ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 115 පරි. 266 පි.-267 පි. 3 ¶
  • යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසු මිහිපිට ගත කළ අන්තිම දවස්වල නැවත ජීවත් වීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 115 පරි. 266 පි.-267 පි. 3 ¶
යේසුස්ව පාවා දුන්නොත් ඒ වෙනුවෙන් තමන්ට දෙන්නේ කුමක්ද කියා යූදස් ආගමික නායකයන්ගෙන් විමසයි

115වෙනි පරිච්ඡේදය

යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි

මතෙව් 26:1-5, 14-19 මාක් 14:1, 2, 10-16 ලූක් 22:1-13

  • යේසුස්ව පාවා දීමට ඉදිරිපත් වන යූදස් ඉස්කාරියොත්ට මුදල් ගෙවයි

  • නියෝජිතයන් දෙන්නෙක් පාස්කුවට අවශ්‍ය දේවල් සූදානම් කරයි

යේසුස් තවමත් ඉන්නේ ඔලීව කන්දේ. තමන් පැමිණ සිටින කාලය සහ පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය ගැන නියෝජිතයන් අහපු ප්‍රශ්නයට ඔහු පිළිතුර පැහැදිලි කරලයි තියෙන්නේ.

නීසාන් 11වෙනිදා හරිම කාර්යබහුල දවසක්. යේසුස් නියෝජිතයන්ට මෙහෙම කියනවා. “තව දවස් දෙකකින් පාස්කුව පැමිණෙන බව ඔබ දන්නවා. එවිට ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාව කණුවක ඇණ ගසා මරා දමයි.” (මතෙව් 26:2) සමහරවිට ඔහු ඒ දේ කියන්න ඇත්තේ රාත්‍රියේ නවාතැන් ගන්න නියෝජිතයන් එක්ක බෙතානියට යන අතරතුරේදී වෙන්න ඇති.

පෙනෙන විදිහට ඊළඟ දවස ඒ කියන්නේ නීසාන් 12වෙනි බදාදා දවස යේසුස් ගෙවන්නේ නියෝජිතයන් එක්ක. අඟහරුවාදා ඔහු ආගමික නායකයන්ගේ වැරදි ප්‍රසිද්ධියේම හෙළි කරපු නිසා ඔවුන් යේසුස්ව මරන්න බලාගෙනයි ඉන්නේ. ඒ නිසා බදාදා දවසේ යේසුස් අනිත් අයට පෙනෙන්න ඉන්නේ නැහැ. මොකද නීසාන් 14වෙනිදා නියෝජිතයන් එක්ක පාස්කුව සමරන එකට කිසිම දෙයක් නිසා බාධාවක් ඇති වෙනවාට ඔහු කැමති නැහැ.

කොහොමවුණත් තමන්ගේ වැරදි ප්‍රසිද්ධියේම කියපු එක ගැන කේන්තියෙන් ඉන්න නායක පූජකයන් සහ ජනතාව අතර හිටිය වැඩිමහල්ලන් නම් නිහඬව ඉන්නේ නැහැ. උත්තම පූජකයා වන කායෆස්ගේ නිවසේ ඇතුල් මළුවේ එක් රැස් වෙන ඔවුන් “කපටි උපායක් යොදාගෙන යේසුස්ව අල්ලාගෙන මරා දැමිය හැකි අයුරු ගැන” සාකච්ඡා කරනවා. “සෙනඟ අතර කෝලහලයක් ඇති විය හැකි නිසා අපි ඒ දේ උත්සව දවස්වලදී නොකර සිටිමු” කියලා ඔවුන් කතා වෙන්නේ හුඟක් මිනිසුන් යේසුස්ට පක්ෂව ඉන්න නිසයි.—මතෙව් 26:4, 5.

දැන් සිද්ධ වෙන්නේ ආගමික නායකයන් නොහිතපු දෙයක්. යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යූදස් ඉස්කාරියොත් ඔවුන් ළඟට එනවා. සාතන්ගේ පෙලඹීමට අහු වෙලා ඉන්න යූදස් ඔවුන් ළඟට යන්නේ තමන්ගේ ස්වාමියාව පාවා දෙන්නයි. “මම ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවාද” කියලා ඔහු ඔවුන්ගෙන් අහනවා. (මතෙව් 26:15) ඒ ගැන හුඟක් සතුටු වෙන ඔවුන් “ඔහුට රිදී මුදල් දීමට එකඟ” වෙනවා. (ලූක් 22:5) ඔවුන් පොරොන්දු වෙන්නේ රිදී කාසි 30ක් දෙන්නම් කියලයි. සාමාන්‍යයෙන් දාසයෙක් වෙනුවෙන් තමයි රිදී ෂෙකෙල් 30ක් ගෙව්වේ. (නික්මයාම 21:32) ඒකෙන් පැහැදිලි වෙනවා ඔවුන් යේසුස්ව සලකන්නේ මොන තරම් පහත් විදිහටද කියලා. “සෙනඟ නැති වේලාවක යේසුස්ව ඔවුන් අතට පාවා දීමට සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්” තමයි යූදස් දැන් බලාගෙන ඉන්නේ.—ලූක් 22:6.

