ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 4 පාඩම 10-11 පි.
  • යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • ඇය දෙවිගෙත් මිතුරන්ගෙත් ආදරය දිනාගත්තා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙප්තාගේ පොරොන්දුව
    මගේ බයිබල් කතන්දර පොත
  • විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙප්තා දීපු පොරොන්දුව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 4 පාඩම 10-11 පි.
දුව පොඩි කාලේ ඉඳලම යෙප්තා දුවත් එක්ක කාලය ගත කළා

4වෙනි පාඩම

යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්

ඊශ්රායෙල්වරුන් සටන් කරන අතරේ යෙප්තා, යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා

යෙප්තා යෙහෝවා දෙවිට පොරොන්දු වෙන්නේ මොකක්ද?

යුද්ධයෙන් පස්සේ ගෙදර එන යෙප්තාව එයාගේ දුව වැළඳගන්නවා

හැම අවුරුද්දකම යෙප්තාගේ දුවගේ යාළුවෝ එයාව බලන්න ගියා

පින්තූරේ ඉන්න මේ ගෑනු ළමයා කවුද කියලා ඔයා දන්නවද?— ඒ යෙප්තාගේ දුව. එයාගේ නම බයිබලයේ නැහැ. ඒත් එයා එයාගේ තාත්තාගෙත් යෙහෝවා දෙවිගෙත් හිත සතුටු කළා කියලා නම් අපි දන්නවා.

යෙප්තා හොඳ කෙනෙක්. එයා යෙහෝවා දෙවි ගැන එයාගේ දුවට හුඟක් දේවල් කියලා දුන්නා. යෙප්තා හුඟක් ශක්තිමත් වගේම හොඳ නායකයෙක් නිසා සතුරන් එක්ක යුද්ධ කරන්න යද්දී එයාට නායකයා වෙන්න කියලා ඊශ්‍රායෙල්වරු කිව්වා.

යුද්ධයෙන් දිනන්න උදව් කරන්න කියලා යෙප්තා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. උදව් කළොත් යුද්ධයෙන් දිනලා එද්දී එයාගේ ගෙදර ඉඳන් එයාව හම්බ වෙන්න ඉස්සෙල්ලම එන කෙනාව යෙහෝවා දෙවිට දෙනවා කියලා එයා පොරොන්දුවක් වුණා. ඒ කිව්වේ ඒ කෙනා ජීවත් වෙලා ඉන්න කල්ම යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමේ වැඩ කරන්න එයාව දෙනවා කියන එකයි. යෙප්තා යුද්ධයෙන් දිනලා ගෙදර එද්දී එයාව හම්බ වෙන්න ඉස්සෙල්ලම ආවේ කවුද කියලා ඔයා දන්නවද?—

එයාගේ දුව තමයි ආවේ. දැන් එයාගේ එකම දුවව ශුද්ධ කූඩාරමට යවන්න යෙප්තාට සිද්ධ වෙනවා. ඒ ගැන යෙප්තාට ලොකු දුකක් දැනුණත් එයා වුණු පොරොන්දුව ඉටු කරන්න ඕනේ. එයා දුකෙන් ඉද්දී දුව ඇවිත් එයාට මෙහෙම කිව්වා. ‘තාත්තේ, ඔයා යෙහෝවා දෙවිට පොරොන්දු වුණු විදිහටම කරන්න.’

යෙප්තාගේ දුව ශුද්ධ කූඩාරමට අවශ්ය කරන දර අහුලයි. යාළුවන් එයාව බලන්න එයි

කොච්චර අමාරු වුණත් තාත්තා පොරොන්දු වුණු දේ එයා කළා

යෙප්තාගේ දුවටත් හුඟක් දුකයි. ශුද්ධ කූඩාරමට ගිහින් වැඩ කරද්දී එයාට බඳින්නවත් දරුවෝ හදන්නවත් බැරි වෙනවා. ඒත් එයාට ඕන වුණේ කොහොමහරි එයාගේ තාත්තා පොරොන්දු වුණු දේ කරලා දෙවිව සතුටු කරන්න. අනිත් හැම දේටම වඩා දෙවිව සතුටු කරන එක වැදගත් කියලා එයා හිතුවා. ඒ නිසා එයා ගිහින් එයාගේ ජීවිතේ තියන කල්ම ශුද්ධ කූඩාරම ළඟ නතර වෙලා ඒකේ වැඩ කළා.

එයා කරපු දේ නිසා එයාගේ තාත්තායි යෙහෝවා දෙවියි හුඟක් සතුටු වුණා කියලා ඔයා හිතනවද?— ඒ දෙන්නාම හුඟක් සතුටු වුණා. ඔයාත් යෙහෝවා දෙවිට ආදරේ කරන, කියන දේ අහන ළමයෙක් වෙනවා නම් ඔයාටත් පුළුවන් යෙප්තාගේ දුව වගේ වෙන්න. එතකොට ඔයාගේ අම්මායි තාත්තායි වගේම යෙහෝවා දෙවිත් ගොඩක් සතුටු වෙයි.

බයිබලයෙන් කියවන්න

  • ද්විතීය කතාව 6:4-6

  • විනිශ්චයකරුවෝ 11:30-40

  • 1 කොරින්ති 7:37, 38

ප්‍රශ්න:

  • යෙප්තා මොන වගේ කෙනෙක්ද? එයා වුණු පොරොන්දුව මොකක්ද?

  • යෙප්තාගේ පොරොන්දුව ඉටු කරන එක දුවට ලේසි එකක් වුණේ නැත්තේ ඇයි?

  • අනිත් හැම දේටම වඩා යෙප්තාගේ දුවට වැදගත් වුණේ මොකක්ද?

  • යෙප්තාගේ දුව වගේ වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න