ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 11 පාඩම 1-4 ප්‍රශ්න
  • දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • දිව්‍ය ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලබන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රතිපත්තිය තේරුම්ගැනීම මේරූකම පිළිබිඹු කරයි
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේව ප්‍රතිපත්ති ඔබට ප්‍රයෝජනවත් විය හැක
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දී තිබෙන නීති පිළිපැදීම වැදගත්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 11 පාඩම 1-4 ප්‍රශ්න

11වන පාඩම

දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?

1. අපිට දෙවියන්ගේ ආඥා අවශ්‍ය ඇයි?

බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගන්නා අවස්ථා. මවක් දරුවෙකුට ආසන පටි පළඳවනවා, තාත්තා සහ පුතා ආරක්ෂිත හිස්වැසුම් දාගෙන ඉන්නවා, ගැබිනි මවක්, සැලකිලිමත් සේවකයෙක්

දෙවියන්ගේ ආඥා පිළිපදිනවා නම් අපි අපේ ආරක්ෂාව ගැන හිතනවා.—ගීතාවලිය 36:9.

හැම දරුවෙක්ටම පුංචි කාලේ ඉඳලා හරි වැරැද්ද ගැන කියලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි දෙමාපියන් එක එක නීති දාන්නේ. ඒකෙන් හොඳක් වෙන්නේ දරුවන්ටමයි. අපිටත් අපේ ජීවිත සාර්ථක කරගන්න දෙවියන්ගේ ආඥා ඕනේ. (යෙසායා 48:17, 18) ඔහුගේ උදව් නැතුව හරි වැරැද්ද අතර වෙනස අඳුනගන්න අපිට බැහැ. (යෙරෙමියා 10:23) දෙවියන් දීලා තියෙන ආඥා පිළිපැද්දොත් අපිට යහපතක් වෙනවා කියලා ස්ථිරයි. මොකද යෙහෝවා දෙවි අපිට වඩා ගොඩක් ප්‍රඥාවන්තයි. ඔහු ආදරණීය තාත්තා කෙනෙක් වගේ අපි ගැන සැලකිලිමත්.—2 තිමෝති 3:16 කියවන්න.

දෙවියන් දීලා තියෙන ආඥා පිළිපැද්දොත් අපේ ජීවිත අර්ථවත් විදිහට ගත කරන්න පුළුවන්. අනාගතයේදී සදාකාල ජීවනය ලබාගන්නත් පුළුවන් වෙනවා. යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ නිසා අපිට ආඥා දෙන්න ඔහුට අයිතියක් තියෙනවා. ඔහු ඒ වගේ ආඥා දීලා තියෙන එක ගැන අපි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ.—ගීතාවලිය 19:7, 11; එළිදරව් 4:11 කියවන්න.

2. දෙවියන් දීලා තියෙන ආඥා මොනවාද?

සමහරක් කාරණාවලදී අපි කරන්න ඕනේ මොනවාද නොකරන්න ඕනේ මොනවාද කියලා දෙවියන් කෙළින්ම කියනවා. (ද්විතීය කතාව 22:8) ඒත් බයිබලයේ හැම දෙයක්ම ඒ විදිහට කෙළින්ම කියන්නේ නැහැ. සමහරක් අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා බයිබලය හොඳින් කියවලා ඒකේ තියෙන තොරතුරු තේරුම් අරගෙන කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරන්න. (හිතෝපදේශ 2:10-12) උදාහරණයකට ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක අපි හොඳින් තේරුම් අරං ඉන්නවා නම් අපේ ජීවිතයටවත් අනිත් අයගේ ජීවිතවලටවත් අනතුරක් වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.—ක්‍රියා 17:28 කියවන්න.

3. ප්‍රධානම ආඥා දෙක මොනවාද?

