ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 11 කොටස 14 පි.
  • සැනසීම හා මඟ පෙන්වීම් ලබා දෙන ගීතිකා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැනසීම හා මඟ පෙන්වීම් ලබා දෙන ගීතිකා
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගීතාවලිය පොතෙන් විශේෂාංග (පළමුවන කාණ්ඩය)
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය)
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගීතාවලිය පොතෙන් විශේෂාංග (දෙවන කාණ්ඩය)
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 11 කොටස 14 පි.
දාවිත්, ගීතිකා කියමින් වීණාව වාදනය කරයි

11වන පාඩම

සැනසීම හා මඟ පෙන්වීම් ලබා දෙන ගීතිකා

දෙවිට කළ නමස්කාරයේදී ගායනා කිරීම සඳහා දාවිත් සහ තවත් අය ගීත රචනා කරයි. ඒ ගීත අතරින් ගීත 150ක් බයිබලයේ සඳහන් වෙනවා. එම ගීත එකතුව හඳුන්වන්නේ ගීතාවලිය ලෙසයි

දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියනු ලැබූ ගීත එකතුවකින් බයිබලයේ විශාලම පොත සැකසී තිබෙනවා. එහි ඇතුළත් ගීත රචනා කිරීමට අවුරුදු 1,000ක පමණ කාලයක් ගත වුණා. දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය ඉතා හැඟීම්බරව ප්‍රකාශ කර තිබෙන ආකාරය එම ගීතිකා තුළින් දැකගන්න පුළුවන්. මිනිසුන්ට ඇති වන ප්‍රීතිය, දුක, කනස්සල්ල වැනි හැඟීම් ගැනත් දෙවිට කළ ස්තුති ප්‍රශංසා ගැනත් ඒ ගීතිකාවල සඳහන් වී තිබෙනවා. ඒ ගීතිකාවලින් පැහැදිලි වන්නේ ඒවා රචනා කළ අයට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් හා ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ බවයි. දැන් අපි ඒ ගීතිකාවල දක්නට ලැබෙන තේමාවන් කිහිපයක් ගැන සලකා බලමු.

අපගේ නමස්කාරයත් ප්‍රශංසාවත් ලැබීමට වටිනා සැබෑ පාලකයා යෙහෝවා දෙවියි. ගීතාවලිය 83:18හි පවසන්නේ, ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බවයි.’ ගීතිකා කිහිපයකම දෙවිගේ පුදුමසහගත නිර්මාණයන් එනම්, තරුවලින් පිරුණු අහස, මිහිපිට සිටින ජීවීන් සහ මිනිස් සිරුර ගැන සඳහන් කරමින් ඔහු ඇත්තෙන්ම ප්‍රශංසා ලැබීමට වටින තැනැත්තා බව පවසා තිබෙනවා. (ගීතාවලිය 8, 19, 139, 148) දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන්ව ගලවාගැනීමට ක්‍රියා කරන කෙනෙක් බව සඳහන් කරමින් ඔහුව ප්‍රශංසාවට පත් කරන ආකාරයද තවත් සමහර ගීතිකාවලින් දැකගත හැකියි. (ගීතාවලිය 18, 97, 138) යෙහෝවා දෙවි දුෂ්ටයන්ට දඬුවම් කරන, පීඩා විඳින අයට ගැලවීම ලබා දෙන යුක්තිසහගත දෙවි කෙනෙකු බව තවත් ගීතිකාවල සඳහන් කර තිබෙනවා.—ගීතාවලිය 11, 68, 146.

