ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 113 පරි. 262 පි.-263 පි. 4 ¶
  • පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම දවස් සඳහා ලකුණ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සූදානමින් සිටින්න!
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 113 පරි. 262 පි.-263 පි. 4 ¶
සේවකයෙක් පොළොවේ වළක් හාරා මුදල් සඟවමින්

113වෙනි පරිච්ඡේදය

පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්

මතෙව් 25:14-30

  • යේසුස් තලෙන්ත ගැන නිදර්ශනය කියයි

දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න තව සෑහෙන කාලයක් තියෙනවා කියලා පැහැදිලි කරන්න යේසුස් මීනා ගැන නිදර්ශනය කිව්වේ මීට දවස් කිහිපයකට කලිනුයි. ඒ වෙද්දී ඔහු හිටියේ යෙරිකෝවේ. දැන් නියෝජිතයන් එක්ක ඔලීව කන්දේ ඉන්න යේසුස් තවත් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයත් මීනා ගැන කියපු නිදර්ශනයත් අතර සමානකම් කිහිපයක්ම තියෙනවා. ඔහු මේ නිදර්ශනය කියන්නේ තමන් පැමිණ සිටින කාලය සහ පවතින සමාජයේ අවසානය ගැන අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන අතරතුරේදියි. මේ නිදර්ශනයෙන් ඔහු කාවද්දන්නේ තමන් විශ්වාසයෙන් ගෝලයන්ට භාර දෙන පැවරුම ඔවුන් කඩිසරව ඉටු කරන එක මොන තරම් වැදගත්ද කියලයි.

යේසුස් නිදර්ශනය පටන්ගන්නේ මෙහෙමයි. ‘පිටරට යන්න සූදානම් වූ මිනිසෙකු තම දාසයන්ව කැඳවා තමා සතු දේ ඔවුන්ට භාර දුන්නා.’ (මතෙව් 25:14) කලින් වතාවක යේසුස් “රජකම ලබාගැනීම සඳහා” දුර රටකට ගිය මිනිසෙකුට තමාව සමාන කළා. (ලූක් 19:12) ඒ නිසා දැන් කියන නිදර්ශනයේ සඳහන් වෙන “මිනිසාගෙන්” නියෝජනය වෙන්නේ යේසුස්ව කියලා නියෝජිතයන් ලේසියෙන්ම තේරුම්ගන්නවා.

ඒ මිනිසා පිටරටකට යන්න කලින් තමන් සතු වටිනා දේවල් සේවකයන්ට භාර දුන්නා. යේසුත් ඒ හා සමාන දෙයක් කරනවා. අවුරුදු තුනහමාරක් පුරා දේශනා සේවයේ හවුල් වුණු අතරතුරේදී ඔහු තමන්ගේ ගෝලයන්ව ඒ සඳහා හොඳින් පුහුණු කළා. ඊටපස්සේ යේසුස් දේශනා සේවය ගෝලයන්ට පවරනවා. යේසුස් එහෙම කරන්නේ තමන් ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන් ඒ කාර්යය විශ්වාසවන්තව ඉටු කරයි කියන බලාපොරොත්තුවෙනුයි.—මතෙව් 10:7; ලූක් 10:1, 8, 9; යොහන් 4:38; 14:12 බලන්න.

නිදර්ශනයේ සඳහන් වෙන මිනිසා තමා සතු දේ දාසයන්ට භාර දුන්නේ කොහොමද? “ඔහු ඒවා භාර දුන්නේ එකිනෙකාගේ හැකියාව අනුවයි. ඔහු එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දී පිටරට ගියා.” (මතෙව් 25:15) දාසයන් ඒ තලෙන්ත කොහොම පාවිච්චි කරයිද? ඔවුන් ඒවා යොදාගෙන ස්වාමියා සතු දේවල් තවත් වර්ධනය කරයිද?

“තලෙන්ත පහ ලැබූ තැනැත්තා වහාම ගොස් ඒවායින් වෙළඳාම් කොට තව පහක් උපයාගත්තා. එලෙසම තලෙන්ත දෙක ලැබූ තැනැත්තාද තවත් දෙකක් උපයාගත්තා. නමුත් එක තලෙන්තයක් පමණක් ලැබූ තැනැත්තා ගොස් පොළොවෙහි වළක් හාරා, තම ස්වාමියා දුන් රිදී මුදල එහි සඟවා තැබුවා.” (මතෙව් 25:16-18) ස්වාමියා ආයෙත් ආවාම මොනවා වෙයිද?

