ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 1 කොටස 4-5 පි.
  • දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • 1වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හොඳින් සවන් දීමට ඉගෙනගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 1 කොටස 4-5 පි.

1වන කොටස

දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?

දෙවි අපට කියන දේවල් තියෙන්නේ බයිබලයේ. 2 තිමෝති 3:16

යෙහෝවා දෙවි ස්වර්ගයේ ඉඳන් බයිබලය ලියන්න මිනිසුන්ට බලය සහ මඟ පෙන්වීම් දුන්නා

සැබෑ දෙවි තම අරමුණු පොතක ලියා තැබීමට මනුෂ්‍යයන්ට මඟ පෙන්නුවා. ඒ පොත තමයි ශුද්ධ බයිබලය. ඒ පොතේ ඇති තොරතුරු ඉතා වැදගත්. එම තොරතුරු ඔබ දැනගන්නවාට දෙවි කැමතියි.

දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. ඒ නිසා අපට හොඳම දේ මොකක්ද කියා දෙවි දන්නවා. දෙවි කියන දේට සවන් දීමෙන් ඔබටත් ප්‍රඥාවන්ත විය හැකියි.—හිතෝපදේශ 1:5.

විවිධ භාෂාවලින් තියෙන බයිබල්, තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන කෙනෙක්

මේ පොළොවේ ජීවත් වන සෑම කෙනෙක්ම බයිබලය කියවනවාට දෙවි කැමතියි. දැන් එය බොහෝ භාෂා ගණනකට පරිවර්තනය කර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට එය කියවන්න පුළුවන්.

ඔබ දෙවිට සවන් දෙන්න කැමති නම් ඔබ බයිබලය කියවා එහි ඇති දේ අවබෝධ කරගත යුතුයි.

ලොව පුරා සිටින මිනිස්සු දෙවි ගැන ඉගෙනගන්නවා. මතෙව් 28:19

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කෙනෙක්ට බයිබල් පදයක් පෙන්වනවා. පස්සේ එයා එක්ක බයිබලේ තොරතුරු අධ්‍යයනය කරනවා

බයිබලය තේරුම්ගන්න ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන්.

ඔවුන් දෙවි ගැන සැබෑ තොරතුරු ලොව පුරා උගන්වනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක රැස්වීමක් පවත්වමින්

ඔවුන් උගන්වන්නේ නොමිලේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකින්ද දෙවි ගැන ඔබට ඉගෙනගත හැකියි.

  • දෙවි පවසන දේ සත්‍යයයි.—යොහන් 17:17.

  • අපට දෙවිව විශ්වාස කරන්න පුළුවන් ඇයි?—ගණන් කතාව 23:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න