යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”
“යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න” කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න පුළුවන් කොහොමද? (1ලේක 29:5, 9, 14) ලෝකේ පුරාමත් අපේ රටෙත් සාක්ෂිකරුවන් ඉටු කරන සේවය වෙනුවෙන් සම්මාදම් කරන්න පුළුවන් විදි ගැන පහත සඳහන් වෙනවා.
ඔන්ලයින් සම්මාදම් සහ පෙට්ටිවලට දාන සම්මාදම් පාවිච්චි වෙන විදිහ:
ලෝක ව්‍යාප්ත සේවයට
ශාඛා කාර්යාල සහ ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල ඉදි කරන්න, නඩත්තු කරන්න
සංවිධානය මගින් පවත්වන පාසැල්වලට
විශේෂ පූර්ණකාලීන සේවකයන්ට
සහන සේවා කටයුතුවලට
මුද්‍රණ කටයුතුවලට, වීඩියෝ නිෂ්පාදනය කරන්න, ප්‍රකාශන ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් නිකුත් කරන්න
සභාවේ වියදම්වලට
වතුර බිල, විදුලි බිල වගේ දේවල් ගෙවන්න සහ නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්න
සභාවෙන් ගත්ත සම්මුතියට අනුව ශාඛා කාර්යාලයට මුදල් යවන්න:
ලෝකේ පුරාම නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා ඉදි කිරීම සඳහා
ජාත්‍යන්තර මට්ටමින් උපකාර ලබා දීමේ සැලැස්ම සඳහා
ලෝක ව්‍යාප්ත සේවයේ වෙනත් වැඩකටයුතු සඳහා
සමුළු
තුන්දින සමුළුවලට ලැබෙන සම්මාදම් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් යොදවනවා. තුන්දින සමුළු, විශේෂ සමුළු සහ ජාත්‍යන්තර සමුළු සඳහා යන වියදම් පියවාගන්න ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් ලැබෙන සම්මාදම් යොදාගන්නවා.
චාරිකා මට්ටමින් ලැබෙන සම්මාදම් යොදාගන්නේ සමුළු පවත්වන තැන්වල කුලිය ගෙවන්න, සමුළු ශාලා නඩත්තු කරන්න සහ චාරිකාවට අදාළ වෙනත් වියදම් පියවන්නයි. සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් කොයි තරම් මුදලක් වෙන් කරනවාද කියලා චාරිකාවකට තීරණය කරන්න පුළුවන්.