ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 6 පරි. 20 පි.-21 පි. 8 ¶
  • පොරොන්දු වුණු දරුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොරොන්දු වුණු දරුවා
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • පොරොන්දු කරන ලද දරුවා
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇය ගැඹුරින් කල්පනා කළා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 6 පරි. 20 පි.-21 පි. 8 ¶
සිමියොන්ගේ අතේ සිටින බිලිඳු යේසුස් දෙස යෝසෙප්, මරියා සහ අනාගතවක්තෘවරියක් වන ආනා බලා සිටියි

6වෙනි පරිච්ඡේදය

පොරොන්දු වුණු දරුවා

ලූක් 2:21-39

  • චර්මච්ඡේදනය කළ යේසුස්ව දේවමාලිගාවට රැගෙන එයි

යෝසෙප් සහ මරියා තවමත් ඉන්නේ බෙත්ලෙහෙමේ. දෙවිගේ නීතියේ සඳහන් වෙලා තිබුණු විදිහට ඔවුන් යේසුස් ඉපදිලා දවස් අටකින් ඔහුව චර්මච්ඡේදනය කරනවා. (ලෙවී කතාව 12:2, 3) ඒ කාලේ පිරිමි දරුවෙකුට නමක් දැම්මේ ඔහුව චර්මච්ඡේදනය කරන දවසේදීමයි. යෝසෙප් සහ මරියා ගාබ්‍රියෙල් දේවදූතයා කියලා තිබුණු විදිහට තම පුංචි පුතුට යේසුස් යන නම තබනවා.

දැන් යේසුස් ඉපදිලා දින 40ක් ගෙවී අවසන්. පුතෙකුව බිහි කර දින 40කින් පසුව මවක් පවිත්‍ර වීම උදෙසා දේවමාලිගාවේදී පූජාවක් ඔප්පු කරන්න අවශ්‍යයි කියා නීතියේ සඳහන් වුණා. ඊට කීකරු වෙන යෝසෙප් සහ මරියා දැන් සූදානම් වෙන්නේ යෙරුසලමේ තියෙන දේවමාලිගාවට යන්නයි.—ලෙවී කතාව 12:4-8.

නීතියේ සඳහන් වුණේ ඒ වගේ පූජාවක් කරද්දී බැටළු පැටවෙකුව සහ කුරුල්ලෙකුව පූජා කරන්න කියලයි. කොහොමවුණත් බැටළු පැටවෙකුව පූජා කරන්න වත්කමක් නැති අයට කොබෙයියන් දෙදෙනෙකුව නැත්නම් පරවියන් දෙදෙනෙකුව පූජා කරන්න අවසර තිබුණා. මරියා දේවමාලිගාවට ඇවිත් දෙවිට පූජා කරන්නේ කුරුල්ලන් දෙදෙනෙකුවයි. ඔවුන්ගේ ආර්ථික තත්වය ගැන අපිට එයින් යම් අදහසක් ගන්න පුළුවන්.

“පවිත්‍ර වීම සඳහා නියමිත වූ දවස පැමිණියේය”

යෝසෙප් සහ මරියා බිලිඳු යේසුස්ව පවිත්‍ර වීම උදෙසා පූජාවක් ඔප්පු කරන්න දේවමාලිගාවට ගෙන එයි

ඊශ්‍රායෙල් කාන්තාවක් දරුවෙකුව බිහි කළ පසුව යම් කාලයක් යන තුරු ඇයව අපවිත්‍ර කෙනෙකු හැටියට සැලකුවා. ඒ කාලය අවසන් වුණාට පස්සේ පවිත්‍ර වීමේ පිළිවෙතක් විදිහට දවන පූජාවක් ඔප්පු කරන්න නියම වෙලා තිබුණා. මවට වගේම බිහි වුණු දරුවාටත් පව්කාරකම උරුම වෙලා තියෙන බවට එය සිහිගැන්වීමක් වුණා. කොහොමවුණත් යේසුස් ඉපදෙද්දී ඔහුට කිසිම පව්කාරකමක් උරුම වුණේ නැහැ. (ලූක් 1:35) ඒත් නීතියේ සඳහන් වුණු විදිහට “පවිත්‍ර වීම සඳහා” නියමිත දවසේදී මරියා සහ යෝසෙප් “යේසුස්වත් රැගෙන” දේවමාලිගාවට ගියා.—ලූක් 2:22.

