන් බැටළුවන්ව බලාගෙන එළියේ හිටියා කියලා. (ලූක් 2:8-12) දෙසැම්බර් වගේ සීතල, වහින මාසෙක එඬේරු කවදාවත් සතුන්ව එළියට ගේන්නේ නැහැ.

රාත්‍රියේදී එළිමහනේ ඉන්න එඬේරුන්

යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලා හිතන්න බැරි ඇයි?

හුඟක් අය දන්නවා නත්තල පවත්වන්නේ යේසුස්ගේ උපන් දිනය දවසේ නෙවෙයි කියලා. බොරු උගන්වන ආගම්වල අය ඒ දවසේදී දෙවි කැමති නැති උත්සවයන් පැවැත්තුවා කියලත් ඒ අය දන්නවා. ඒත් හුඟක් අය නත්තල සමරනවා. ඒ අය වැඩියෙන් හිතන්නේ උත්සව පවත්වලා විනෝද වෙන එක ගැන මිසක් දෙවිට ඒ ගැන හැඟෙන විදිහ ගැන නෙවෙයි. හැබැයි අපි නම් කැමති යෙහෝවා දෙවිව සතුටු කරන්න. එහෙම නේද?—

ඒ නිසා අපි උත්සවයන් පවත්වද්දී දෙවි කැමති විදිහට ඒවා පවත්වන්න ඕනේ. ඕනම වෙලාවක අපිට උත්සවයක් පවත්වන්න පුළුවන්. ඒකට විශේෂ දවසක් ඕන නැහැ. රසම රස කෑමක් හදලා සෙල්ලම් කරලා හොඳට සතුටු වෙන්න පුළුවන්. ඔයා ඒකට ආසද?— ඔයාට පුළුවන් ඒ ගැන අම්මායි තාත්තායි එක්ක කතා කරලා සැලසුම් කරන්න. එහෙම හොඳයි නේද?— හැබැයි ඊට කලින් ඒ උත්සවය ගැන දෙවි සතුටු වෙනවාද කියලා හොයලා බලන එක වැදගත්.

උත්සවයකදී දරුවන් බයිබලයේ තියෙන කතන්දරයක් රඟ දක්වමින්

අපි පවත්වන උත්සවයන් ගැන දෙවි සතුටුද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

හැම දෙයක්ම දෙවි කැමති විදිහට කරන එකේ වැදගත්කම තේරුම්ගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. හිතෝපදේශ 12:2; යොහන් 8:29; රෝම 12:2; 1 යොහන් 3:22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න