ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 3 පි.
  • විපතකින් පසු ලැබෙන සහන සේවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විපතකින් පසු ලැබෙන සහන සේවා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?
    නිතර අසන ප්‍රශ්න
  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • 2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • කොහොමද අපි උදව් කරන්නේ?
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විපතකින් පසු ලැබෙන සහන සේවා

ආපදාවක් වුණාම සහන සේවා වැඩ හොඳින් සංවිධානය කරන්නත් සම්බන්ධීකරණය කරන්නත් ඕනේ. ඒකට උදව්වක් විදිහට පාලක මණ්ඩලය හැම ශාඛා කාර්යාලයකම සහන සේවා අංශයක් පිහිටුවලා තියෙනවා.

ආපදාවක් වුණා කියලා ඒ අංශයේ සහෝදරයන් දැනගත්ත වහාම එයාලා ඒ පැත්තේ වැඩිමහල්ලන්ට කතා කරනවා. එහෙම කරන්නේ ප්‍රචාරකයන්ට ඕනෙ කරන උදව් ගැන දැනගන්න. ප්‍රචාරකයන්ට තනියම හසුරුවාගන්න බැරි තරමටම තත්වය දරුණුයි නම් සහන සේවා වැඩවල පෙරමුණ අරන් වැඩ කරන්න ශාඛා කාර්යාලය සුදුසුකම් තියෙන සහෝදරයන්ව පත් කරනවා. ඒ සහෝදරයන් ස්වෙච්ඡා සේවකයන්ව හරි සහනාධාර හරි ඉල්ලුම් කරන්න ඉඩ තියෙනවා. අවශ්‍ය දේවල් මිලදී අරගෙන ඒවා බෙදාහරින්නත් ඉඩ තියෙනවා.

මේ විදිහට සැලසුම් කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. කවුරුවත් තමන් කැමති කැමති විදිහට උදව් කරන්න යන්නේ නැති නිසා ඒකෙන් ශ්‍රමය, සල්ලි, බඩු මුට්ටු නාස්ති වෙන්නේ නැහැ. ඒ පැත්තේ සහෝදර සහෝදරියන් හැමෝටම උදව් ලැබුණාද නැද්ද කියලා කරදර වෙන්න ඕනෙත් නැහැ.

ශාඛා කාර්යාලයෙන් පත් කරලා තියෙන සහෝදරයන්ට පුළුවන් සහන සේවා වැඩකටයුතු සඳහා කොච්චර සල්ලි ඕනෙද ස්වෙච්ඡා සේවකයන් කීදෙනෙක් ඕනෙද කියලා තීරණය කරන්න. ඒ වගේම එයාලට පුළුවන් ඒ පැත්තේ ඉන්න රජයේ නිලධාරීන් එක්ක කතාබහ කරලා සහන සේවා වැඩකටයුතු ඉක්මනින්ම කරගන්න උදව් ලබාගන්න. ඒ නිසා ඉල්ලීමක් කරලා තිබුණේ නැත්නම් සල්ලි එකතු කරන්නවත් සහනාධාර යවන්නවත් උදව් කරන්න හිතාගෙන ඒ ප්‍රදේශයට යන්නවත් එපා.

ඒත් සහෝදරයෝ කරදරේක වැටිලා ඉද්දී අහක බලන් ඉන්න බැහැ නේද? (හෙබ්‍රෙ 13:16) එහෙනම් මොනවාද අපිට කරන්න පුළුවන්? කරන්න පුළුවන් හොඳම දේ තමයි ආපදාවකට ලක් වුණ අය සහ සහන සේවා වැඩ කරන අය වෙනුවෙන් යාච්ඤා කරන එක. ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කරන්නත් පුළුවන්. පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ශාඛා කාර්යාලවලට පුළුවන් ඒ සම්මාදම් පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා තීරණය කරන්න. ඒ වගේම ඒ ප්‍රදේශයට ගිහිල්ලා උදව් කරන්න ඔයා කැමති නම් ‘ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් සඳහා ස්වේච්ඡා සේවක අයදුම්පත’ (DC-50) පුරවලා උදව් කරන්න ලෑස්තියි කියලා පෙන්නන්නත් ඔයාට පුළුවන්.

‘බ්‍රසීලයේ ගංවතුරක් කළ විනාසයක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

’බ්‍රසීලයේ ගංවතුරක් කළ විනාසයක්’ වීඩියෝ එකේ දර්ශනක්. ගංවතුරට යට වුණ ගෙවල් සහ ගස් කොළන් ඉහළට පේන විදිහ.

2020දී බ්‍රසීලයේ ඇති වුණ ගංවතුරෙන් පස්සේ සාක්ෂිකරුවන් කරපු සහන සේවා වැඩවලින් ඔයාගේ හිත ගියේ මොන එකටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න