ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 30 පරි. 157-161 පි.
  • බය නැති කරගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බය නැති කරගන්නේ කොහොමද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු සමාව දීමට ඉගෙනගත්තා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අභියෝග මැද විශ්වාසවන්තව සිටියා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 30 පරි. 157-161 පි.

30වෙනි පරිච්ඡේදය

බය නැති කරගන්නේ කොහොමද?

යෙහෝවා දෙවිට සේවය කරන එක ලේසියි කියලා ඔයාට හිතෙනවාද?— ඒක ලේසියි කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ. තමන්ව අත්අඩංගුවට ගන්න ටික වෙලාවකට කලින් යේසුස් නියෝජිතයන්ට මෙහෙම කිව්වා. ‘ලෝකය ඔයාලාට වෛර කළොත් ඊට කලින් ලෝකය මට වෛර කළා කියලා ඔයාලා හොඳින්ම දන්නවා.’—යොහන් 15:18.

පේතෘස් මහා ලොකුවට කිව්වා එයා නම් කවදාවත් යේසුස්ව දාලා යන්නේ නැහැ කියලා. ඒත් යේසුස් කිව්වා තමන්ව හඳුනන්නේ නැහැ කියලා පේතෘස් තුන් සැරයක්ම කියනවා කියලා. ඒක ඇත්තක් වුණා. (මතෙව් 26:31-35, 69-75) ඇයි එහෙම වුණේ?— එහෙම වුණේ පේතෘස් බය වුණු නිසයි. එයා විතරක් නෙවෙයි අනිත් නියෝජිතයනුත් බය වුණා.

ඔයා දන්නවාද නියෝජිතයන් බය වුණේ ඇයි කියලා?— හරිම වැදගත් දෙයක් එයාලා අමතක කරපු නිසයි එහෙම වුණේ. ඒ ගැන දැනගන්න එක, කවුරු මොනවා කිව්වත් මොනවා කළත් යෙහෝවා දෙවිට සේවය කරන්න අපිට උදව් වෙයි. අපි මුලින්ම බලමු යේසුස් නියෝජිතයන් එක්ක හිටිය අන්තිම රැයේදී වුණේ මොනවාද කියලා.

මුලින්ම එයාලා පාස්කු උත්සවය සැමරුවා. ඒ විශේෂ උත්සවය හැම අවුරුද්දකම සැමරුවේ ඊජිප්තුවේ වහලුන් වෙලා හිටිය, දෙවිගේ සෙනඟට ගැලවීම ලැබුණු එක සිහි කරන්න. ඒක සැමරුවාට පස්සේ යේසුස් අලුත් සැමරීමක් හඳුන්වලා දුන්නා. අපි ඒක වෙන පරිච්ඡේදයකින් බලමු. ඒ සැමරීමෙන් පස්සේ යේසුස් නියෝජිතයන්ව දිරිගන්වලා ඒ අයත් එක්ක ගෙත්සෙමනය කියන උයනට ගියා. ඒක ඒ අයට අලුත් තැනක් නෙවෙයි.

යාච්ඤා කරන්න ඕන නිසා යේසුස් තනිවම ටිකක් ඉස්සරහාට ගියා. යේසුස් පේතෘස්ටත් යාකොබ්ටත් යොහන්ටත් කිව්වා යාච්ඤා කරන්න කියලා. හැබැයි එයාලාට නින්ද ගියා. තුන්පාරක්ම යේසුස් එයාලා ළඟට එද්දී එයාලාට නින්ද ගිහින්. (මතෙව් 26:36-47) ඔයා දන්නවාද එයාලාට අවදියෙන් ඉඳන් යාච්ඤා කරන්න කියලා යේසුස් කිව්වේ ඇයි කියලා?—

පේතෘස්, යාකොබ් සහ යොහන්ව යේසුස් හොයද්දී එයාලා ගෙත්සෙමනේ උයනේ නිදාගෙන ඉන්නවා

පේතෘස්ට යාකොබ්ට සහ යොහන්ට අවදියෙන් ඉන්න කියලා යේසුස් කිව්වේ ඇයි?

පාස්කු උත්සවය සමරපු වෙලේ නියෝජිතයන් එක්ක යූදස් ඉස්කාරියොත් හිටියා. එයා හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා කියලා ඔයාට මතකයිනේ. දැන් එයා යේසුස්ව පාවලා දෙන්නයි හදන්නේ. හුඟක් වෙලාවලදී යේසුස් නියෝජිතයන් එක්ක ගෙත්සෙමන උයනට ගිය නිසා යූදස් ඒ තැන හොඳට දැනගෙන හිටියා. ඉතිං එයා යේසුස්ව අත්අඩංගුවට ගන්න සෙබළුන්ව එතැනට එක්කන් ගියා. එයාලා ආවාම යේසුස් ඇහුවා ‘ඔයාලා හොයන්නේ කාවද’ කියලා.

