ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 12 පාඩම 1-5 ප්‍රශ්න
  • දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • දෙවිට ළං වෙන්න ඔබට පුළුවන්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සමීප වීමට ඔබට හැකි අයුරු
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 12 පාඩම 1-5 ප්‍රශ්න

12වන පාඩම

දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?

1. දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?

යාච්ඤා කරනවා

යාච්ඤා කරලා තමන්ට ළං වෙන්න කියලා දෙවියන් හැමෝටම ආරාධනා කරනවා. (ගීතාවලිය 65:2) ඒත් ඔහු හැම යාච්ඤාවකටම සවන් දෙන්නේ නැහැ. උදාහරණයකට තම බිරිඳට හොඳින් සලකන්නේ නැති පුරුෂයෙක්ගේ යාච්ඤාවලට ඔහු සවන් දෙන්නේ නැහැ. (1 පේතෘස් 3:7) අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟ වැරදි කරපු නිසා දෙවියන් ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දුන්නෙත් නැහැ. ඒත් බරපතළ වැරදි කරපු කෙනෙක් තම වැරදි ගැන පසුතැවිලි වෙනවා නම් ඔහුගේ යාච්ඤාවලට දෙවියන් සවන් දෙනවා. යාච්ඤාව කියන්නේ දෙවියන්ට ළං වෙන්න තියෙන වටිනා ක්‍රමයක් නිසා අපි ඒක සුළුවට ගන්න හොඳ නැහැ.—යෙසායා 1:15; 55:7 කියවන්න.

‘දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?’ කියන වීඩියෝ එක බලන්න.

2. යාච්ඤා කරන්න ඕනේ කොහොමද?

යාච්ඤාව අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. නමස්කාර කරන්න ඕනේ යෙහෝවා දෙවිට විතරක් නිසා යාච්ඤා කරන්න ඕනෙත් ඔහුට විතරයි. (මතෙව් 4:10; 6:9) අපි හැමෝම පව්කාරයන් නිසා දෙවියන්ට ළං වෙන්න අපිට අවස්ථාව තියෙන්නේ යේසුස් ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරපු නිසයි. ඒ නිසා අපේ යාච්ඤා දෙවියන්ට ඉදිරිපත් කරන්න ඕනේ යේසුස්ගේ නමින්. (යොහන් 14:6) කටපාඩමෙන් යාච්ඤා කරනවාටවත් පොතක් බලාගෙන යාච්ඤා කරනවාටවත් දෙවියන් කැමති නැහැ. ඔහු කැමති අපේ අවංක හැඟීම් ඔහුට කියනවාටයි.—මතෙව් 6:7; ෆිලිප්පි 4:6, 7 කියවන්න.

නිහඬව හිතින් කරන යාච්ඤාවලටත් දෙවියන් සවන් දෙනවා. (1 සාමුවෙල් 1:12, 13) ඕනම වෙලාවක යාච්ඤා කරන්න කියලා ඔහු අපිට කියලා තියෙනවා. දවස පටන්ගද්දී, ඉවර වෙද්දී, කෑම ගන්න කලින් හා ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන්ට යාච්ඤා කරන්න අපිට පුළුවන්.—ගීතාවලිය 55:22; මතෙව් 15:36 කියවන්න.

3. දෙවියන්ට නමස්කාර කරන අයව ආශ්‍රය කරන්න ඕනේ ඇයි?

ක්‍රිස්තියානි රැස්වීමකදී බයිබලය කියවනවා

අපි ජීවත් වෙන්නේ දෙවියන් ගැන කිසි විශ්වාසයක් නැති, ඔහුගේ පොරොන්දු සැහැල්ලුවට ගන්න මිනිසුන් අතරෙයි. ඒ නිසා දෙවියන්ට ළං වෙන එක ලේසි නැහැ. (2 තිමෝති 3:1, 4; 2 පේතෘස් 3:3, 13) ඒත් යෙහෝවා දෙවිව විශ්වාස කරන, ඔහුට නමස්කාර කරන අයව ඔයා ආශ්‍රය කළොත් දෙවියන්ට ළං වෙන්න ඒක ඔයාට උදව්වක්. ඒ වගේම ඔහුට කිට්ටු වෙන්න අනිත් අයට උදව් කරන්නත් ඒකෙන් ඔයාට පුළුවන් වෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියොත් ඔයාට ඒ වගේ අයව ආශ්‍රය කරන්න ලැබෙයි.—රෝම 1:11, 12 කියවන්න.

4. දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?

රැකියා ස්ථානයේ විවේක කාලයේදී බයිබලය කියවනවා

බයිබලය කියවද්දී දෙවියන් කරලා තියෙන දේවල්, ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් හා පොරොන්දු ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඒ දේවල්වලින් ඔයාට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා කල්පනා කරන්න. ඒ වගේම යාච්ඤා කරන්නත් අමතක කරන්න එපා. ඔයා එහෙම කරද්දී යෙහෝවා දෙවි ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙයි. එතකොට ඔහුට ළං වෙන්න ඔයාට පුළුවන්.—යොෂුවා 1:8; ගීතාවලිය 1:1-3 කියවන්න.

දෙවියන්ට ළං වෙන්න නම් ඔහු ගැන විශ්වාසයක් ඇති කරගන්නත් ඕනේ. ඒ විශ්වාසය දිගටම තියාගන්න එකත් හරිම වැදගත්. දෙවියන්ව විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු ගැන නිතරම කල්පනා කරන්න. එතකොට ඒ විශ්වාසය දිගටම තියාගන්න ඔයාට පුළුවන් වෙයි.—මතෙව් 4:4; හෙබ්‍රෙව් 11:1, 6 කියවන්න.

5. දෙවියන්ට ළං වෙන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය ගැන ඔහු සැලකිලිමත්. ඒ නිසා දෙවියන් ගැන තියෙන විශ්වාසය දිගටම රැකගන්නත් සදාකාල ජීවනය ගැන අපිට තියෙන බලාපොරොත්තුව දිගටම තියාගන්නත් දෙවියන් අපිට උදව් කරනවා. (ගීතාවලිය 91:1, 2, 7-10) සෞඛ්‍යයට හොඳ නැති, සතුට සොරාගන්නා දේවල් ගැන ඔහු අපිව දැනුවත් කරනවා. ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිහ ගැන අපිට උගන්වන්නේ යෙහෝවා දෙවියි.—ගීතාවලිය 73:27, 28; යාකොබ් 4:4, 8 කියවන්න.

මිතුරන් එකට එකතු වෙලා විනෝද වෙනවා

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වෙනි පරිච්ඡේදයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න