ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 2 පරි. 12 පි.-13 පි. 10 ¶
  • ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උපදින්ට පෙර ගෞරවය ලැබූ කෙනෙක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි
    මගේ බයිබල් කතන්දර පොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 2 පරි. 12 පි.-13 පි. 10 ¶
මරියා බූරුවෙකුගේ පිටේ නැඟ එයි; මරියා ගෙදරට ඇතුල් වෙද්දී එලිසබෙත්ගේ කුසේ සිටි දරුවා ප්‍රීතියෙන් දඟලන්න පටන්ගත් බව ඇයට දැනෙයි; මරියා එලිසබෙත්ගේ වැඩවලට උදව් වෙයි

2වෙනි පරිච්ඡේදය

ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි

ලූක් 1:34-56

  • මරියා එලිසබෙත්ව හමු වීමට යයි

මරියා පුතෙකුව බිහි කරනවා කියාත් යේසුස් විදිහට හඳුන්වන ඔහු සදාකාලයටම රජකම් කරනවා කියාත් ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වාම ඇය මෙහෙම අහනවා. “මම තවමත් පුරුෂයෙක් සමඟ එකට ජීවත් වී නැහැ. කොහොමද මට මේ වගේ දෙයක් වෙන්නේ?”—ලූක් 1:34.

එතකොට ගාබ්‍රියෙල් ඇයට මෙහෙම කියනවා. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.”—ලූක් 1:35.

ගාබ්‍රියෙල් මෙහෙමත් කියනවා. “ඔබ තවත් දෙයකුත් දැනගත යුතුයි. ඔබේ නෑදෑයෙක් වන එලිසබෙත් වඳ ස්ත්‍රියක් කියා හැමෝම පැවසුවා නොවේද? නමුත් දැන් ඇය මහලුව සිටියත් ඇගේ කුසේ පුතෙක් පිළිසිඳගෙන තිබෙනවා. දරුවා පිළිසිඳගෙන දැනට මාස හයයි. ඇත්තෙන්ම දෙවිට කළ නොහැකි දෙයක් නැහැ.” ඔහු ඒ දේ කියන්න ඇත්තේ තමන් කියපු පණිවිඩය විශ්වාස කරන්න මරියාට උදව් කරන්න හිතාගෙන වෙන්න ඇති.—ලූක් 1:36, 37.

ගාබ්‍රියෙල් කියපු පණිවිඩය සතුටින් පිළිගත්ත මරියා මෙහෙම කියනවා. “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි. නමුත් ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා!”—ලූක් 1:38.

ගාබ්‍රියෙල් පිටත් වෙලා ගියාට පස්සේ මරියා සූදානම් වෙන්නේ යෙරුසලමට නුදුරින් පිහිටි යූදා කඳුකරයේ ජීවත් වෙන එලිසබෙත්ව සහ සෙකරියාව බලන්න යන්නයි. මරියා ජීවත් වෙන නාසරෙත් නුවරේ ඉඳන් එහේ යන්න දවස් තුන හතරක්වත් ගත වෙනවා.

සෙකරියාගේ නිවසට ඇතුල් වෙන මරියා එලිසබෙත්ට සුබ පතනවා. එලිසබෙත් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන නිසා ඇය පුදුම සතුටකින් මරියාට මෙහෙම කියනවා. “සියලුම ස්ත්‍රීන් අතරින් ඔබට දෙවිගේ ආශීර්වාද ලැබේවා! ඔබේ කුසේ සිටින දරුවාටත් ආශීර්වාද ලැබේවා! මගේ ස්වාමීන්ගේ මව අද මා ළඟට ආවා. මට ලැබුණේ මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! මේ බලන්න! ඔබ මට සුබ පැතූ ගමන්ම, මගේ කුසේ සිටින දරුවා මහත් ප්‍රීතියෙන් දඟලන්න පටන්ගත්තා.”—ලූක් 1:42-44.

ඒ වෙලාවේ හද පිරි සතුටින් මරියා මෙහෙම කියනවා. “මම කැමතියි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. මගේ ගැලවුම්කරු වන දෙවි නිසා මගේ හිතට දැනෙන ප්‍රීතියට සීමාවක් නැති තරම්. මන්ද ඔහුගේ දාසිය වන මම පහත් කෙනෙක් වුණත් ඔහු මාව සුළු කළේ නැහැ. ඒ නිසා අද දවසේ පටන් බිහි වන හැම පරම්පරාවක්ම මහත් ආශීර්වාදයක් ලැබූ තැනැත්තියක් හැටියට මාව සලකයි. බලවත් තැනැත්තාණන් මා වෙනුවෙන් කළේ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද!” මරියා සම්පූර්ණ ගෞරවය දුන්නේ දෙවිට කියලා ඇය කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔහුගේ නාමය ශුද්ධයි. ඔහුට ගරුබිය දක්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.”—ලූක් 1:46-50.

මරියා තවදුරටත් මේ අනාවැකිමය වදන් පවසමින් දෙවිට ප්‍රශංසා කරනවා. “ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා. ඔහු බලවතුන්ව සිංහාසනවලින් ඉවත් කර යටහත් අයව උසස් කර තිබෙනවා. දෙවි කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් තෘප්තිමත් කර ධනවතුන්ව හිස් අතින් යවා තිබෙනවා. ඔහු තම සේවකයා වන ඊශ්‍රායෙල් ජාතියව අමතක කර නැහැ. ඔවුන්ට පිහිට වූ ඔහු, එසේ කර තිබෙන්නේ ඔවුන්ට දයාව පෙන්වීමටයි. ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”—ලූක් 1:51-55.

මරියා එලිසබෙත්ගේ වැඩවලට උදව් වෙයි

පෙනෙන විදිහට මරියා එලිසබෙත් එක්ක මාස තුනක් විතර ඉන්නවා. දරුවා බිහි කරන්න ආසන්නව ඉන්න එලිසබෙත්ට මරියා උදව් කරන්න ඇති. දෙවිගේ බලයෙන් දරුවන් බිහි කරන්න සූදානමින් ඉන්න මරියාට සහ එලිසබෙත්ට ඒ විදිහට එකට කාලය ගත කරන්න ලැබුණු එක ගැන ඒ අය කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

මරියා එලිසබෙත්ව බලන්න ගිහින් ඇයට සුබ පැතුවාම එලිසබෙත්ගේ කුසේ හිටිය දරුවා “මහත් ප්‍රීතියෙන් දඟලන්න පටන්ගත්තා.” ඒ වෙලාවේ එලිසබෙත් මරියාගේ කුසේ හිටිය යේසුස්ව හැඳින්නුවේ “මගේ ස්වාමීන්” හැටියටයි. ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබුණා කියලා ඒකෙන් පැහැදිලියි. ඒත් කාලයක් ගියාට පස්සේ මිනිසුන් මරියාට සහ ඉපදෙන්න ඉන්න දරුවාට සලකන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට. ඒ ගැන අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්.

  • කන්‍යාවක්ව හිටිය මරියා ගැබ්ගන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ගාබ්‍රියෙල් ඇයට කිව්වේ මොනවාද?

  • ඉපදෙන්න කලින්ම යේසුස්ට ගෞරවය ලැබුණේ කොහොමද?

  • මරියා කොයි තරම් කාලයක් එලිසබෙත් එක්ක හිටියාද? ඇය එහෙම කළේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න