ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 13 පාඩම 28-29 පි.
  • අනිත් අයට උදව් කරපු තිමෝති

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයට උදව් කරපු තිමෝති
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • තිමෝතිගේ කදිම ආදර්ශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාවුල් සහ තිමෝති
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 13 පාඩම 28-29 පි.
පුංචි තිමෝති, ආච්චිගෙනුයි අම්මගෙනුයි ඉගෙනගන්නවා

13වෙනි පාඩම

අනිත් අයට උදව් කරපු තිමෝති

තිමෝති අනිත් අයට හරිම ආසාවෙන් උදව් කරපු කෙනෙක්. හුඟක් තැන්වලට ගිහින් මිනිසුන්ට උදව් කරපු නිසා එයාට සතුටින් ඉන්න පුළුවන් වුණා. ඔයා කැමතිද එයා ගැන දැනගන්න?—

තිමෝතිගේ අම්මායි, ආච්චියි යෙහෝවා දෙවි ගැන එයාට කියලා දුන්නා

තිමෝති හිටියේ ලිස්ත්‍රාව කියන නගරේ. එයාගේ ආච්චිගේ නම ලොයිස්. අම්මාගේ නම යූනිස්. ඒ දෙන්නා තිමෝති පුංචි කාලේ ඉඳලාම යෙහෝවා දෙවි ගැන එයාට කියලා දුන්නා. ටික ටික ලොකු වෙද්දී තිමෝතිටත් ඕන වුණා යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න.

දේශනා කරන්න එක එක තැන්වලට යද්දී එයාත් එක්ක යන්න එන්න කියලා පාවුල් තිමෝතිට කිව්වා. තිමෝතිත් හරිම ආසාවෙන් ඒකට කැමති වුණා.

ඒ දෙන්නා මැසිඩෝනියාවේ තිබුණ තෙසලෝනික නගරෙට ගියා. ඒක හුඟක් ඇවිදින්න තිබුණ දුර ගමනක්. ඒ දෙන්නට නැවෙනුත් යන්න වුණා. එහෙට ගිහින් එහෙ හිටපු අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඒගොල්ලො උදව් කළා. ඒත් සමහර අය ඒ දෙන්නට බැන්නා. ගහලා තුවාල කරන්නත් හැදුවා. ඒ නිසා පාවුල් තිමෝතිවත් එක්කගෙන වෙන තැන්වලට ගියා.

තිමෝති පාවුල් එක්ක බෝට්ටුවේ යනවා

තිමෝති හිටියේ හුඟක් සතුටින්

ටික කාලෙකට පස්සේ පාවුල් තිමෝතිට කිව්වා ආයෙත් තෙසලෝනික නගරෙට ගිහින් එහෙ ඉන්න සහෝදරයන් ගැන හොයලා බලන්න කියලා. එහෙට යන එක භයානක දෙයක් වුණත් එහෙ හිටපු සහෝදරයන්ට තිමෝති හුඟක් ආදරේ කරපු නිසා කැමැත්තෙන්ම ඒ ගමන ගියා. ඊටපස්සේ එයා ඇවිත් පාවුල්ට කිව්වා ඒ අය ගොඩක් හොඳින් ඉන්නවා කියලා.

තිමෝති පාවුල් එක්ක අවුරුදු ගාණක් එක එක තැන්වලට ගිහින් දෙවි ගැන අනිත් අයට කියලා දුන්නා. සභාවල අයට උදව් කරන්න යවන්න ඉන්න හොඳම කෙනා තිමෝති කියලා පාවුල් එකපාරක් කිව්වා. සහෝදර සහෝදරියන්ටත් යෙහෝවා දෙවිටත් තිමෝති හුඟක් ආදරේ කළා.

ඔයාත් අනිත් අයට ආදරේ කරනවද? ඒ අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න උදව් කරන්න ඔයා කැමතිද?— ඔයා එහෙම කරනවා නම් ඔයාටත් පුළුවන් තිමෝති වගේ සතුටින් ඉන්න.

බයිබලයෙන් කියවන්න

  • 2 තිමෝති 1:5; 3:15

  • ක්‍රියා 16:1-5; 17:1-10

  • 1 තෙසලෝනික 3:2-7

  • ෆිලිප්පි 2:19-22

ප්‍රශ්න:

  • පුංචි කාලේ තිමෝති හිටියේ කොහෙද?

  • තිමෝති පාවුල් එක්ක එක එක තැන්වලට යන්න කැමති වුණාද? ඒ ඇයි?

  • තිමෝති ආයෙත් තෙසලෝනික නගරෙට ගියේ ඇයි?

  • තිමෝති වගේ සතුටින් ඉන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න