ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 9 කොටස 20-21 පි.
  • පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • පාරාදීසය අත ළඟයි!
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • 9වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම!
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 9 කොටස 20-21 පි.

9වන කොටස

පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?

අද දින සිදු වන දේවලින් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යයේ පාලනය ළඟ බවයි. ලූක් 21:10, 11; 2 තිමෝති 3:1-5

අන්තිම දවස්වලා හුඟක් කරදර සිදු වෙනවා. සූදුව, යුද්ධ, ලෙඩ රෝග, ආහාර හිඟකම්, දෙමාපියන්ට අකීකරුවීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

අද දින සිදු වන බොහෝ දේවල් ගැන බයිබලයේ කලින්ම සඳහන් කර තිබුණා. මිනිසුන් මුදලට කෑදර, දෙමාපියන්ට අකීකරු, දරුණු මෙන්ම විනෝදයට ඇල්මක් දක්වන අය වන බව එහි සඳහන් වෙනවා.

මහත් භූමිකම්පා, යුද්ධ, ආහාර හිඟකම් සහ වේගයෙන් පැතිරෙන වසංගත ඇති වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ දේවල් අද දින සෑම තැනකම දක්නට ලැබෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කෙනෙක්ට කියනවා

දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරාම දේශනා කරනු ලබන බවත් යේසුස් පැවසුවා.—මතෙව් 24:14.

දේවරාජ්‍යය සියලුම දුෂ්ට දේවල් ඉවත් කරයි. 2 පේතෘස් 3:13

හර්-මගෙදොන් යුද්ධයේදී සියලුම දුෂ්ට අයව විනාශ කරනවා. ඒ වගේම සාතන්ට සහ භූතයන්ටත් දඬුවම් ලැබෙනවා

ඉතා ඉක්මනින් යෙහෝවා දෙවි සියලුම දුෂ්ටයන්ව විනාශ කරයි.

සාතන් හා ඔහුගේ භූතයන්ට දඬුවම් ලැබෙයි.

යේසුස් ස්වර්ගික සිංහාසනයේ ඉඳගෙන ඉන්න අතර විවිධ ජාතීන්ට අයිති අය සතුටින් ඉන්නවා

දෙවිට සවන් දී කීකරු වෙන අයට ධර්මිෂ්ඨ ලොවක ජීවත් වීමට අවස්ථාව ලැබෙයි. ඒ කාලයේදී කිසිවෙක් බියෙන් ජීවත් වෙන්නේ නැහැ. හැමෝම එකිනෙකාට විශ්වාසවන්ත වෙමින් ප්‍රේමණීයව සලකයි.

  • අපි ජීවත් වන කාලයේදී සිදු වන දේවල් ගැන යේසුස් පැවසුවේ කුමක්ද?—මතෙව් 24:3-14.

  • දුෂ්ටයා විනාශ වී යයි.—2 පේතෘස් 3:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න