කොහොමද අපි උදව් කරන්නේ?
1 “කොහොමද අපි උදව් කරන්නේ ?” යම් රටක ස්වාභාවික විපතක් සිදු වූ විට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝවිට මේ ප්‍රශ්නය අසනවා. ක්‍රියා 11:27-30හි සඳහන් වාර්තාවට අනුව, මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් සාගතයක් ඇති වූ අවස්ථාවක යුදයෙහි විසූ සහෝදරයන්ට සහනාධාර සැපයුවා.
2 මෑත කාලවලදී, අපේ සංවිධානයේ නෛතික රෙගුලාසිවලට අනුව, ස්වාභාවික හෝ මිනිසා විසින් සිදු කරන විපත්තිවලට ගොදුරු වූ අයට සහ අවශ්‍යතා ඇති අයට සහනාධාර සැපයීම සඳහා මුදල් වියදම් කිරීමට අවකාශ ලැබී තිබෙනවා.
3 නිදසුනකට, පසුගිය වසරේ දකුණු ආසියාවේ රටවල් කිහිපයක ඇති වූ සුනාමි විපතට ගොදුරුවූවන් වෙනුවෙන් බොහෝදෙනෙක් මුදල් පරිත්‍යාග කළා. මෙසේ ලැබුණු ඒ පරිත්‍යාග අපි ඉමහත් සේ අගය කරන්නෙමු. කෙසේවෙතත්, යම් රටවල නීතියට අනුව, පරිත්‍යාගී මුදල් යම් විශේෂ අරමුණක් සඳහා නියම කර තිබේ නම්, එය ඒ සඳහාත් නිශ්චිත කාලයක ඇතුළතත් යෙදවීම අනිවාර්ය කර තිබෙනවා විය හැකියි. එවිට එම මුදල් ඒ විදිහටම වැය කළ යුතුයි. සහෝදරයන්ගේ අවශ්‍යතා ඒ වන විට ඉටු කර තිබුණත් නැතත්, පරිත්‍යාග කරන ලද එම මුදල් වෙනත් අරමුණකට යෙදවීමට ඉඩ කඩ ලැබෙන්නේ නැත.
4 මේ නිසා, සහනාධාර සඳහා පරිත්‍යාග කරන මුදල් ලෝක ව්‍යාප්ත වැඩය සඳහා පරිත්‍යාග කිරීමට අපි ඔබට නිර්දේශ කරමු. මෙම අරමුදල් සහනාධාරවලට මෙන්ම අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ ඇදහිල්ල පෝෂණය කිරීමේ කටයුතු සඳහා යොදවනු ලැබේ. යම් හේතුවක් නිසා, ලෝක ව්‍යාප්ත වැඩයෙන් වෙන්ව සහනාධාර සඳහාම පරිත්‍යාග කරන්නේ නම් එයද භාරගනු ලබන අතර, සහනාධාර දිය යුතු අවස්ථාවලදී ඒවා විගස භාවිත කෙරෙනවා. කෙසේවෙතත්, පරිත්‍යාග කරන මුදල් යෙදවිය යුත්තේ කෙසේද, කොයි රටවලටද කියා කොන්දේසි දමන්නේ නැතිව පරිත්‍යාග කරන්නේ නම් එය බෙහෙවින් අගය කෙරේ.
5 අප කරන පරිත්‍යාග සහනාධාරවලට පමණක් සීමා නොකර ලෝක ව්‍යාප්ත වැඩයට කෙළින්ම පරිත්‍යාග කරනවා නම් රාජ්‍ය වැඩ කටයුතු සඳහා ඕනෑම අංශයකට ඒවා යෙදවිය හැකිය. අප එකට වැඩ කරන විට, “ශරීරය ප්‍රේමයෙන් යුක්තව ගොඩනැඟෙන පිණිස මුළු ශරීරයම එහි වර්ධනය උදෙසා ක්‍රියා කරන්නේය” එෆීස 4:16හි සඳහන් ප්‍රතිපත්තියට මෙය එකඟයි.