වම: 1946දී ස්විට්සර්ලන්තයේ සහෝදරයන් ජර්මනියේ සහෝදරයන්ට සහනාධාර යවමින්; දකුණ: 2011දී ඇති වුණු සුනාමියෙන් අලාභහානි වුණු ජපානයේ නමස්කාර මධ්‍යස්ථානයක් අලුත්වැඩියා කරමින්
6වෙනි කොටස
දෙවිගේ රාජ්‍යයෙන් උපකාර ලැබෙයි
ඔබ දැන් ඇතුල් වෙන්නේ ඔබේ නමස්කාර මධ්‍යස්ථානයට. ඒ තැන ගැන ඔබේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. සමහරවිට අවුරුදු ගාණකට කලින් ඒක හදන්න හවුල් වෙද්දී සිද්ධ වුණු දේවල් ඔබට තාමත් මතක ඇති. මේ වතාවේ ඔබ එතැනට යද්දී වෙනදාට වඩා ලොකු වෙනසක් ඔබ දකිනවා. ඒ ශාලාව දැන් තාවකාලික සහනාධාර මධ්‍යස්ථානයක් කරලා. ඒ ගැන ඔබ හුඟක් සතුටු වෙනවා. ඔබේ පළාතේ ඇති වුණු ගංවතුරෙන් පීඩා විඳින අයට කෑම, ඇඳුම්, වතුර සහ තවත් දේවල් දෙන්න ශාඛා කමිටුවේ සහෝදරයන් ඉක්මනින්ම පියවර අරන් තියෙනවා. ලැබිලා තියෙන සහනාධාර හරිම පිළිවෙළකට තියලා තියෙන විදිහත් අසරණ වෙලා ඉන්න සහෝදර සහෝදරියන් එතැනට ඇවිත් ඕන කරන දේවල් ගද්දී ඒ අයගේ ඇස්වලින් සතුටු කඳුළු බේරෙන විදිහත් ඔබ දකිනවා.
යේසුස් කියලා තිබුණා ඔහුගේ අනුගාමිකයන්ව පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඒ අය අතරේ තියෙන ප්‍රේමයෙන් කියලා. (යොහ. 13:34, 35) අපි මේ කොටසින් බලන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ තියෙන ඒ ප්‍රේමය ඒ අය කරන ඉදි කිරීම් කටයුතු සහ සහන සේවා කටයුතුවලින් පැහැදිලි වෙන්නේ කොහොමද කියලයි. ඒ හැම දේකින්ම තහවුරු වෙන්නේ අපි අද ජීවත් වෙන්නේ යේසුස්ගේ රාජ්‍යයේ පාලනය යටතේ කියලයි.