ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 51 පරි. 126 පි.-127 පි. 9 ¶
  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?
    තවත් ලිපි
  • හැම උත්සවයකටම දෙවියන් කැමතිද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • මහා හෙරොද් රජගේ පාලන සමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 51 පරි. 126 පි.-127 පි. 9 ¶
1. හෙරොද්ගේ උපන් දින උත්සවයේදී සලෝමි ලස්සන නැටුමක් ඉදිරිපත් කරයි; 2. සලෝමි යොහන් බව්තීස්තගේ හිස හෙරෝදියස්ට භාර දෙනවා

51වෙනි පරිච්ඡේදය

උපන් දින උත්සවයකදී මිනී මැරුමක්

මතෙව් 14:1-12 මාක් 6:14-29 ලූක් 9:7-9

  • හෙරොද් යොහන් බව්තීස්තගේ හිස ගසා දමයි

යේසුස්ගේ නියෝජිතයන් ගලීලයේ දේශනා කරමින් හිටියත් යොහන් බව්තීස්ත තාමත් ඉන්නේ හිරේ. ඔහු තමයි අනිත් අයට යේසුස් ගැන දේශනා කළේ. ඔහුව හිරභාරයට අරන් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.

හෙරොද් අන්තිපස් රජ හෙරෝදියස්ව විවාහ කරගත්ත එක වැරදියි කියලා යොහන් ප්‍රසිද්ධියේම කියලා තිබුණා. හෙරෝදියස් කියන්නේ හෙරොද්ගේ සහෝදරයෙක් වුණු ෆිලිප්ගේ බිරිඳ. ඒ විවාහය කරගන්න ඕන නිසා හෙරොද් තම බිරිඳවත් දික්කසාද කළා. මෝසෙස් මාර්ගයෙන් දෙවියන් දීලා තිබුණු නීතියට ඒක පටහැනියි. නීතියට අනුව ඒ වගේ විවාහයක් සැලකුවේ අනාචාරයේ යෙදෙනවා හා සමානවයි. හෙරොද් ඒ ගැන දැනගෙන හිටියා. නීතිය නොතකමින් ඔහු කරපු දේ ගැන යොහන් කිව්ව නිසා තමයි හෙරොද් ඔහුව හිරේ දැම්මේ. එහෙම කරන්න කියලා හෙරෝදියස් කියන්න ඇති.

“සෙනඟ යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා” යොහන්ට කරන්න ඕනෙ මොනවාද කියලා හෙරොද්ට හිතාගන්න බැහැ. (මතෙව් 14:5) හැබැයි “ඔහු කෙරෙහි වෛර බැඳගත්” හෙරෝදියස් නම් කැමැත්තෙන් ඉන්නේ යොහන්ව කොහොමහරි මරලා දාන්න. ඒකට අවස්ථාවක් ලැබෙන කල් ඇය මාන බලාගෙනයි ඉන්නේ. (මාක් 6:19) දැන් ඒකට සුදුසු අවස්ථාවක් උදා වෙනවා.

ක්‍රි.ව. 32 පාස්කු උත්සවය පවත්වන කාලය දැන් ළං වෙලයි තියෙන්නේ. හෙරොද් ඔහුගේ උපන් දිනය සමරන්න ලොකු උත්සවයක් පවත්වනවා. උසස් නිලධාරීන්, සේනාධිපතීන් සහ ගලීලයේ ප්‍රධානීන් මේ උත්සවයට ඇවිත්. උත්සවය අතරතුරේදී හෙරෝදියස්ගේ සහ ෆිලිප්ගේ දුව වන සලෝමි ලස්සන නැටුමක් ඉදිරිපත් කරනවා. ඒක බලන් ඉන්න හැමෝම ලබන්නේ ලොකු වින්දනයක්.

හෙරොද්ගේ උපන් දින උත්සවයේදී සලෝමි ලස්සන නැටුමක් ඉදිරිපත් කරයි

ඇගේ නැටුමෙන් ලොකු සතුටක් ලබන හෙරොද් “දුව කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. මම ඒ දේ දුවට දෙන්නම්” කියා පවසනවා. ඒ වගේම ඔහු දිවුරමින් මෙහෙමත් කියනවා. “ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්න කැමතියි. මගේ රාජ්‍යයෙන් භාගයක් වුණත් මම ඔබට දෙනවා.” ඒ වෙලාවේ සලෝමි අම්මා ළඟට ගිහින් “මම මොනවාද ඉල්ලන්නේ” කියා අසනවා.—මාක් 6:22-24.

මොහොතක්වත් ළත වෙන්නේ නැතුව ඇය කියන්නේ “බව්තීස්ම කරන්නා වන යොහන්ගේ හිස ඉල්ලන්න” කියලයි. ඒ නිසා ඉක්මනින්ම හෙරොද් ළඟට යන සලෝමි “ඔබ යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා මට දැන්මම දෙනවාට මම කැමතියි” කියා පවසනවා.—මාක් 6:24, 25.

හෙරොද්ට දැන් කරකියාගන්න දෙයක් නැහැ. මොකද සලෝමි ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න ඔහු පොරොන්දු වුණේ හැමෝම ඉදිරියේ. ඒක ඉටු කරන්න බැහැ කියලා කිව්වොත් ඒක ඔහුට ලොකු නින්දාවක්. ඒ නිසා තමයි අකමැත්තෙන් වුණත් වරදක් නොකළ යොහන්ගේ හිස රැගෙන එන්න කියලා හෙරොද් ආරක්ෂක භටයෙකුට අණ කරන්නේ. හිරගෙදරට ගිහින් යොහන්ගේ හිස තැටියක දාලා අරන් එන්න ඔහුට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔහු ඒක සලෝමිට දුන්නාම ඇය ඇගේ අම්මාට ඒක භාර දෙනවා.

සිද්ධ වුණු දේ යොහන්ගේ ගෝලයන්ට ආරංචි වුණාම ඔවුන් ඇවිත් යොහන්ගේ සිරුර අරන් ගිහින් සොහොන් ගෙයක තැන්පත් කරනවා. ඊටපස්සේ ඒ සිද්ධිය ගැන ඔවුන් යේසුස්ටත් දැනුම් දෙනවා.

යේසුස් විවිධ රෝගීන්ව සහ භූතයන් ආවේශ වුණු අයව සුව කරනවා කියලා ආරංචි වෙද්දී හෙරොද් හොඳටම කැලඹෙනවා. මොකද ඔහු හිතන්නේ යොහන් ‘මරණයෙන් නැඟිටලා’ කියලයි. (ලූක් 9:7) ඒ නිසා යේසුස්ව දෑහින්ම දැකගන්න ඔහුට ආශාවක් ඇති වෙනවා. ඒ, යේසුස් උගන්වන දේවලට සවන් දෙන්න නම් නෙවෙයි. ඒ වෙනුවට යේසුස් හැටියට ඇවිත් ඉන්නේ යොහන්ද කියලා දැනගන්නයි.

  • යොහන් බව්තීස්තව හිරේ දැම්මේ ඇයි?

  • යොහන් බව්තීස්තව මරලා දාන්න හෙරෝදියස්ට අවස්ථාවක් ලැබුණේ කොහොමද?

  • යොහන්ගේ මරණයෙන් පස්සේ යේසුස්ව දැකගන්න හෙරොද්ට ආශාවක් ඇති වුණේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න