ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 44
  • රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්
    දූපුතුන්ට කියා දෙන්න
  • පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාහබ් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 44
රතු ලණුව සහ ජනේලය ළඟ රාහබ් එක්ක ඉන්න ඔත්තුකරුවෙක්

කතන්දර 44

රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි

මේ මිනිස්සු කරදරේ වැටිලයි ඉන්නේ. ඒගොල්ලන් පැනගත්තේ නැත්නම් මැරෙනවා. මේ දෙන්නා ඉශ්‍රායෙල් ජාතික ඔත්තුකාරයන් දෙන්නෙක්. ඒගොල්ලන්ට උදව් කරන ස්ත්‍රිය රාහාබ්. යෙරිකෝ නගරයේ තාප්පයටම අල්ලලා හදලා තිබුණු ගෙයකයි රාහාබ් ජීවත් වුණේ. මේ මිනිස්සු කරදරේ වැටිලා ඉන්නේ ඇයි කියලා අපි හොයලා බලමුද?

ඉශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ හරහා ගිහිල්ලා කානාන් දේශයට ඇතුල් වෙන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. මේක කරන්න කලින් යෝෂුවා මේ ඔත්තුකාරයන් දෙන්නාව යවනවා. ‘යන්න, දේශය ගැනත් යෙරිකෝ නගරය ගැනත් තොරතුරු හොයාගෙන එන්න’ කියලා එයා ඒගොල්ලන්ට කියනවා.

රතු ලණුව සහ ජනේලය ළඟ රාහබ් එක්ක ඉන්න ඔත්තුකරුවෙක්

ඔත්තුකාරයෝ යෙරිකෝවට ආවාම, ඒගොල්ලන් රාහාබ්ගේ ගෙදරට යනවා. ඒ වුණාට කවුදෝ කෙනෙක් යෙරිකෝවේ රජුට කියනවා ‘අපේ රටේ තොරතුරු දැනගන්න ඉශ්‍රායෙල්වරුන් දෙන්නෙක් අද රෑ මෙහෙ ඇවිත් ඉන්නවා’ කියලා. රජුට මේක ඇහුණාම, එයා රාහාබ්ගේ ගෙදරට මිනිස්සුන්ව යවනවා. ‘ඔයාගේ ගෙදර ඉන්න මිනිස්සුන්ව වහාම පිටතට ගේන්න’ කියලා ඒගොල්ලන් ඇයට අණ කරනවා. ඒ වුණාට රාහාබ් ඔත්තුකාරයන්ව ඇගේ වහලේ හංගලා. ඉතින් ඇය කියනවා ‘මගේ ගෙදරට මිනිස්සු ආව බව ඇත්තයි, ඒ වුණාට ඒගොල්ලන් කොහෙන් ආවාද කියලා නම් මම දන්නේ නැහැ. රෑ වේගන එනකොට, නුවර ගේට්ටු වහන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් පිට වුණා. ඕගොල්ලන් ඉක්මන් කෙරුවොත්, ඒ අයව අල්ලාගන්න බැරි වෙන එකක් නැහැ!’ කියලා. ඉතින් ඒ මිනිස්සු ඉක්මනටම ඒගොල්ලන්ව අල්ලගන්න ගියා.

ඒ මිනිස්සු ගියාට පස්සේ රාහාබ් ඉක්මනින් වහලට නඟිනවා. ‘යෙහෝවා ඕගොල්ලන්ට මේ දේශය අනිවාර්යයෙන්ම දෙනවා කියලා මම දන්නවා. ඕගොල්ලන් ඊජිප්තුවෙන් පිට වෙලා එනකොට ඔහු රතු මුහුද හිඳෙන්න සලස්වපු හැටි අපිට දැනගන්න ලැබුණා. ඕගොල්ලන් සීහොන් හා ඕග් කියන රජවරුන්ව මරලා දාපු හැටිත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් මම ඕගොල්ලන්ට හොඳින් සලකපු නිසා මටත් ඕගොල්ලන් හොඳින් සලකනවා කියලා කරුණාකරලා පොරොන්දු වෙන්න. මගේ තාත්තාවත් අම්මාවත් මගේ සහෝදර සහෝදරියන්වත් ආරක්ෂා කරන්න’ කියලා ඇය ඔත්තුකාරයන්ට කියනවා.

එහෙම කරන්න ඔත්තුකාරයෝ රාහාබ්ට පොරොන්දු වෙනවා. ඒ වුණාට ඇයත් යමක් කරන්න ඕනේ. ‘මේ රතු ලණුව ඔයාගේ ජනේලයේ ගැට ගහන්න’ කියලා ඔත්තුකාරයෝ කියනවා. ‘ඔයාගේ නෑදෑයන් හැමදෙනාවත් ඔයාගේ ගෙදරට ගෙනල්ලා තියාගන්න. අපි යෙරිකෝ නගරය අල්ලාගන්න ආයෙත් එද්දී ඔයාගේ ජනේලයේ මේ ලණුව එල්ලෙනවා පෙනෙයි. එතකොට ඔයාගේ ගෙදර ඉන්න කාවවත් අපි මරන්නේ නැහැ.’ ඔත්තුකාරයන් යෝෂුවා ළඟට ආයෙත් ගියාම, සිදු වුණ හැම දෙයක්ම එයාට කියනවා.

යෝෂුවා 2:1-24; හෙබ්‍රෙව් 11:31.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න