ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 4/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බයිබලය—තේරුම් ගැනීමට අදහස් කළ පොතකි
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 4/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

බයිබලේ තේරුම්ගන්න පුළුවන්ද?

බයිබලේ දෙවිගෙන් ලැබුණු පොතක්. (2 තිමෝති 3:16) දෙවිව සතුටු කරන්න නම් අපි කරන්න ඕන දේවලුත් දුක් වේදනාවලට ඔහු ඉඩහැරලා තියෙන හේතුවත් මිනිසුන් වෙනුවෙන් අනාගතේදී ඔහු කරන දේවලුත් බයිබලේ තියෙනවා. හැබැයි සමහර ආගමික නායකයන් බයිබලේ තියෙන දේවල් විකෘති කරලා උගන්නන නිසා හුඟක් අය හිතන්නේ බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න අමාරුයි කියලයි.—ක්‍රියා 20:29, 30.

යෙහෝවා දෙවියන් කැමති හැමෝම ඔහු ගැන සත්‍යය දැනගන්නවටයි. එහෙමනම් ඔහු ගැන තොරතුරු තියෙන බයිබලය තේරුම්ගන්න අමාරු පොතක් කියලා හිතන්න බැහැ.—1 තිමෝති 2:3, 4 කියවන්න.

බයිබලේ තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලේ තේරුම්ගන්න දෙවියන් අපිට උදව් කරනවා. දෙවියන් යේසුස්ව පොළොවට එව්ව එක හේතුවක් වුණේ මිනිසුන්ට දෙවියන් ගැන සත්‍යය උගන්වන්නයි. (ලූක් 4:16-21) යේසුස් ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් මිනිසුන්ට තේරුම් කරලා දුන්නා.—ලූක් 24:27, 32, 45 කියවන්න.

ඔහු ස්වර්ගෙට යන්න කලින් ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන වගකීම ඔහුගේ අනුගාමිකයන්ට පැවරුවා. ඔහු ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වේ ඒ සඳහායි. (මතෙව් 28:19, 20) අද ඉන්න යේසුස්ගේ සැබෑ අනුගාමිකයනුත් දෙවියන් ගැන බයිබලේ තියෙන සත්‍යය අනිත් අයට කියලා දෙනවා. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ඔයාත් කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ දේවල් ඔයාට තේරුම් කරලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා.—ක්‍රියා 8:30, 31 කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න