යෝසෙප් සහ මරියා දේවමාලිගාවේ ඉද්දී මහලු මිනිසෙක් ඔවුන් ළඟට එනවා. ඒ සිමියොන්. ඔහු මිය යන්න කලින් ක්‍රිස්තුස්ව දැකගන්න අවස්ථාව දෙනවා කියලා යෙහෝවා දෙවි ඔහුට පොරොන්දු වෙලා තිබුණා. ඒ නිසා මේ අවස්ථාවේදී දේවමාලිගාවට එන්න දෙවි තමයි ඔහුට මඟ පෙන්වලා තියෙන්නේ. මරියාගේ තුරුලේ ඉන්න පුංචි යේසුස්ව දකින සිමියොන් ඔහුව වඩාගන්නවා.

දරුවාව වඩාගෙනම සිමියොන් දෙවිට ප්‍රශංසා කරමින් මෙහෙම කියනවා. “විශ්වයේ පාලකයාණෙනි, ඔබ මට පොරොන්දු වූ දේ අද ඉටු වෙලා. මට දැන් සැනසිල්ලේ මිය යන්න පුළුවන්. මිනිස් වර්ගයාට ගැලවීම සලසා දීම සඳහා ඔබ එවූ තැනැත්තාව මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා. ඔබ ඒ ශුභාරංචිය සියලු ජනයාට දැනුම් දෙන්න පියවර ගෙන තිබෙනවා. ඒ තැනැත්තා අඳුරෙහි සිටින ජාතීන්ට එළියක් වන අතර ඔහු නිසා ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මහත් ආලෝකයක් උදා වෙයි.”—ලූක් 2:29-32.

ඒ දේවල් අහගෙන ඉන්න යෝසෙප් සහ මරියා පුදුම වෙනවා. ඔවුන්ට ආශීර්වාද කරන සිමියොන් මේ දරුවා නිසා “ඊශ්‍රායෙල්හි බොහෝදෙනෙක් වැටී ආපසු නැඟිටියි” කියාත් කඩුවකින් හදවත පසාරු කරගෙන යනවා වගේ වේදනාවක් ඔබට අද්දකින්න වෙයි කියාත් මරියාට පවසනවා.—ලූක් 2:34.

දේවමාලිගාවේදී තවත් කෙනෙක්ව ඔවුන්ට මුණගැහෙනවා. ඒ තමයි අනාගතවක්තෘවරියක් වන ආනා. ඇයට දැන් වයස අවුරුදු 84යි. ඇය කවදාවත් නමස්කාරය සඳහා දේවමාලිගාවට එන එක අතපසු කළේ නැහැ. යෝසෙප් සහ මරියා එක්ක ඉන්න යේසුස්ව දකින ඇය ඔවුන් ළඟට ඇවිත් දෙවිට ස්තුති කරනවා. ඇහුම්කන් දෙන්න කැමති හැමෝටම ඇය යේසුස් ගැන කියන්න පටන්ගන්නවා.

දේවමාලිගාවේදී අද්දැක්ක දේවල් ගැන යෝසෙප් සහ මරියා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! සිද්ධ වුණු හැම දෙයකින්ම ඔවුන්ට තවත් තහවුරු වෙන්නේ ඉපදී සිටින දරුවා දෙවි එවන්න පොරොන්දු වුණු තැනැත්තා කියලයි.

  • ඊශ්‍රායෙල් ජාතික පිරිමි දරුවෙකුට නමක් දැම්මේ මොන දවසේදීද?

  • දරුවා ඉපදිලා දවස් 40කින් මවකට කරන්න තිබුණේ මොනවාද? මරියා ඒක ඉටු කරපු විදිහෙන් ඔවුන්ගේ ආර්ථික තත්වය ගැන හෙළි වුණේ මොනවාද?

  • පොරොන්දු කරලා තියෙන ගැලවුම්කරු යේසුස් කියලා දේවමාලිගාවේදී හඳුනාගත්තේ කවුද? ඔවුන් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න