ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 132 පරි. 300 පි.-301 පි. 3 ¶
  • “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය”
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම අපේ ස්වාමීන්ව දැක්කා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 132 පරි. 300 පි.-301 පි. 3 ¶
යේසුස් වධකණුවේ අවසන් හුස්ම හෙළූ අවස්ථාවේ “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයාමයි” කියලා හමුදා නිලධාරියා පවසමින්

132වෙනි පරිච්ඡේදය

“ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”

මතෙව් 27:45-56 මාක් 15:33-41 ලූක් 23:44-49 යොහන් 19:25-30

  • යේසුස් වධකණුවක මිය යයි

  • යේසුස් මිය යද්දී අසාමාන්‍ය දේවල් සිද්ධ වෙයි

දැන් වෙලාව දවල් 12යි. එකපාරටම ‘මුළු පොළොවම අන්ධකාරයෙන් වැහිලා’ යනවා. පැය තුනක් පුරාම මේ අන්ධකාරය පවතිනවා. (මාක් 15:33) මෙහෙම වෙන්නේ සූර්ය ග්‍රහණයක් නිසා කියලා නම් හිතන්න බැහැ. මොකද සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයක් ඇති වෙන්නේ නව සඳ තියෙන කාලවලදියි. ඒක පවතින්නේ විනාඩි කිහිපයකට විතරයි. හැබැයි පාස්කුව පවත්වන මේ කාලයේ දකින්න ලැබෙන්නේ පුර සඳ. ඒ විතරක් නෙවෙයි මේ අන්ධකාරය පැය තුනක්ම පවතිනවා. ඒ නිසා මේ අන්ධකාරය ඇති වෙන්න සලස්වලා තියෙන්නේ දෙවියන් කියලා පැහැදිලියි.

යේසුස්ට සමච්චල් කරපු අයට දැන් කොහොම හැඟෙනවා ඇද්ද! මේ වෙලාවේ යේසුස්ගේ අම්මා, සලෝමි, මරියා මග්දලේනා සහ යේසුස්ගේ නියෝජිතයෙක් වූ කුඩා යාකොබ්ගේ අම්මා වන මරියාත් යේසුස්ගේ වධකණුව ළඟට එනවා.

“වධකණුව” ළඟට වෙලා දුක් වෙන යේසුස්ගේ අම්මා ළඟින්ම ඉන්නේ යේසුස්ගේ නියෝජිතයෙක් වන යොහන්. ඉපදුණු දවසේ ඉඳන් හරිම ආදරෙන් හදා වඩා ගත්ත දරුවා දැන් ලොකු වේදනාවකින් ඉන්නවා දකිද්දී මරියාට දැනෙන්නේ ‘දිග කඩුවක් හදවත පසාරු කරගෙන’ යනවා වගෙයි. (යොහන් 19:25; ලූක් 2:35) දරාගන්න බැරි තරම් වේදනාවකින් හිටියත් යේසුස් අම්මා ගැන හිතනවා. ලොකු වෑයමක් දරමින් හිසෙන් සංඥා කරලා යොහන්ව පෙන්වන ඔහු මරියාට කියන්නේ “මේ සිටින්නේ ඔබේ පුතා” කියලයි. ඒ විදිහටම මරියාව පෙන්වන ඔහු “මේ සිටින්නේ ඔබේ මව” කියලා යොහන්ට කියනවා.—යොහන් 19:26, 27.

මේ වෙනකනුත් යේසුස්ගේ සහෝදරයන් කවුරුත් යේසුස් ගැන විශ්වාසය තියලා නැහැ. ඒ නිසා තමයි මේ වෙද්දී වැන්දඹුවක් වෙලා ඉන්න අම්මාව තමන් වැඩියෙන්ම ආදරය කරන නියෝජිතයාට ඔහු භාර දෙන්නේ. අම්මාව රැකබලා ගන්න එක ගැන වගේම නමස්කාර කටයුතු කරගෙන යන්න ඇයට උදව් කරන එක ගැනත් ඔහු හිතලා තියෙනවා. ඒක අපි හැමෝටම කදිම ආදර්ශයක් නෙවෙයිද!

“මට තිබහයි” කියලා යේසුස් දැන් කියද්දී බයිබලයේ සඳහන් අනාවැකියකුත් ඉටු වෙනවා. (යොහන් 19:28; ගීතාවලිය 22:15) සමහරවිට මේ වෙද්දී අන්ධකාරයත් නැති වේගෙන යනවා ඇති. යේසුස් ඔහුගේ පියාට කොයි තරම් විශ්වාසවන්තව ඉන්නවාද කියන එක දැන් උපරිමයෙන් සෝදිසියට ලක් වෙනවා. ඔහුට දැනෙන්නේ පියාගේ රැකවරණය තමන්ට අහිමි වුණා කියලයි. ඔහු මහත් හඬින් “ඒලී, ඒලී, ලාමා සබක්තානි” කියලා කියනවා. ඔහු ඒ විදිහට අහන්නේ “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි” කියලයි. ඒක හරියට තේරෙන්නේ නැති නිසා සමහර අය කියනවා “අර බලන්න! ඔහු එලියාට අඬගසනවා” කියලා. ඒ අයගෙන් කෙනෙක් දුවගෙන ගිහින් ස්පොන්ජියක් හා සමාන දෙයක් අරන් ඒක ඇඹුල් වයින්වල පොඟවලා බට දණ්ඩක ගහලා යේසුස්ට බොන්න දෙනවා. එතකොට තවත් අය කියන්නේ “ඔහුට ඉන්න හරින්න! එලියා ඇවිත් ඔහුව කණුවෙන් පහතට ගනීවිද කියා බලමු” කියලයි.—මාක් 15:34-36.

“ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලා යේසුස් දැන් කියනවා. (යොහන් 19:30) පොළොවට ඇවිත් ඉටු කරන්න පියාණන් යේසුස්ට භාර දීපු හැම වැඩ කොටසක්ම යේසුස් ඉටු කරලයි තියෙන්නේ. අවසාන වතාවට ඔහු කියන්නේ “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ” කියලයි. (ලූක් 23:46) දෙවියන් තමන්ට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියන පූර්ණ විශ්වාසය ඇතුව තමන්ගේ ජීවිතය දෙවිට භාර දෙන යේසුස් දැන් අවසන් හුස්ම හෙළනවා.

ඒත් එක්කම ඇති වෙන්නේ දරුණු භූමිකම්පාවක්. ප්‍රතිඵලයක් විදිහට පර්වත පැළෙනවා. සොහොන් ගෙවල් විවර වෙලා මළ මිනී එළියට විසි වෙනවා. ඒ දේවල් දකින මිනිසුන් “ශුද්ධ නුවරට” ඇවිත් ඒ ගැන දැනුම් දෙනවා.—මතෙව් 12:11; 27:51-53.

යේසුස් මැරුණු මොහොතේම දේවමාලිගාවේ ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කරන දැවැන්ත තිරය ඉහළ ඉඳන් පහළටම ඉරෙනවා. තමන්ගේ පුතාව මරපු අය ගැන දෙවිට මොන තරම් කේන්තියක් දැනෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි. ඒ වගේම අතිශුද්ධස්ථානයෙන් නියෝජනය වෙන ස්වර්ගයට යන මඟ දැන් විවර වෙලා කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා.—හෙබ්‍රෙව් 9:2, 3; 10:19, 20.

මේ දේවල් ගැන මිනිසුන්ට මොන තරම් බයක් දැනෙන්න ඇද්ද! යේසුස්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම භාරව හිටිය හමුදා නිලධාරියා කියනවා “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයාමයි” කියලා. (මාක් 15:39) තමන් දෙවිගේ පුතා කියලා යේසුස් කියාගන්න බවට එල්ල වෙලා තිබුණු චෝදනාව ගැන පිලාත් විභාග කරද්දී ඔහුත් එතැන ඉන්න ඇති. යේසුස් ධර්මිෂ්ඨයි කියලත් ඔහු දෙවිගේ පුතා කියලත් පිළිගන්න දැන් ඔහුට ඇති තරම් සාක්ෂි ලැබිලයි තියෙන්නේ.

සිද්ධ වෙන දේවල් දැකපු තවත් හුඟක් අය ඒ ගැන දැනෙන ශෝකයත් ලැජ්ජාවත් නිසා “පපුවට ගසාගනිමින්” තමන්ගේ නිවෙස්වලට යනවා. (ලූක් 23:48) යම් දුරක ඉඳන් සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉන්න අය අතරේ යේසුස් දේශනා කරන්න ගිය සංචාරවලට හවුල් වුණු ස්ත්‍රීන් හුඟදෙනෙකුත් ඉන්නවා. දැන් සිද්ධ වුණු පුදුමාකාර දේවල් යේසුස්ගේ ගෝලයන් වුණු ඔවුන්ගේ හිත්වලට තදින්ම බලපානවා.

“කණුවක ඇණ ගසා මරා දමන්න”

යේසුස්ට සතුරුකම් කරපු අය කිව්වේ “ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියලයි. (යොහන් 19:15) සුවිශේෂ පොත්වල “කණුව” විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ස්ටාව්රොස්” කියන ග්‍රීක වචනය. ඒ වචනයේ අදහස ගැන එක පොතක මෙහෙම විස්තර කරලා තියෙනවා. “‘ස්ටාව්රොස්’ කියන වචනයෙන් අදහස් වෙන්නේ ගොවියන් වැටවල් බඳින්න පාවිච්චි කරන ශක්තිමත් කණුවක් වගේ දෙයක්. වෙන කිසිම දෙයක් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.”—History of the Cross.

  • පැය තුනක් පුරා තිබුණු අන්ධකාරයට හේතු වුණේ සූර්ය ග්‍රහණයක් කියලා කියන්න බැරි ඇයි?

  • මහලු දෙමාපියන්ව රැකබලා ගැනීම සම්බන්ධයෙන් යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් ඇයි?

  • භූමිකම්පාව නිසා වුණේ මොනවාද? දේවමාලිගාවේ තිරය ඉරුණු එකෙන් පැහැදිලි වුණේ මොනවාද?

  • යේසුස්ගේ මරණය සහ ඒ වෙලාවේදී සිද්ධ වුණු දේවල් අවට හිටිය අයට බලපෑවේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න