ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 8 කොටස 11 පි.
  • ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • යෝෂුවා පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 8 කොටස 11 පි.
පූජකයන් හොරණෑ පිඹින අතරේ යොෂුවා මහත් හඬින් කෑගසයි

8වන පාඩම

ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි

ඊශ්‍රායෙල්වරු යොෂුවාගේ නායකත්වය යටතේ කානාන් දේශය යටත් කරගනියි. පීඩා විඳිමින් සිටි තම සෙනඟව ගලවාගැනීමට යෙහෝවා දෙවි විනිශ්චයකරුවන්ව පත් කරයි

බොහෝ කාලයකට පෙර යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට කානාන් දේශය උරුමයක් හැටියට දෙන බව පොරොන්දු වී තිබුණා. ඒ අනුව යොෂුවාගේ නායකත්වය යටතේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය අත් පත් කරගැනීමට අවස්ථාව පැමිණියා.

කානාන් දේශයේ ජීවත් වුණේ ඉතා පිළිකුල්සහගත ලෙස දුරාචාර ජීවිත ගත කළ අයයි. ඔවුන් කිසිම අනුකම්පාවක් නැතුව කළ මිනිස් ඝාතනවලින් මුළු දේශයම ලේ විලක් වී තිබුණා. ඒ නිසා ඔවුන් විනාශ වීමට සුදුසු අය ලෙස දෙවි තීන්දු කළ අතර ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා.

කානාන් දේශය යටත් කරගැනීමට පෙර එහි තොරතුරු සොයා බැලීම සඳහා යොෂුවා ඔත්තුකාරයන් දෙදෙනෙකුව පිටත් කර යැව්වා. ඔවුන් යෙරිකෝව නම් නගරයට ඇතුල් වී එහි සිටි රාහබ් නම් ස්ත්‍රියගේ නිවසට පැමිණියා. ඔවුන් ඊශ්‍රායෙල්වරුන් බව දැන සිටියත් ඇය ඔවුන්ව තම නිවසට පිළිගෙන ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නා. මන්ද යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් කර ඇති පුදුමසහගත දේවල් ගැන ඇය අසා තිබූ නිසා ඇයට දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් මුළු නගරයම විනාශ කරන විට ඇයවත් ඇගේ පවුලේ අයවත් බේරාගන්නා ලෙසට ඇය ඔත්තුකාරයන්ගෙන් පොරොන්දුවක් ගත්තා.

කානාන් දේශයට ඇතුල් වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝව යටත් කරගැනීමට පැමිණි විට යෙහෝවා දෙවි ආශ්චර්යවත් ලෙස එහි පවුර බිඳ වැටීමට සැලැස්වූවා. ඉන්පසු යොෂුවා සහ ඔහුගේ හමුදාව නගරයට කඩාවැද එහි වැසියන්වද නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. නමුත් ඔවුන් රාහබ් සහ ඇගේ පවුලේ අයට කිසි කරදරයක් කළේ නැහැ. අවුරුදු හයක් වැනි කෙටි කාලයක් තුළදී කානාන් දේශයෙන් වැඩි කොටසක් යටත් කරගැනීමට යොෂුවාට හැකි වුණා. ඉන්පසු ඔහු ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 අතරේ ඒ දේශය බෙදා දුන්නා.

කානාන් දේශයේ සිතියම[11වන පිටුවේ සිතියම]

යොෂුවා මිය යෑමට පෙර මුළු සෙනඟව තමා වෙතට කැඳවා යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන් වෙනුවෙන් කළ සෑම දෙයක්ම ඔවුන්ට මතක් කර දුන්නා. එමෙන්ම දිගටම දෙවිට විශ්වාසවන්තව සිටින්න කියා ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් යොෂුවා සහ ඔහු සමඟ සේවය කළ අනික් අය මිය ගිය පසු සෙනඟ යෙහෝවා දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. අවුරුදු 300ක පමණ කාලයක් පුරා දෙවිගේ නීතිවලට කීකරු වෙමින් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුන්ට නොහැකි වුණා. ඒ කාලය තුළදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කිරීමට පිලිස්තිවරුන් ඇතුළු ඔවුන්ගේ අනිකුත් සතුරන්ට ඉඩහැරියා. නමුත් උපකාරය ඉල්ලා ඔවුන් දෙවිට කන්නලව් කළ විට ඔවුන්ව ගලවාගැනීමට දෙවි විනිශ්චයකරුවන්ව යොදාගත්තා. ඒ සඳහා දෙවි විවිධ කාලවලදී විනිශ්චයකරුවන් 12දෙනෙකුව පත් කළා.

මුල්ම විනිශ්චයකරු වූ ඔත්නියෙල්ගේ සිට ඉතා ශක්තිමත් මිනිසෙක් වූ සැම්සන් නම් අවසන් විනිශ්චයකරු දක්වා සිදු වූ දේවල් බයිබලයේ විනිශ්චයකරුවෝ නමැති පොතේ සඳහන් කර තිබෙනවා. ඒ සිද්ධීන්වලින් ඉතා වැදගත් කරුණක් කාවද්දනු ලබනවා. එය නම් යෙහෝවා දෙවිගේ පාලනයට යටත් වුණොත් ඉන් ආශීර්වාද ලැබෙන බව සහ එය ප්‍රතික්ෂේප කළොත් බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වන බවයි.

—යොෂුවා; විනිශ්චයකරුවෝ; ලෙවී කතාව 18:24, 25.

  • දෙවි රාහබ් සහ ඇගේ පවුලේ අයව බේරාගත්තේ ඇයි?

  • යොෂුවාගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළේ කෙසේද?

  • විනිශ්චයකරුවෝ පොතේ කාවද්දනු ලබන කාරණය කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න