ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 3 පාඩම 8-9 පි.
  • යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාහබ් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාහබ්—ඇදහිල්ලේ ක්‍රියා මගින් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කෙරිණි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 3 පාඩම 8-9 පි.
වහලේ හැංගිලා ඉන්න ඔත්තුකරුවන්ව බලන්න රාහබ් එනවා

3වෙනි පාඩම

යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්

අපි හිතමු අපි දැන් ඉන්නේ යෙරිකෝවෙ කියලා. ඒ නගරේ හිටපු අය යෙහෝවා දෙවිව විශ්වාස කළේ නැහැ. රාහබ් හිටියෙත් ඒ නගරෙයි.

රතු මුහුද මැදින් පාරක් හදලා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්ත විදිහ රාහබ් පොඩි කාලේ අහලා තිබුණා. සතුරන්ව පරාජය කරන්න යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු විදිහ ගැනත් එයා අහලා තිබුණා. ඊශ්‍රායෙල්වරු දැන් යෙරිකෝව ළඟ කඳවුරු බැඳගෙන ඉන්නවා කියලා එයාට ආරංචි වුණා.

රාහබ් ඔත්තුකරුවන්ව ආරක්ෂා කළේ එයා යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසයි

දවසක් හැන්දෑවක යෙරිකෝව නගරේ ගැන විස්තර හොයලා බලන්න ඊශ්‍රායෙල්වරුන් දෙන්නෙක් ආවා. ඒ වගේ අයට කියන්නේ ඔත්තුකාරයෝ කියලයි. ඒ දෙන්නා රාහබ්ගේ ගෙදරටයි ගියේ. ඒ ගැන එදා රෑ යෙරිකෝවෙ රජුට ආරංචි වෙලා ඒ දෙන්නව අල්ලගෙන එන්න කට්ටියක්ව එහෙට යැව්වා. ඒත් රාහබ් ඒ දෙන්නව හංගලා, ආපු අයට මෙහෙම කිව්වා. ‘ඒ දෙන්නා මෙහෙට ආවා තමයි. ඒත් දැන් ටිකකට කලින් ඒ අය නගරෙන් පිට වෙලා ගියා. ඉක්මනට ගියොත් ඒ අයව අල්ලගන්න පුළුවන් වෙයි.’ රාහබ් ඒ දෙන්නව බේරගත්තේ ඇයි කියලා ඔයා දන්නවද?— එයා එහෙම කළේ යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසයි. ඒ වගේම යෙරිකෝව නගරෙත් ඒක තිබුණු මුළු කානාන් දේශයත් දෙවි ඊශ්‍රයෙල්වරුන්ට දෙනවා කියලා එයා දැනගෙන හිටපු නිසයි.

ඒ දෙන්නා යන්න කලින් රාහබ්ට පොරොන්දුවක් දුන්නා. ඒ තමයි යෙරිකෝව විනාශ කරද්දී රාහබ්වත් එයාගේ පවුලේ අයවත් ආරක්ෂා කරනවා කියන එක. ඒත් රාහබ්ටත් දෙයක් කරන්න කිව්වා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවද?— ‘මේ රතු ලණුව ඔයාගේ ජනේලේ ගැටගහලා තියන්න. එතකොට ඔයාගේ ගෙදර කිසිම කෙනෙක් විනාශ වෙන්නේ නැහැ’ කියලා ඒගොල්ලො කිව්වා. රාහබ් ඒ විදිහටම කළා. ඔයා හිතන විදිහට ඊළඟට මොකද වුණේ?—

යෙරිකෝවේ තාප්පෙට අල්ලලා හදලා තියෙන රාහබ්ගේ ගෙදර රතු ලණුවක් එල්ලලා තියෙනවා

යෙහෝවා දෙවි රාහබ්වත් එයාගේ පවුලේ අයවත් බේරගත්තා

ටික දවසකට පස්සේ ඊශ්‍රායෙල්වරු යෙරිකෝව වටේට යන්න පටන්ගත්තා. දවසට එක පාර ගානේ දවස් හයක්ම එහෙම කළා. ඒත් හත්වෙනි දවසේ හත් පාරක් ඒ අය නගරේ වටේට ගියා. ඊටපස්සේ ඒ හැමෝම හයියෙන් කෑගහන්න පටන්ගත්තා. එතකොටම නගරේ වටේට තිබුණු උස තාප්පය කඩාගෙන වැටුණා. ඒක කළේ යෙහෝවා දෙවියි. ඒත් ඒ තාප්පයටම අල්ලලා හදලා තිබුණු රාහබ්ගේ ගෙදර ජනේලයේ රතු ලණුව ගැටගහලා තිබුණු නිසා ඒ ගේ විතරක් බේරුණා. ඔයාට ඒක මේ පින්තූරයෙන් පේනවද?— රාහබ් සහ එයාගේ පවුලේ අය බේරුණා.

රාහබ්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?— රාහබ්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති වුණේ දෙවි කරපු පුදුම දේවල් ගැන එයා දැනගෙන හිටපු නිසයි. යෙහෝවා දෙවි කරපු පුදුම දේවල් ගැන ඔයාත් ඉගෙනගන්නවා ඇති. රාහබ් වගේ ඔයාත් දෙවිව විශ්වාස කරනවද?— ඔයා එහෙම කරනවා කියලා අපි දන්නවා.

බයිබලයෙන් කියවන්න

  • යොෂුවා 2:1-24; 6:1-5, 14, 15, 20-25

  • හෙබ්‍රෙව් 11:31

ප්‍රශ්න:

  • රාහබ් පොඩි කාලේ අහලා තිබුණේ මොන වගේ කතන්දරද?

  • ඔත්තුකාරයෝ දෙන්නට රාහබ් උදව් කළේ කොහොමද? එහෙම කළේ ඇයි?

  • ඔත්තුකාරයෝ රාහබ්ට පොරොන්දු වුණේ මොකක්ද?

  • රාහබ්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න