ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 100 පාඩම 232 පි.-233 පි. 2 ¶
  • පාවුල් සහ තිමෝති

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාවුල් සහ තිමෝති
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • තිමෝතිගේ කදිම ආදර්ශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනිත් අයට උදව් කරපු තිමෝති
    දූපුතුන්ට කියා දෙන්න
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 100 පාඩම 232 පි.-233 පි. 2 ¶
පාවුල්, සීලස් සහ තිමෝති

100වෙනි පාඩම

පාවුල් සහ තිමෝති

යූනිස්, ලොයිස්, පුංචි තිමෝති

ලිස්ත්‍රාවේ හිටියා තිමෝති කියලා තරුණයෙක්. එයාගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක්. අම්මා යුදෙව් ජාතිකයෙක්. අම්මාගේ නම යූනිස්. ආච්චිගේ නම ලොයිස්. අම්මායි ආච්චියි තිමෝතිට පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා ගැන ඉගැන්නුවා.

පාවුල් එයාගේ දෙවෙනි සංචාරයේදී ලිස්ත්‍රාවට ගියාම එයා දැක්කා තිමෝති සහෝදරයන්ට ආදරෙන් සලකන, උදව් කරන්න ආස කෙනෙක් කියලා. ඒ නිසා පාවුල් තිමෝතිවත් එයාත් එක්ක එක්කන් ගියා. එහෙම යනකොට දක්ෂ විදිහට දේශනා කරන්නත් උගන්වන්නත් පාවුල් තිමෝතිව පුහුණු කළා.

දෙවියන් එයාලට යන්න ඕනෙ කොහෙටද කියලා මඟ පෙන්නුවා. දවසක් රෑ පාවුල් දර්ශනයකින් දැක්කා මැසිඩෝනියාවේ කෙනෙක් එහෙට ඇවිත් එයාලට උදව් කරන්න කියලා පාවුල්ගෙන් ඉල්ලනවා. ඒ නිසා පාවුල්, තිමෝති, සීලස් සහ ලූක් එහෙට ගිහින් දේශනා කරලා එහේ සභා පිහිටුවන්න උදව් කළා.

මැසිඩෝනියාවේ නගරයක් වුණු තෙසලෝනිකයේ හුඟක් අය ක්‍රිස්තියානීන් වුණා. ඒ ගැන සමහර යුදෙව්වරු හිටියේ ඊර්ෂ්‍යාවෙන්. එයාලා සහෝදරයන්ව අල්ලගෙන නගරේ පාලකයන් ළඟට අරන් ගිහින් කිව්වා ‘මේ ඉන්නේ රෝම ආණ්ඩුවේ හතුරෝ’ කියලා. පාවුල්ගෙයි තිමෝතිගෙයි ජීවිත තිබුණේ අනතුරේ නිසා එයාලා එදා රෑම බෙරීයට ගියා.

බෙරීයේ හිටපු අයට ශුභාරංචිය ගැන දැනගන්න ලොකු ආසාවක් තිබුණා. එහේ හිටපු ග්‍රීක ජාතිකයනුයි යුදෙව්වරුයි ක්‍රිස්තියානීන් වුණා. තෙසලෝනිකයේ හිටපු යුදෙව්වරු කීපදෙනෙක් ප්‍රශ්න ඇති කරපු නිසා පාවුල් ඇතන්ස්වලට ගියා. ඒත් තිමෝතියි සීලසුයි බෙරීයේම ඉඳලා සහෝදරයන්ව ශක්තිමත් කළා. ටික කාලෙකට පස්සේ පාවුල් තෙසලෝනිකයේ දරුණු පීඩාවලට මුහුණ දෙන සහෝදරයන්ට උදව් කරන්න තිමෝතිව යැව්වා. පස්සේ කාලෙකදී පාවුල් තවත් හුඟක් සභාවන්වලට තිමෝතිව යවලා සහෝදරයන්ව දිරිගැන්නුවා.

නිවාස අඩස්සියේ ඉද්දී පාවුල් තිමෝතිට කියලා ලියුමක් ලියාගන්නවා

පාවුල් තිමෝතිට කිව්වා ‘යෙහෝවාට සේවය කරන්න කැමති හැමෝටම පීඩා විඳින්න වෙනවා’ කියලා. කිව්වා වගේම තිමෝතිට හුඟක් පීඩා ආවා. හිරේ ඉන්නත් වුණා. ඒත් තිමෝති ඒවා සැලකුවේ දෙවියන්ට එයාගේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න ලැබුණු අවස්ථාවන් විදිහටයි.

පාවුල් ෆිලිප්පිවරුන්ට මෙහෙම කිව්වා. ‘මං ඔයාලා ළඟට තිමෝතිව එවනවා. දිගටම දෙවියන්ට කීකරු වෙන්න එයා ඔයාලට උදව් කරයි. හොඳින් සේවය කරන්නත් ඔයාලව පුහුණු කරයි.’ ඒ දේ තිමෝති හරියටම කරයි කියලා පාවුල් දැනගෙන හිටියා. ඒ දෙන්නා අවුරුදු ගාණක්ම හොඳ යාළුවන් විදිහට දෙවියන්ට සේවය කළා.

“ඔයාලා ළඟට එවන්න එයා වගේ කෙනෙක් මට තවත් නැහැ. එයා ඔයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙයි. අනිත් හැමෝම හිතන්නේ තමන්ගේ වාසිය ගැන විතරයි. එයාලා යේසුස් ක්‍රිස්තුස් බලාපොරොත්තු වෙන දේ ගැන හිතන්නේ නැහැ.”—ෆිලිප්පි 2:20, 21

ප්‍රශ්න: තිමෝති කියන්නේ කවුද? පාවුලුයි තිමෝතියි හොඳ යාළුවන් වුණේ ඇයි?

ක්‍රියා 16:1-12; 17:1-15; ෆිලිප්පි 2:19-22; 2 තිමෝති 1:1-5; 3:12, 14, 15; හෙබ්‍රෙව් 13:23

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න