ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 25 පරි. 64 පි.-65 පි. 6 ¶
  • යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගන්න’
    යෙහෝවාට ළං වන්න
  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ඔහු මිනිසුන්ට ආදරේ කළා
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 25 පරි. 64 පි.-65 පි. 6 ¶
යේසුස් තමන් ඉදිරියේ දණින් වැටුණු ලාදුරු රෝගියාව ස්පර්ශ කරයි

25වෙනි පරිච්ඡේදය

යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි

මතෙව් 8:1-4 මාක් 1:40-45 ලූක් 5:12-16

  • යේසුස් ලාදුරු රෝගියාව සුව කරයි

යේසුස් සහ ඔහුගේ ගෝලයන් හතරදෙනා ‘සිනගෝගවල දේශනා කරමින් මුළු ගලීලය පුරාම’ යද්දී යේසුස් කරන පුදුම ක්‍රියාවන් ගැන තව හුඟදෙනෙක්ට දැනගන්න ලැබෙනවා. (මාක් 1:39) වෙනත් නුවරක ඉන්න ලාදුරු රෝගියෙක්ටත් යේසුස් කරන දේවල් ගැන ආරංචි වෙනවා. වෛද්‍යවරයෙක් වන ලූක් ඔහුව විස්තර කරන්නේ “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ” කෙනෙක් විදිහටයි. (ලූක් 5:12) සාමාන්‍යයෙන් මේ රෝගය දරුණු වුණාම රෝගියාගේ ශරීරයේ විවිධ කොටස් විකෘති වෙනවා.

යේසුස් ගැන ආරංචි වෙන ඒ ලාදුරු රෝගියාගේ තත්වය හුඟක් බරපතළ නිසා ඔහුට අනිත් අයගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයට ඔහුගේ රෝගය බෝ වෙන එක වළක්වන්න ඕන නිසා ඔහු ගමන් කරද්දී “අපවිත්‍රය, අපවිත්‍රය” කියා හඬ නඟා පවසන්නත් සිද්ධ වෙනවා. (ලෙවී කතාව 13:45, 46) කොහොමවුණත් යේසුස් ළඟට පැමිණෙන මේ රෝගියා ඔහු ඉදිරියේ දණින් වැටී “ස්වාමීනි, ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න” කියා පවසනවා.—මතෙව් 8:2.

ඔහුට යේසුස් ගැන තියෙන්නේ මොන තරම් ලොකු විශ්වාසයක්ද! අන්ත අසරණ තත්වයක ඉන්න ඔහු වෙනුවෙන් යේසුස් දැන් මොනවා කරයිද? ඔබත් එතැන හිටියා නම් ඔබ මොනවා කරයිද? දයානුකම්පාවෙන් පෙලඹෙන යේසුස් අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින් “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පවසනවා. (මතෙව් 8:3) ඒ මොහොතේම ඔහුගේ අසනීපය සුව වෙනවා. එතැන හිටපු අයට ඇස් අදහාගන්න බැරි වෙන්න ඇති.

මිනිසුන්ට දයානුකම්පාවෙන් සලකන, ඕනම දෙයක් කරන්න හැකියාව තියෙන යේසුස්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද? යේසුස් ලාදුරු රෝගියාට සලකපු විදිහ ගැන කල්පනා කරද්දී ඔහු මුළු පොළොවම පාලනය කරන කාලයේදී බයිබලයේ සඳහන් මේ අනාවැකිය අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. “අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.” (ගීතාවලිය 72:13) ඔව්, වේදනාවෙන් ඉන්න අයව සුව කරන්න ආශාවෙන් බලන් ඉන්න යේසුස් ඒ කාලයේදී හැම කෙනෙක්වම සුව කරයි.

ලාදුරු රෝගියාව සුව කරන්න කලින් ඉඳලාම යේසුස් කරපු සේවය ගැන මිනිසුන්ට ආරංචි වෙලා තිබුණු නිසා යේසුස්ව දැකගන්න ඒ අය ඉන්නේ ලොකු ආශාවකින්. දැන් යේසුස් ලාදුරු රෝගියාව සුව කරපු ආරංචියත් හැමෝටම දැනගන්න ලැබෙයි. කොහොමවුණත් මිනිසුන් කටකතා අහලා තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්නවාට යේසුස් කැමති නැහැ. ‘ඔහු ප්‍රධාන වීථිවල ශබ්ද නඟා කතා කරන්නේවත් නැත’ කියා තමන් ගැන සඳහන් අනාවැකිය ගැන ඔහු හොඳින්ම දන්නවා. (යෙසායා 42:1, 2) සුව කරපු ලාදුරු රෝගියාට යේසුස් මෙහෙම කියන්නේ ඒ නිසයි. “මේ ගැන කාටවත් කියන්න එපා. ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිට ඔහුට ඔබව පරීක්ෂා කරන්න ඉඩ දෙන්න. ඉන්පසු මෝසෙස් අණ කළ පූජාව ඔප්පු කරන්න.”—මතෙව් 8:4.

කොහොමවුණත් තමන්ගේ අසනීපය සුව වුණු එක ගැන සතුටින් පිනා යන ලාදුරු රෝගියා යන යන හැම තැනකම ඒ ආරංචිය පතුරුවනවා. ඒ ගැන පුදුම වෙන මිනිසුන් යේසුස්ව හොයාගෙන එන නිසා ප්‍රසිද්ධියේ කිසිම නුවරකට ඇතුල් වෙන්නවත් ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැති පාළු ප්‍රදේශයක යේසුස් රැඳී ඉන්නේ ඒ නිසයි. ඒත් යේසුස්ගෙන් ඉගෙනගන්නත් සුවය ලබාගන්නත් තියෙන ආශාව නිසා මිනිසුන් යේසුස්ව හොයාගෙන ඔහු ඉන්න තැනට එනවා.

  • ලාදුරු රෝගය හැදුණු කෙනෙක්ට අද්දකින්න වෙන්නේ මොනවාද? ලාදුරු රෝගියෙක් කරන්න ඕනෙ මොනවාද?

  • ලාදුරු රෝගියා යේසුස්ට කිව්වේ මොනවාද? යේසුස් ඔහුට කියපු දෙයින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

  • ලාදුරු රෝගය සුව වුණාට පස්සේ ඔහු කළේ මොනවාද? ඒක ආරංචි වුණාම මිනිසුන් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න