ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 127 පරි. 290 පි.-291 පි. 6 ¶
  • මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ව මරා දමන්න ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 127 පරි. 290 පි.-291 පි. 6 ¶
යේසුස් පොන්තියුස් පිලාත් ඉදිරියේ සිටගෙන සිටියි

127වෙනි පරිච්ඡේදය

මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි

මතෙව් 27:1-11 මාක් 15:1 ලූක් 22:66–23:3 යොහන් 18:28-35

  • මන්ත්‍රණ සභාව උදෑසන නඩු විභාගය පවත්වයි

  • යූදස් ඉස්කාරියොත් එල්ලී මැරෙන්න උත්සාහ කරයි

  • යේසුස්ව මරන්න අවසර ගන්න ඔහුව පිලාත් වෙතට යවයි

රාත්‍රිය ගෙවිලා යන්නත් කිට්ටුයි. යේසුස්ව දන්නේ නැහැ කියලා පේතෘස් තුන් වතාවක්ම කියලයි තියෙන්නේ. මන්ත්‍රණ සභාව නඩු විභාගය අවසන් කරලා නිවෙස්වලටත් ගිහින්. හැබැයි සිකුරාදා උදෙන්ම ඔවුන් ආපහු රැස් වෙනවා. ඒ, නීති විරෝධී විදිහට රාත්‍රියේදී පවත්වපු නඩු විභාගයට නීත්‍යනුකූල මුහුණුවරක් දෙන්න වෙන්න ඇති. දැන් යේසුස්ව ඔවුන් ඉදිරියට ගෙනල්ලයි තියෙන්නේ.

“ඔබ ක්‍රිස්තුස් නම් අප ඉදිරියේ ඒ බව කියන්න” කියලා මන්ත්‍රණ සභාව කියද්දී යේසුස් මෙහෙම කියනවා. “මම ඒ දේ ඔබට කිව්වත් ඔබ එය කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ. මම ඔබෙන් ප්‍රශ්න ඇසුවත් ඔබ ඒවාට පිළිතුරු දෙන්නෙත් නැහැ.” දානියෙල් 7:13 සඳහන් වෙන තැනැත්තා තමන් බව අඟවන යේසුස් දැන් නිර්භීතව මෙහෙම කියනවා. “මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා බලවත් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටියි.”—ලූක් 22:67-69; මතෙව් 26:63.

ඔවුන් යේසුස්ගෙන් අහනවා “ඔබ දෙවිගේ පුත්‍රයාද” කියලා. යේසුස් පිළිතුරු දෙන්නේ “ඒ මමයි කියා ඔබ අසන ප්‍රශ්නයෙන්ම පැහැදිලියි” කියලයි. දෙවිට අපහාස කරනවා කියන චෝදනාව පිට යේසුස්ව මරන්න මේ සාක්ෂිය හොඳටම ඇති කියලා හිතන ඔවුන් “අපට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ” කියලා කියනවා. (ලූක් 22:70, 71; මාක් 14:64) ඊටපස්සේ ඔවුන් යේසුස්ව ගැටගහලා රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් ළඟට අරන් යනවා.

ඒක යූදස් දකින්න ඇති. යේසුස්ව මරන්න තීරණය කරලා කියලා දැනගත්තාම ඔහුට ලොකු දුකක් දැනෙනවා. ඒත් දෙවිගෙන් සමාව ගන්නවා වෙනුවට රිදී කාසි 30ත් අරන් නායක පූජකයන් ළඟට යන ඔහු, “මා කර තිබෙන්නේ පාපයක්! මා පාවා දුන්නේ ධර්මිෂ්ඨ කෙනෙක්ව” කියලා කියනවා. එතකොට ඔවුන් කියන්නේ “ඉතින් එයින් අපට ඇති පලේ මොකක්ද? ඒක ඔබේ ප්‍රශ්නයක්” කියලයි.—මතෙව් 27:4.

රිදී කාසි 30 දේවමාලිගාව ඇතුළට විසි කරන යූදස් තවත් වරදක් කරනවා. ඔහු උත්සාහ කරන්නේ ජීවිතය නැති කරගන්න. ඔහු එල්ලී මැරෙන්න උත්සාහ කළත් පෙනෙන විදිහට ඔහු ලණුව ගැටගහපු අත්ත කැඩෙනවා. ඔහුව ගල් ගොඩක් උඩට වැටෙන නිසා ඔහුගේ බඩවැල් පිටතට විසි වෙනවා.—ක්‍රියා 1:17, 18.

යේසුස්ව උදෙන්ම පොන්තියුස් පිලාත්ගේ මාලිගාවට අරන් ආවත් යුදෙව්වන් ඇතුළට යන්නේ නැහැ. ඔවුන් හිතන්නේ වෙනත් ජාතීන් එක්ක ඇසුරු කිරීමෙන් තමන් අපවිත්‍ර වෙයි කියලයි. එහෙම වුණොත් නීසාන් 15වෙනිදායින් ඇරඹෙන මුහුන් නොදැමූ රොටි උත්සවයට හවුල් වෙන්න ඔවුන්ට බැරි වෙනවා. පාස්කුවේම කොටසක් විදිහට තමයි ඒ උත්සවයත් සැමරුවේ.