දෙවි තමන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය උපකාර හා සැනසීම ලබා දෙයි. විසිතුන්වෙනි ගීතිකාවේ දාවිත් යෙහෝවා දෙවිව ප්‍රේමණීය එඬේරෙකුට සමාන කරමින් ඔහු ඉතා ප්‍රේමණීයව තම බැටළුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් හා රැකවරණය ලබා දෙන ආකාරය කදිමට විස්තර කර තිබෙනවා. එමෙන්ම ගීතාවලිය 65:2හි දෙවිව හඳුන්වන්නේ, “යාච්ඤා අසන තැනැත්තා” ලෙසයි. ඒ බව දැන සිටීම දෙවිට නමස්කාර කරන අයට මහත් සැනසීමක් ගෙන දෙනවා. දාවිත් තමා කළ බරපතළ වැරදි ගැන අවංකව පසුතැවිලි වූ ආකාරය ගැනත් දෙවි තමාට සමාව දෙන බවට වූ නිසැකකම ගැනත් 39 හා 51වෙනි ගීතිකාවල විස්තර කර තිබෙනවා. එම ගීතිකා කියවීමෙන් බරපතළ වැරදි කළ අය මහත් සහනයක් ලබනවා. එමෙන්ම ගීතාවලිය 55:22හි අපව දිරිගන්වන්නේ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා අපේ සෑම දුක් කරදරයක්ම ඔහුට භාර දෙන ලෙසයි.

ගැලවුම්කරුගේ පාලනය තුළින් යෙහෝවා දෙවි පොළොව මත මහත් වෙනසක් ඇති කරයි. ගීතාවලිය පොතේ ගීතිකා කිහිපයක්ම ගැලවුම්කරු වන ක්‍රිස්තුස්ට අදාළයි. ඔහුට විරුද්ධව නැඟී සිටින සියලුම දුෂ්ට පාලනයන් ඔහු විනාශ කර දමන බව දෙවෙනි ගීතිකාවේ සඳහන් වෙනවා. ගැලවුම්කරුගේ පාලනය තුළින් දෙවි කිරීමට යන තවත් දෙයක් ගැන ගීතාවලිය 46:9හි සඳහන් වෙනවා. එනම් ඔහු යුද්ධ අවසන් කර සියලු අවිආයුධ සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවයි. ක්‍රිස්තුස්ගේ පාලනය තුළින් කුසගින්නට, අසාධාරණයට හා සියලු දුක් කරදරවලට නිමාවක් ගෙනෙන බව 72වෙනි ගීතිකාවේ සඳහන් වෙනවා. එමෙන්ම සියලු දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කර ධර්මිෂ්ඨ මිනිසුන්ට මේ පොළොව මත සදහටම සාමයෙන් හා සතුටින් ජීවත් වීමට අවස්ථාව ලැබෙන බව 37වෙනි ගීතිකාවෙන් අපට දැකගත හැකියි.

—ගීතාවලිය පොත.

  • යෙහෝවා දෙවි සැබෑ පාලකයා බව ගීතාවලිය පොතේ කාවද්දන්නේ කෙසේද?

  • දෙවි ඔහුට ප්‍රේම කරන අයට අවශ්‍ය උපකාර හා සැනසීම ලබා දෙන බව පැහැදිලි වන්නේ කුමන ගීතිකාවලින්ද?

  • දෙවි පොළොව මත කිරීමට යන වෙනස ගැන සමහර ගීතිකාවල විස්තර කර තිබෙන්නේ කෙසේද?

අලංකාරවත්ම ගීතිකාව

සලමොන් රජුට කොතරම් ධන සම්භාරයක් තිබුණත් ඔහුට අවශ්‍ය ආදරය හැමවිටම ලබාගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. සලමොන්ගේ ගීතිකාව ලෙස හඳුන්වා තිබෙන පොතෙහි සඳහන් වන්නේ ඒ ගැනයි. එඬේර කොලුවෙක් සමඟ ආදරයෙන් බැඳී සිටි රූමත් තරුණියකගේ සිත දිනාගැනීමට සලමොන් දැරූ උත්සාහය එහි විස්තර කර තිබෙනවා. දෙදෙනෙක් අතර ප්‍රබල ආදර හැඟීම් ඇති වුණත් එය පාලනය කරගනිමින් ඔවුන්ගේ බැඳීම ගෞරවනීය ආකාරයකින් පවත්වාගැනීමට හැකි බව දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියනු ලැබූ එම ගීතිකාවේ පැහැදිලි කර තිබෙනවා. ඒ තරුණ යුවළ තමන්වම පාලනය කරගනිමින් නිර්මලව සහ විශ්වාසවන්තව කටයුතු කිරීම සම්බන්ධයෙන් තබන්නේ කදිම ආදර්ශයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න