“යේසුස්ව” කියලා එයාලා කිව්වා. එතකොට යේසුස් බය නැතුව කිව්වා “ඒ මමයි” කියලා. යේසුස්ගේ නීර්භීතකම දැකලා සෙබළුන් කොයි තරම් බය වුණාද කියනවා නම් එයාලා පස්සෙන් පස්සට ගිහින් බිම වැටුණා. ඊටපස්සේ යේසුස් කිව්වා ‘ඔයාලා හොයන්නේ මාව නම් මගේ නියෝජිතයන්ට යන්න දෙන්න’ කියලා.—යොහන් 18:1-9.

සෙබළුන් යේසුස්ගේ අත් ගැට ගහද්දී නියෝජිතයන් බයේ පැනලා ගියා. හැබැයි පේතෘස් යොහන් එක්ක ටිකක් දුරින් යේසුස් පස්සෙන් යන්න පටන්ගත්තා. අන්තිමේදී යේසුස්ව උත්තම පූජකයා වුණු කායෆස්ගේ ගෙදරට අරන් ගියා. උත්තම පූජකයා යොහන්ව දැනගෙන හිටිය නිසා යොහන්ටත් පේතෘස්ටත් ඇතුල් මළුවට යන්න දොරටු පාලිකාව ඉඩ දුන්නා.

ඒ වෙද්දිත් නඩු විභාගය පවත්වන්න පූජකයන් කායෆස්ගේ ගෙදරට රැස් වෙලයි හිටියේ. ඒ අයට ඕනෙ කොහොමහරි යේසුස්ව මරලා දාන්න. ඒ නිසා යේසුස් ගැන බොරු සාක්ෂි දෙන්න එයාලා මිනිසුන්ව ලෑස්ති කළා. මිනිසුන් අත් මිට මොළවලා යේසුස්ට ගැහුවා. කම්මුලටත් ගැහුවා. ඒ දේවල් වෙද්දී පේතෘස් හිටියේ වැඩි ඈතකින් නෙවෙයි.

පේතෘස්වත් යොහන්වත් ඇතුළට ගත්ත දොරටු පාලිකාව පේතෘස්ගෙන් ඇහුවා ‘ඔයාත් යේසුස් එක්ක හිටපු කෙනෙක් නේද’ කියලා. හැබැයි පේතෘස් කිව්වේ එයා යේසුස්ව දන්නෙවත් නැහැ කියලයි. පේතෘස්ව හඳුනාගන්න තවත් කෙනෙක් කිව්වා ‘මේ මිනිසා යේසුස් එක්ක හිටිය කෙනෙක්’ කියලා. ඒ වතාවේදීත් පේතෘස් කිව්වේ යේසුස්ව දන්නේ නැහැ කියලයි. වැඩි වෙලාවක් යන්න කලින් තවත් කිහිපදෙනෙක් පේතෘස් දිහා බලලා ‘අනිවාර්යයෙන්ම ඔයාත් ඒ අයගෙන් කෙනෙක් තමයි’ කියලා කිව්වා. ඒ වෙලාවේදී පේතෘස් දිවුරලා කිව්වේ “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියලයි. එතකොටම යේසුස් හැරිලා පේතෘස් දිහා බැලුවා.—මතෙව් 26:57-75; ලූක් 22:54-62; යොහන් 18:15-27.

යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා තුන් වතාවක් පේතෘස් කියනකොට යේසුස් පේතෘස් දිහා බලාගෙන ඉන්නවා

යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කියන්න තරම් පේතෘස් බය වුණේ ඇයි?

ඔයා දන්නවාද පේතෘස් බොරු කිව්වේ ඇයි කියලා?— එයා බය වුණු නිසයි. බය වුණේ ඇයි? එයාට කරන්න බැරි වුණේ මොකක්ද? ටිකකට මේ ගැන හිතන්න. යේසුස්ට නිර්භීතව ඉන්න පුළුවන් වුණේ ඇයි?— එයා යාච්ඤා කළා. ඒ නිසා දෙවි නිර්භීතව ඉන්න යේසුස්ට උදව් කළා. යේසුස් පේතෘස්ට තුන්පාරක්ම කියලා තිබුණා යාච්ඤා කරමින් අවදියෙන්, සෝදිසියෙන් ඉන්න කියලා. ඒත් වුණේ මොකක්ද?—