ඒවා මොනවාද කියලා යේසුස් කිව්වා. යෙහෝවා දෙවිට ප්‍රේම කරන එක තමයි පළමුවෙනි ආඥාව. ඒකට දෙවියන්ව දැන හඳුන ගන්න එක, ඔහුට විශ්වාසවන්තව සේවය කරන එක ඇතුළත්. ඇත්තටම අපි ජීවත් වෙන්න ඕනෙත් ඒ දේ කරන්නයි. අපි මොන දේ කළත් ඒ ආඥාව මතක තියාගන්න ඕනේ. (හිතෝපදේශ 3:6) ඒ ආඥාව පිළිපදින අයට දෙවියන්ගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ජීවිතය සතුටින් ගත කරන්නත් සදාකාල ජීවනය ලබාගන්නත් පුළුවන් වෙනවා.—මතෙව් 22:36-38 කියවන්න.

අනිත් අයට ප්‍රේම කරන එක තමයි දෙවෙනි ආඥාව. ඒක පිළිපදිනවා නම් අපිට හැමෝම එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙනවා. (1 කොරින්ති 13:4-7) ඒ වගේම යෙහෝවා දෙවි වගේ අනිත් අයට ප්‍රේම කරන්නත් අපිට පුළුවන් වෙනවා.—මතෙව් 7:12; 22:39, 40 කියවන්න.

4. දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?

සතුටින් ඉන්න පවුලක්

විවාහ වෙලා ඉන්න අයට දෙවියන් ආඥා කරලා තියෙන්නේ විවාහ බැඳීම හැමදාටම තියාගන්න කියලයි. ඒ ආඥාවට කීකරු වුණොත් විවාහ වෙලා ඉන්න දෙන්නට විතරක් නෙමෙයි, දරුවන්ටත් ඒක ලොකු ආරක්ෂාවක්. බයිබලයේ තියෙන ආඥාවලට කීකරු වෙද්දී පවුලේ සාමාජිකයන් අතරේ එකමුතුකමත් වැඩි වෙනවා.—කොලොස්සි 3:12-14.—උත්පත්ති 2:24 කියවන්න.

දෙවියන්ගේ ආඥා පිළිපදින එකෙන් අපිට තවත් ප්‍රයෝජන තියෙනවා. බයිබලයේ කියන්නේ නිතරම අවංකව, කඩිසරව වැඩ කරන්න කියලයි. අපි එහෙම කරද්දී රැකියාවන් හොයාගන්නත් තියෙන රැකියාව රැකගන්නත් පුළුවන්. අද ගොඩක් රැකියාවලට හොයන්නේ අවංක, කඩිසර අයවයි. (හිතෝපදේශ 10:4, 26; හෙබ්‍රෙව් 13:18) අපිට දැනටමත් තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න කියලත් දෙවියන් ආඥා කරලා තියෙනවා. ඒ වගේම දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම අපේ ජීවිතේ වැදගත්ම දේ හැටියට සලකන්න කියලත් ඔහු පවසනවා. අපි ඒවාට කීකරු වෙනවා නම් මනස නිරවුල්ව තියාගන්න පුළුවන්.—මතෙව් 6:24, 25, 33; 1 තිමෝති 6:8-10 කියවන්න.

දෙවියන්ගේ ආඥා පිළිපදින එක අපේ සෞඛ්‍යයටත් හොඳයි. (හිතෝපදේශ 14:30; 22:24, 25) ඔහු ආඥා කරලා තියෙනවා සීමාව ඉක්මවලා මත්පැන් බොන්න එපා කියලා. බරපතළ ලෙඩ හදාගන්නේ නැතුව ඉන්නත් අනතුරු වළක්වගන්නත් ඒ නිසා අපිට පුළුවන්. (හිතෝපදේශ 23:20) ඒකෙන් අදහස් කරන්නේ මත්පැන් බොන එක දෙවියන් තහනම් කරලා තියෙනවා කියලා නෙමෙයි. සීමාව ඉක්මවලා බොන එක තමයි වැරදි. (ගීතාවලිය 104:15; 1 කොරින්ති 6:10) දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙද්දී අපේ සිතුවිලි ආරක්ෂා කරගන්නත් පුළුවන්. (ගීතාවලිය 119:97-100) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්නේ ඒකෙන් ප්‍රයෝජන ලැබෙන නිසාම නෙමෙයි. ඒකෙන් අපේ දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙන නිසයි.—මතෙව් 5:14-16 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 12 හා 13 පරිච්ඡේදවලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න