ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 30 පාඩම 76 පි.
  • රාහබ් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාහබ් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්
    දූපුතුන්ට කියා දෙන්න
  • පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 30 පාඩම 76 පි.
රාහබ් සෙබළුන්ව වෙන පැත්තකට යවලා ඊශ්‍රායෙල්වරු දෙන්නාව ආරක්ෂා කළා

30වෙනි පාඩම

රාහබ් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා

තොරතුරු හොයන්න යෙරිකෝවට ගිය දෙන්නා නතර වුණේ රාහබ්ගේ ගෙදර. යෙරිකෝවේ රජට ඒක ආරංචි වෙලා එයාලව අල්ලගන්න සෙබළුන්ව යැව්වා. ඒත් රාහබ් ඒ දෙන්නාව වහලේ හංගලා සෙබළුන්ව වෙන පැත්තකට යැව්වා. ඊටපස්සේ රාහබ් ඊශ්‍රායෙල්වරුන් දෙන්නාට මෙහෙම කිව්වා. ‘මං ඔයාලට උදව් කරනවා. මොකද යෙහෝවා ඔයාලාගේ පැත්තේ කියලත් ඔහු මේ දේශය ඔයාලට දෙනවා කියලත් මම දන්නවා. ඉතින් දැන් මට පොරොන්දු වෙන්න මගේ පවුලේ අයව බේරගන්නවා කියලා.’

එතකොට ඒ දෙන්නා රාහබ්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ ජනේලේ රතු පාට ලණුවක් ගැටගහලා තියන්න. එතකොට ඔයාගේ ගෙදර ඉන්න හැමෝම බේරෙයි.’

යෙරිකෝවේ තාප්ප කඩන් වැටුණත් ජනේලේ රතු පාට ලණුවක් ගැටගහලා තිබුණු රාහබ්ගේ ගේ බේරුණා

ජනේලේ ගැටගහපු ලණුවක් දිගේ එයාලට පැනගන්න රාහබ් උදව් කළා. ඊටපස්සේ එයාලා කඳු තියෙන පැත්තකට ගිහින් දවස් තුනක් හැංගිලා ඉඳලා යොෂුවා ළඟට ගියා. පස්සේ ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා යෙරිකෝව අල්ලගන්න ලෑස්ති වුණා. යෙරිකෝව තමයි එයාලා අල්ලගත්ත පළවෙනි නගරය. දවස් හයක්ම නගරය වටේ එක සැරයක් ඇවිදින්න කියලා දෙවියන් කිව්වා. හත්වෙනි දවසේ හත් පාරක් ඇවිදින්න කිව්වා. ඊටපස්සේ පූජකයෝ හොරණෑ පිඹිද්දී සෙබළු හයියෙන් කෑගැහුවා. එතකොට නගරය වටේ තිබුණු ලොකු බිත්ති කඩාගෙන වැටුණා. ඒත් රාහබ්ගේ ගෙදරට මුකුත්ම වුණේ නැහැ. යෙහෝවාව විශ්වාස කරපු නිසා රාහබුයි පවුලේ අයයි බේරුණා.

‘රාහබ්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට ප්‍රකාශ කළේ එයා කරපු දේ නිසා නෙමෙයිද? ඔත්තු බලන්න ආපු අයට එයා කරුණාවන්තව සලකලා එයාලව වෙන පාරකින් පිටත් කරලා යැව්ව නිසා නේද?’—යාකොබ් 2:25

ප්‍රශ්න: රාහබ් ඊශ්‍රායෙල්වරු දෙන්නාට උදව් කළේ ඇයි? ඊශ්‍රායෙල්වරු යෙරිකෝව අල්ලගත්තේ කොහොමද? රාහබ්ටයි එයාගේ පවුලේ අයටයි වුණේ මොනවාද?

යොෂුවා 2:1-24; 6:1-27; හෙබ්‍රෙව් 11:30, 31; යාකොබ් 2:24-26

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න