ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 18 පරි. 46 පි.-47 පි. 6 ¶
  • යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යොහන් අඩු වෙයි යේසුස් වර්ධනය වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යොහන් බව්තීස්ත - සතුටින් සේවය කරන්න අපිට ආදර්ශයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යොහන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණාද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 18 පරි. 46 පි.-47 පි. 6 ¶
යොහන් බව්තීස්ත තම ගෝලයන් එක්ක කතා කරයි

18වෙනි පරිච්ඡේදය

යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි

මතෙව් 4:12 මාක් 6:17-20 ලූක් 3:19, 20 යොහන් 3:22–4:3

  • යේසුස්ගේ ගෝලයන් බව්තීස්ම කරයි

  • යොහන් බව්තීස්තව සිරගත කරයි

ක්‍රි.ව. 30දී යෙරුසලමේ ඉඳන් පාස්කු උත්සවය සැමරුවාට පස්සේ යේසුස් සහ ඔහුගේ ගෝලයන් යන්නේ යුදයේ පිටිසර පළාත්වලට. එහෙදී මිනිසුන් හුඟදෙනෙක්ව ඒ අය බව්තීස්ම කරනවා. මේ වෙනකොට අවුරුද්දක පමණ කාලයක් තිස්සේ යොහන් බව්තීස්ත මිනිසුන්ව බව්තීස්ම කරමින් ඉන්නවා. යොහන්ගේ සමහර ගෝලයන් තාමත් ඉන්නේ ඔහු එක්ක.

යොහන් කළා වගේ යේසුස් මිනිසුන්ව බව්තීස්ම කරන්නේ නැහැ. ඒ වෙනුවට යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ ගෝලයන් තමයි මිනිසුන්ව බව්තීස්ම කරන්නේ. මේ කාලයේදී යොහන් සහ යේසුස් දෙවියන් දීපු නීතියට පටහැනිව ක්‍රියා කරපු එක ගැන පසුතැවෙන යුදෙව්වන්ට උගන්වනවා. ඒ නිසා ඔවුන් දෙදෙනාම එකම කාර්යයක නියැලෙනවා කියලා කියන්න පුළුවන්.—ක්‍රියා 19:4.

යොහන්ගේ ගෝලයන්ට යේසුස් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන නිසා ඔවුන් යොහන් ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘ඔබ සමඟ සිටි කෙනෙක් [යේසුස්] මිනිසුන්ව බව්තීස්ම කරනවා. ඒ නිසා සියලුදෙනාම ඔහු ළඟට යනවා.’ (යොහන් 3:26) ඒත් යොහන්ට යේසුස් ගැන පොඩ්ඩක්වත් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. යේසුස් ක්‍රියා කරන විදිහ ගැන සතුටු වෙන ඔහු තමන්ගේ ගෝලයන්ටත් දිරිගන්වන්නේ ඒ ගැන සතුටු වෙන්න කියලයි. ඔහු මේ දේ ගෝලයන්ට මතක් කරනවා. “මම ක්‍රිස්තුස් නොවෙයි කියා පැවසුවා ඔබට මතක ඇති. ඔබ සියලුදෙනා එයට සාක්ෂිකරුවෝ. ඇත්තෙන්ම මාව එවා තිබෙන්නේ ඒ තැනැත්තාට කලින් එන පුද්ගලයා හැටියටයි.” ඒ දේ පැහැදිලි කරන්න ඔහු මේ නිදර්ශනය කියනවා. “මනාලිය අයිති වන්නේ මනාලයාටයි. නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.”—යොහන් 3:28, 29.

යොහන් මාස කිහිපයකට කලින් මනාලයාගේ මිත්‍රයා වගේ හරිම සතුටින් යේසුස්ව තමන්ගේ ගෝලයන්ට හඳුන්වලා දුන්නා. ඒ අතරින් සමහර අය යේසුස්ගේ ගෝලයන් වුණා. ඒ අය දෙවිගේ බලයෙන් අභිෂේක ලබන්න නියමිතයි. තමන්ගේ ගෝලයන් හැමෝම යේසුස්ගේ ගෝලයන් වෙනවා දකින්නයි යොහන් කැමති. අනික යොහන්ට පැවරිලා තියෙන වගකීම වෙන්නෙත් ක්‍රිස්තුස් කරන සේවයට මඟ සූදානම් කරන එක. මේ හැම දෙයක්ම නිසා තමයි ඔහු දැන් මෙහෙම කියන්නේ. “ඔහුට [යේසුස්ට] සිටින ගණන වැඩි වෙයි. මා ළඟ සිටින ගණන නම් දිගටම අඩු වී යයි.”—යොහන් 3:30.

යේසුස්ගේ ගෝලයෙක් වෙලා ඉන්න යොහන් නමින් හඳුන්වන වෙන කෙනෙක් යේසුස් ගැනත් මිනිසුන්ව ගලවාගැනීම වෙනුවෙන් ඔහු කරන කාර්යය ගැනත් මෙහෙම වාර්තා කරලා තියෙනවා. ‘ඉහළින් පැමිණෙන තැනැත්තා අන් සියලුදෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. පියාණන් තම පුත්‍රයාට ප්‍රේම කරන අතර ඔහුගේ අතට සෑම දෙයක්ම භාර දී තිබේ. පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.’ (යොහන් 3:31, 35, 36) ඔහු පැවසුවේ මොන තරම් වැදගත් සත්‍යයක්ද!

යොහන් බව්තීස්තව සිරගත කරයි

වැඩි කාලයක් යන්න කලින් හෙරොද් රජ යොහන් බව්තීස්තව අත්අඩංගුවට අරන් හිරේ දානවා. එහෙම කළේ හෙරොද් රජ තමන්ගේ සහෝදරයෙක් වුණු ෆිලිප්ගේ භාර්යාව වන හොරෝදියස්ව විවාහ කරගැනීම වැරදියි කියලා යොහන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු නිසයි. යොහන්ව අත්අඩංගුවට අරන් කියලා යේසුස්ට ආරංචි වුණාම ඔහු තමන්ගේ ගෝලයන් එක්ක ගලීලය බලා පිටත් වෙනවා.—මතෙව් 4:12; මාක් 1:14.

  • යොහන් කරපු බව්තීස්මයෙන් සහ යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ සිද්ධ කරපු බව්තීස්මයෙන් අර්ථවත් වෙන්නේ මොනවාද?

  • යේසුස්ට ඊර්ෂ්‍යා කරන එක සුදුසු නැහැ කියලා යොහන් ඔහුගේ ගෝලයන්ට පැහැදිලි කළේ කොහොමද?

  • යොහන්ව හිරේ දැම්මේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න