පිලාත් පිටතට ඇවිත් ඔවුන්ගෙන් අහනවා “ඔබ මේ මිනිසාට විරුද්ධව නඟන චෝදනාව මොකක්ද” කියලා. ඔවුන් පිළිතුරු දෙන්නේ “මේ මිනිසා වරදකරුවෙක් නොවෙයි නම් අප ඔහුව ඔබට භාර දෙන්නේ නැහැ” කියලයි. එතකොට පිලාත් කියනවා “ඔහුව ගෙන ගොස් ඔබේ නීතියට අනුව ඔහුව විනිශ්චය කරන්න” කියලා. ඔහු එහෙම කියන්නේ යුදෙව්වන් තමන් පිට අනවශ්‍ය බරක් පටවනවා කියලා හිතෙන නිසා වෙන්න ඇති. යුදෙව්වන් පිළිතුරු දෙන්නේ “අපට කිසිම කෙනෙක් මරණයට පත් කිරීම තහනම්” කියලයි. (යොහන් 18:29-31) ඔවුන්ට ඕනෙ කොහොමහරි යේසුස්ව මරන්න කියලා ඒකෙන් හොඳින්ම පැහැදිලි වෙනවා.

පාස්කු සමයේ යේසුස්ව මැරුවොත් කෝලහලයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි යේසුස් රෝම ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරලා තියෙනවා කියන චෝදනාව පිට රෝමවරුන්ම ඔහුව මැරුවොත් නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

යේසුස්ව අත්අඩංගුවට ගත්තේ ඔහු දෙවිට අපහාස කරන නිසයි කියලා යුදෙව්වන් මේ වෙලාවේදී කියන්නේ නැහැ. ඔවුන් දැන් කියන මේ චෝදනා තුන ඊට හාත්පසින්ම වෙනස්. “මේ මිනිසා [1] අපේ ජාතිය අතර භේද ඇති කරනවා. [2] ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා. [3] තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා.”—ලූක් 23:2.

රෝමය නියෝජනය කරන පිලාත් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ යේසුස්ට විරුද්ධව තියෙන තුන්වෙනි චෝදනාව ගැනයි. මාලිගාව ඇතුළට යන ඔහු යේසුස්ව කැඳවලා “ඔබ යුදෙව්වරුන්ගේ රජද” කියලා අහනවා. වෙන විදිහකින් කියනවා නම් ඔහු යේසුස්ගෙන් අහන්නේ ‘සීසර්ට විරුද්ධ වෙමින් තමන්වම රජෙක්ට සමාන කරගෙන රෝම නීතිය කඩ කළාද’ කියලයි. යේසුස් ඔහුගෙන් මෙහෙම අහනවා. “ඔබ එහෙම අහන්නේ ඔබට එහෙම හිතෙන නිසාද? නැත්නම් වෙනත් අය මා ගැන ඔබට යම් දේවල් පැවසූ නිසාද?” (යොහන් 18:33, 34) යේසුස් එහෙම අහන්නේ පිලාත්ට තමන් ගැන අහන්න ලැබිලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න වෙන්න ඇති.

තමන්ට කිසිම දෙයක් අහන්න ලැබුණේ නැහැ කියලත් යේසුස්ට කියන්න තියෙන දේ ගැන දැනගන්න කැමතියි කියලත් අඟවමින් පිලාත් මෙහෙම කියනවා. “මම යුදෙව්වෙක්ද? ඔබව මට භාර දුන්නේ ඔබේම ජාතියේ මිනිසුන් හා නායක පූජකයනුයි. ඔබ මොනවාද කළේ?”—යොහන් 18:35.

තමන් රජ කෙනෙක් කියලා කියාගන්න බවට නඟපු චෝදනාවෙන් යේසුස් ලිස්සලා යන්නේ නැහැ. ඔහු දැන් කියන දෙයින් පිලාත් අනිවාර්යයෙන්ම පුදුම වෙයි.

ලේ පිට්ටනිය

යූදස් රිදී කාසි 30 දේවමාලිගාව ඇතුළට විසි කරයි

යූදස් දේවමාලිගාවට දාපු රිදී කාසිවලින් කරන්න ඕන මොනවාද කියලා නායක පූජකයන්ට හිතාගන්න බැහැ. ඔවුන් මෙහෙම කතා වෙනවා. “මේ මුදල් මිනී මැරුමකට ගෙවූ කුලියක් වන නිසා ඒවා පරිශුද්ධ භාණ්ඩාගාරයට දැමීම සුදුසු නැහැ.” අන්තිමේදී විදේශිකයන්ව භූමදාන කරන්න කුඹල්කරුගේ පිට්ටනිය ඔවුන් ඒකෙන් මිල දී ගන්නවා. ඒක හැඳින්නුවේ “ලේ පිට්ටනිය” කියලයි.—මතෙව් 27:6-8.

  • මන්ත්‍රණ සභාව උදෙන්ම ආයෙත් රැස් වුණේ ඇයි?

  • යූදස් මැරුණේ කොහොමද? රිදී කාසි 30ට වුණේ මොනවාද?

  • යේසුස්ට විරුද්ධව යුදෙව්වන් පිලාත් ඉදිරියේ නැඟුවේ මොන චෝදනාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න