ඒ තුන්පාරම පේතෘස්ට නින්ද ගියා. එයා යාච්ඤා කළේවත් සෝදිසියෙන් හිටියේවත් නැහැ. ඒ නිසා යේසුස්ව අත්අඩංගුවට ගන්න ආවාම එයා කලබල වුණා. යේසුස්ගේ නඩු විභාගය පවත්වපු වෙලේ යේසුස්ට ගහද්දිත් එයාව මරන්න සැලසුම් කරද්දිත් පේතෘස් හොඳටම බය වුණා. ඒත් ටිකකට කලින් යේසුස් නියෝජිතයන්ට කියලා තිබුණේ මොනවාද?— ලෝකයේ මිනිසුන් තමන්ට වෛර කරනවා වගේ එයාලාටත් වෛර කරයි කියලයි.

නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියලා පංතියේ ළමයි අහද්දී මේ පිරිමි ළමයා බය නැතුව ඒක පැහැදිලි කරනවා

පේතෘස්ට වගේ ඔයාටත් මොන වගේ දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද?

පේතෘස්ට වුණා වගේ දේකට ඔයාටත් මුහුණ දෙන්න වෙනවා කියලා හිතන්න. පන්තියේ ළමයි ජාතික ගීය කියන්නේ නැති, උපන් දින සමරන්නේ නැති අය ගැන කේන්තියෙන් කතා වෙනවා. එතකොට කෙනෙක් ඔයාගෙන් අහනවා ‘ඔයාත් ජාතික ගීය කියන්නේ නැහැ නේද’ කියලා. නැත්නම් තව කෙනෙක් අහයි ‘ඔයා උපන් දිනය සමරන්නේ නැහැ නේද’ කියලා. එහෙම වුණොත් ඇත්ත කියන්න ඔයා බයයිද?— පේතෘස් කළා වගේ ඔයාත් බොරුවක් කියයිද?—

යේසුස්ව දන්නේ නැහැ කියලා කියපු එක ගැන පේතෘස් හුඟක් දුක් වුණා. එයා පැත්තකට ගිහින් හොඳටම ඇඬුවා. අන්තිමේදී එයා පසුතැවිලා යේසුස්ගේ පැත්තට ආවා. (ලූක් 22:32) දැන් මේ ගැන හිතන්න. පේතෘස් වගේ බය වෙලා බොරු කියන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?— මතකනේ, පේතෘස් යාච්ඤා කරන්නත් සෝදිසියෙන් ඉන්නත් අමතක කළා. එහෙමනම් යේසුස්ගේ ගෝලයෙක් වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?—

අපි උදව් ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න ඕනේ. යේසුස් යාච්ඤා කළාම දෙවි කළේ මොනවාද කියලා ඔයා දන්නවාද?— යේසුස්ව ශක්තිමත් කරන්න දේවදූතයෙක්ව එව්වා. (ලූක් 22:43) දේවදූතයන්ට පුළුවන්ද අපිටත් උදව් කරන්න?— ‘යෙහෝවා දෙවිගේ දූතයා දෙවි ගැන ගරුබිය තියෙන අය වටේ කඳවුරු බැඳලා එයාලාව ගලවාගන්නවා’ කියලයි බයිබලයේ කියන්නේ. (ගීතාවලිය 34:7) හැබැයි දෙවිගේ උපකාරය ලබන්න නම් යාච්ඤා කරනවාට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනේ. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— යේසුස් ගෝලයන්ට කිව්වේ අවදියෙනුත් සෝදිසියෙනුත් ඉන්න කියලයි. ඒක කරන්නේ කොහොමද?—

ක්‍රිස්තියානි රැස්වීම්වලදී උගන්වන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. බයිබල් පද කියවද්දීත් හොඳින් අවධානය දෙන්න ඕනේ. දෙවිට සේවය කරන්න උදව් ඉල්ලලා දිගටම යාච්ඤා කරන්නත් ඕනේ. බය වෙන්නේ නැතුව ඉන්න ඒ දේවල් අපිට උදව් වෙනවා. එතකොට යේසුස් ගැනත් යෙහෝවා දෙවි ගැනත් අනිත් අයට කියන්න ලැබෙන හැම වතාවකදීම සතුටින් ඒ දේ කරන්න අපිට පුළුවන්.

බය වෙන්නේ නැතුව හරි දේ කරන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. හිතෝපදේශ 29:25; යෙරෙමියා 26:12-15, 20-24; යොහන් 12:42, 43.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න