බදාදා හිරු බැස යෑමත් එක්කම ඇරඹෙන්නේ නීසාන් 13වෙනිදා. මේක තමයි යේසුස් බෙතානියේ ගත කරන හයවෙනි සහ අන්තිම රාත්‍රිය. පාස්කුව අත ළඟටම ඇවිත් තියෙන නිසා ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම සූදානම් කරන්න වෙනවා. උදාහරණයකට නීසාන් 14වෙනි දවස පටන්ගද්දීම බැටළු පැටවෙක්ව මරලා පුලුස්සන්න ඕන නිසා බැටළු පැටවෙක්ව කලින්ම සූදානම් කරන්න ඕනේ. යේසුස් සහ නියෝජිතයන් පාස්කු උත්සවය කොහේ පවත්වයිද? ඒකට අවශ්‍ය දේවල් සූදානම් කරන්නේ කවුද? යේසුස් මේ වෙන කල් ඒ ගැන කිසිම දෙයක් කියලා නැහැ. ඒ නිසා නායක පූජකයන්ට කිසිම තොරතුරක් දෙන්න යූදස්ට බැහැ.

Peter and John follow a man carrying an earthenware water jar

බෙතානියේ ඉන්න යේසුස් පෙනෙන විදිහට බ්‍රහස්පතින්දා දවාලේදී පේතෘස්ට සහ යොහන්ට කතා කරලා “ගොස් අප සඳහා පාස්කු භෝජනය සූදානම් කරන්න” කියලා කියනවා. “ඒ සඳහා අප සූදානම් කළ යුත්තේ කොයි වගේ තැනක්ද” කියලා ඔවුන් ඇහුවාම යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබ නුවරට ඇතුල් වූ විට වතුර පිරුණු මැටි භාජනයක් උසුලාගෙන යන මිනිසෙක් ඔබට හමු වෙයි. ඔහු සමඟ ගොස් ඔහු යන නිවසට ඇතුල් වෙන්න. එම නිවසේ අයිතිකරුට මෙහෙම කියන්න. ‘මගේ ගෝලයන් සමඟ පාස්කු භෝජනය ගැනීමට මට වෙන් කළ කාමරය කොතැනද කියා අපේ ගුරුතුමා ඔබෙන් අසන්න කිව්වා.’ එවිට ඒ මිනිසා අවශ්‍ය දේවල් සහිතව පිළියෙල කර ඇති විශාල උඩුමහල් කාමරයක් ඔබට පෙන්වයි. ඔබ භෝජනය සූදානම් කළ යුත්තේ එතැනයි.”—ලූක් 22:8-12.

ඒ මිනිසා යේසුස්ගේ ගෝලයෙක් කියලා නම් සැකයක් නැහැ. යේසුස් පාස්කුව පවත්වන්න තමන්ගේ ගෙදරට එයි කියලා ඔහු බලාපොරොත්තුවෙන් ඉන්න ඇති. නියෝජිතයන් දෙන්නා යෙරුසලමට ආවාම යේසුස් කියපු විදිහටම දේවල් වෙනවා කියලා ඔවුන් තේරුම්ගන්නවා. යේසුස්ට සහ නියෝජිතයන් 12දෙනාට පාස්කුව සමරන්න අවශ්‍ය බැටළු පැටවාව සහ අනිත් දේවල් සූදානම් කරලා තියන්න ඔවුන් දෙන්නා වගබලා ගන්නවා.

  • නීසාන් 12වෙනි බදාදා යේසුස් කරන්න ඇත්තේ මොනවාද? ඒ ඇයි?

  • ආගමික නායකයන් එකට රැස් වුණේ ඇයි? යූදස් ඔවුන්ව හමු වෙන්න ගියේ ඇයි?

  • යේසුස් බ්‍රහස්පතින්දා දවසේ යෙරුසලමට යැව්වේ කාවද? ඔවුන් එහේ ගිහින් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න