යේසුස් කියන්නේ “බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඔවුන් සමඟ ගණන් හිලව් බැලීමට පැමිණියා” කියලයි. (මතෙව් 25:19) මුල් දාසයන් දෙන්නා ඔවුන්ගේ “හැකියාව අනුව” උපරිමය කළා. කඩිසරව වැඩ කරපු ඔවුන් තමන්ට භාර දීපු දේ ඵලදායක විදිහට පාවිච්චි කරපු නිසා ලැබුණු මුදල වගේ දෙගුණයක් උපයාගන්න ඔවුන්ට පුළුවන් වුණා. (ඒ කාලයට අනුව කෙනෙක්ට තලෙන්තයක් උපයාගන්න නම් අවුරුදු 19ක්ම වැඩ කරන්න සිද්ධ වුණා.) ඒ සේවකයන් දෙන්නාවම එකම විදිහට අගය කරපු ස්වාමියා කිව්වේ මෙහෙමයි. “ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්! මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා. බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා. ඇවිත් ඔබේ ස්වාමියා සමඟ ප්‍රීති වන්න.”—මතෙව් 25:21.

1. සේවකයෙක් පොළොවේ වළක් හාරා මුදල් සඟවමින්; 2. The same slave is thrown outside into the darkness

ඒ සේවකයන් දෙන්නාට වඩා වෙනස් විදිහට ක්‍රියා කරපු අනිත් සේවකයා මෙහෙම කියනවා. “ස්වාමීනි, ඔබ වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා, පොළා නොගත් තැන්වලින් රැස් කරගන්නා තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගෙන හිටියා. ඒ නිසා, මම භය වී ඔබේ තලෙන්තය පොළොවේ වළක් හාරා සඟවා තැබුවා. මෙන්න, ඔබ සතු දේ.” (මතෙව් 25:24, 25) ඔහු අඩුම තරමින් තමන්ට ලැබුණු මුදල බැංකුවක තැන්පත් කළා නම් ඒකට පොලියක් හරි එකතු වෙනවා. ස්වාමියාගේ වත්කම වැඩි කරන්න ඔහුට කිසිම උවමනාවක් තිබුණේ නැහැ කියලා ඔහු ක්‍රියා කරපු විදිහෙන් පැහැදිලියි.

ස්වාමියා ඔහුව හඳුන්වන්නේ “ඉතා දුෂ්ට, කම්මැළි දාසයෙක්” විදිහට. අන්තිමේදී ඔහුට භාර දීපු තලෙන්තයත් අරගෙන තලෙන්ත දහයක් තිබුණු දාසයාට දෙන්න කියලා නියෝග කරන ස්වාමියා මෙහෙම කියනවා. “යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා. එවිට ඔහුට බොහෝ දේවල් භුක්ති විඳිය හැකියි. නමුත් යමෙකුට නැත්නම් ඔහුට තිබෙන දේ පවා ඔහුගෙන් ගනු ලබනවා.”—මතෙව් 25:26, 29.

Jesus’ disciples in the preaching work

ඒ නිදර්ශනයෙන් ගෝලයන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යේසුස් ඔවුන්ට භාර දෙන කාර්යය ඒ කියන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය මොන තරම් වටිනවාද කියලා ඔවුන් ඒකෙන් තේරුම්ගන්නවා. යේසුස් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ කාර්යය කඩිසරව ඉටු කරයි කියලයි. ඒත් හැම කෙනෙක්ම එකම විදිහට දේවල් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිදර්ශනයෙන් පැහැදිලි කරපු විදිහට හැමෝම තමන්ගේ “හැකියාව අනුව” දේවල් කරන්න ඕනේ. හැබැයි “කම්මැළි” විදිහට සේවය කරමින් ස්වාමියා සතු දේ වර්ධනය කරන්න කිසිම වෙහෙසක් දරන්නේ නැති අය ගැන නම් යේසුස් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.

“යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා” කියලා යේසුස් කියපු දේ ගැන නියෝජිතයන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද!

  • නිදර්ශනයේ සඳහන් වෙන ස්වාමියාගෙන් සහ දාසයන්ගෙන් නියෝජනය වුණේ කාවද?

  • ඒ නිදර්ශනයෙන් යේසුස් ගෝලයන්ට ඉගැන්නුවේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න