ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 7 පරි. 22 පි.-23 පි. 6 ¶
  • ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?
    බයිබලයෙන් උත්තර
  • “තාරකාව” මෙහෙයවූයේ කවුද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව කුමක්ද?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 7 පරි. 22 පි.-23 පි. 6 ¶
යෝසෙප්, මරියා සහ පුංචි යේසුස් නතර වෙලා සිටින නිවසට මඟ පෙන්වන තාරකාවක් පසුපස ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යයි

7වෙනි පරිච්ඡේදය

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි

මතෙව් 2:1-12

  • “තාරකාවක්” පසුපස ආ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යෙරුසලමට ගොස් බෙත්ලෙහෙමට පැමිණෙයි

තාරකාවල පිහිටීම අනුව මිනිසුන්ගේ අනාගතය ගැන කියන්න උත්සාහ කරන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පිරිසක් නැඟෙනහිර දේශවල ඉද්දී විශේෂ තාරකාවක් දකිනවා. (යෙසායා 47:13) ඒ “තාරකාව” මඟ පෙන්වන දිශාවට ගමන් කරන ඔවුන් බොහෝ දුරක් ගෙවාගෙන පැමිණෙන්නේ යෙරුසලමටයි.

ඔවුන් යෙරුසලමට ඇවිත් මෙහෙම කියනවා. “ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා. ඔහු ඉන්නේ කොහේද? අපි නැඟෙනහිර දේශවල සිටිද්දී ඔහු වෙනුවෙන් පායා තිබුණු තාරකාවක් දැක්කා. අපි මෙතනට ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්න අපිට අවශ්‍ය නිසයි.”—මතෙව් 2:1, 2.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් හෙරොද් රජට හිස නමා ආචාර කරයි

ඒ ගැන දැනගත්ත යෙරුසලමේ හෙරොද් රජ කැලඹෙනවා. ඉක්මනින්ම නායක පූජකයන්ව සහ නීතිය පිටපත් කරන්නන්ව රැස් කරන ඔහු ක්‍රිස්තුස් ඉපදෙන්න නියමිත කොහේද කියා ඔවුන්ගෙන් අසනවා. ඊට පිළිතුරු දෙමින් ඔවුන් පවසන්නේ ශුද්ධ ලියවිල්ලට අනුව ඔහු ඉපදෙන්නේ “බෙත්ලෙහෙමේ” කියායි. (මතෙව් 2:5; මීකා 5:2) පසුව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව රහසින් කැඳවන හෙරොද් ඔවුන්ට මෙහෙම කියනවා. “ඔබ ගොස් ඒ දරුවා ගැන හොඳින් සොයා බලන්න. ඔහු සිටින තැන ඔබ දැනගත් විට ඒ ගැන මට දන්වන්න. එවිට මටත් පුළුවන් එතැනට ගොස් ඔහුට ගරුබුහුමන් දක්වන්න.” (මතෙව් 2:8) කොහොමවුණත් හෙරොද්ට ඇත්තටම ඕන කරන්නේ පුංචි යේසුස්ව මරා දමන්නයි.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පිටත් වෙලා යද්දී පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඔවුන් දැකපු “තාරකාව” ඔවුන් ඉදිරියෙන් ගමන් කරන්න පටන්ගන්නවා. ඒ තාරකාව සැබෑ එකක් නම් වෙන්න බැහැ. මොකද ඒ තාරකාව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වනවා. අන්තිමේදී ඒ තාරකාව නතර වෙන්නේ යෝසෙප්, මරියා සහ පුංචි යේසුස් නතර වෙලා සිටින නිවසට ඉහළිනුයි.

තාරකාවක් පසුපස ආ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් මරියාට සහ යේසුස්ට තෑගි දෙයි

නිවසට ඇතුල් වෙන ඔවුන් මරියා එක්ක ඉන්න පුංචි යේසුස්ව දකිනවා. දණින් වැටී දරුවාට ගරුබුහුමන් කරන ඔවුන් රන්, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු ඔහුට තෑගි කරනවා. අන්තිමේදී ඔවුන් හෙරොද්ව මුණගැහෙන්න යන්න සූදානම් වෙද්දී එහේ යන්න එපා කියා දෙවියන් සිහිනයකින් අනතුරු අඟවනවා. ඔවුන් වෙනත් මඟකින් තම රට බලා යන්නේ ඒ නිසයි.

“තාරකාවක්” යොදාගෙන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වන්න ඇත්තේ කවුද? මේ ගැන හිතන්න. ඒ තාරකාව මුලින්ම මඟ පෙන්නුවේ යේසුස් හිටිය බෙත්ලෙහෙමට යන්න නෙවෙයි, යෙරුසලමට යන්න. ඒ නිසා තමයි යේසුස්ව මරන්න උත්සාහ කරපු හෙරොද් රජව ඔවුන්ට මුණගැහුණේ. දෙවියන් මැදිහත් වෙලා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට අනතුරු ඇඟෙව්වේ නැත්නම් යේසුස්ව මරා දමන්න හෙරොද්ට පුළුවන් වෙනවා. ඒ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ ඒ විදිහට යේසුස්ව මරා දමන්න උත්සාහ කළේ දෙවිගේ සතුරා වන සාතන් බවයි.

  • ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දැක්කේ සැබෑ “තාරකාවක්” නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද?

  • යේසුස්ව බලන්න ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් එද්දී යේසුස් හිටියේ කොහේද?

  • ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්නුවේ සාතන් කියලා කියන්න පුළුවන් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න