ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 134 පරි. 304 පි.-305 පි. 5 ¶
  • සොහොන් ගෙය හිස් වෙලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සොහොන් ගෙය හිස් වෙලා
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් ජීවමානයි!
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මෙන්න යේසුස් ජීවත් වෙනවා!
    මගේ බයිබල් කතන්දර පොත
  • “මම අපේ ස්වාමීන්ව දැක්කා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යේසුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 134 පරි. 304 පි.-305 පි. 5 ¶
යේසුස්ගේ දේහය සොහොන් ගෙය ඇතුළේ නැති එක ගැන ස්ත්‍රීන් පුදුම වෙයි

134වෙනි පරිච්ඡේදය

සොහොන් ගෙය හිස් වෙලා

මතෙව් 28:3-15 මාක් 16:5-8 ලූක් 24:4-12 යොහන් 20:2-18

  • යේසුස්ව නැවත නැඟිටුවයි

  • සොහොන් ගෙය ළඟදී පුදුම දේවල් සිදු වෙයි

  • ඔහු ස්ත්‍රීන් ඉදිරියේ පෙනී සිටියි

සොහොන් ගෙය ඇතුළේ යේසුස් නැහැ කියලා දකින ස්ත්‍රීන්ට කොහොම හැඟෙනවා ඇද්ද! මරියා මග්දලේනා දැන් දුවගෙන යන්නේ ඒ ගැන ‘සීමොන් පේතෘස්ට සහ යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ අනික් ගෝලයා’ වන යොහන්ට දැනුම් දෙන්න. (යොහන් 20:2) ඒ අතරතුරේදී සොහොන් ගෙය ළඟ ඉන්න අනිත් ස්ත්‍රීන් දේවදූතයෙක්ව දකිනවා. සොහොන් ගෙය ඇතුළේ ‘සුදු සළුවක් ඇඳන්’ ඉන්න තවත් දේවදූතයෙක් ඉන්නවා.—මාක් 16:5.

එක දේවදූතයෙක් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “බිය නොවන්න. ඔබ සොයන්නේ කණුවක ඇණ ගසා මරා දැමූ යේසුස්ව බව මම දන්නවා. ඔහු මෙහි නැහැ. ඔහු කී ලෙසම ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා. ඇවිත් ඔහුව තැන්පත් කළ ස්ථානය බලන්න. දැන් ඉක්මනින් ගොස් ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න. ඔහු ඔවුන්ට කලින් ගලීලයට යනවා කියාත් කියන්න.” (මතෙව් 28:5-7) “බියෙන් වෙවුලමින් මහත් පුදුමයකින්” ඒ ස්ත්‍රීන් දැන් දුවගෙන යන්නේ මේ ගැන ගෝලයන්ට දැනුම් දෙන්නයි.—මාක් 16:8.

පේතෘස්ව සහ යොහන්ව මුණගැහුණාම මරියා හති දාගෙන මෙහෙම කියනවා. “කවුරු හරි අපේ ස්වාමීන්ව සොහොන් ගෙයින් ඉවත් කර තිබෙනවා. ඔහුව කොහේ තැන්පත් කළාද කියා අපි දන්නේ නැහැ.” (යොහන් 20:2) ඒ වෙලාවේම ඔවුන් දෙන්නා සොහොන් ගෙය ළඟට දුවගෙන යනවා. පේතෘස්ට වඩා වේගයෙන් දුවන යොහන් තමයි මුලින්ම එතැනට යන්නේ. එළියේ ඉඳන් එබිලා බලද්දී ඇතුළේ තියෙන රෙදි පටි දැක්කත් ඔහු ඇතුළට යන්නේ නැහැ.

හැබැයි පේතෘස් නම් ඇතුළටම යනවා. එතැන තියෙන රෙදි පටි වගේම යේසුස්ගේ හිසට දාලා තිබුණු රෙදිකඩත් ඔහු දකිනවා. දැන් යොහන් ඇතුළට ආවාම මරියා කියපු දේ ඇත්තක් කියලා ඔහුත් තේරුම්ගන්නවා. තමන් නැවත නැඟිටිනවා කියලා යේසුස් කලින් කියලා තිබුණත් ඒක දැන් ඇත්තටම වෙලා කියලා මේ අය තේරුම්ගන්නේ නැහැ. (මතෙව් 16:21) අන්තිමේදී ඔවුන් නිවෙස්වලට යනවා. හැබැයි ආපහු සොහොන් ගෙය ළඟට එන මරියා එතැනටම වෙලා ඉන්නවා.

සොහොන් ගෙට ආපු අනිත් ස්ත්‍රීන් ගෝලයන්ව හොයාගෙන යද්දී ඔවුන්ට යේසුස්ව මුණගැහෙනවා. “සුබ දවසක් වේවා” කියලා ඔහු කිව්වාම ඒ ස්ත්‍රීන් ඔහුගේ පාද අල්ලාගෙන ‘දණින් වැටෙනවා.’ එතකොට යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “බිය නොවන්න! ගොස් මගේ සහෝදරයන්ට මේ ගැන දන්වන්න. එවිට ඔවුන් ගලීලයට යයි. එහිදී මාව දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි.”—මතෙව් 28:9, 10.

භූමිකම්පාව ඇති වුණු වෙලේ සොහොන් ගෙය ළඟ හිටිය සෙබළුන් දේවදූතයන්ව දැකලා “බියෙන් වෙවුලන්න” පටන්ගත්තා. ඔවුන් ‘බිම ඇද වැටුණේ’ හරියට මිය ගිය අය වගෙයි. පියවි සිහියට ආවාම ඔවුන් නගරයට ගිහින් “සිදු වූ සෑම දෙයක්ම නායක පූජකයන්ට” කිව්වා. නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ඒ ගැන සාකච්ඡා කරලා සෙබළුන්ට අල්ලසක් දෙන්න තීරණය කළා. ඔවුන් සෙබළුන්ට කිව්වේ ඇත්ත වසං කරලා මෙහෙම කියන්න කියලයි. “ඔහුගේ ගෝලයන් රාත්‍රියෙහි ඇවිත් අප නිදා සිටියදී ඔහුගේ දේහය සොරාගෙන ගියා.”—මතෙව් 28:4, 11, 13.

රෝම සෙබළෙක් රාජකාරිය අතරතුරේදී නිදාගන්නවා කියන්නේ මරණ දඬුවම ලැබෙන තරම් බරපතළ වරදක්. ඒක හොඳින්ම දන්න නායක පූජකයන් මෙහෙමත් කියනවා. “මේ ගැන [නිදාගෙන සිටියා කියන බොරු කතාව] ආණ්ඩුකාරයාට ආරංචි වුණොත් අපි ඔහු සමඟ එය බේරුමක් කරගන්නම්. ඔබට කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” (මතෙව් 28:14) ඒකට එකඟ වෙන සෙබළුන් අල්ලස් අරන් ඔවුන් කියපු දේ ඒ විදිහටම කරනවා. ප්‍රතිඵලයක් විදිහට යේසුස්ගේ දේහය ගැන ගොතපු බොරුව යුදෙව්වන් අතරේ පැතිරෙනවා.

මරියා මග්දලේනා අඬමින් තවමත් ඉන්නේ සොහොන් ගෙය ළඟ. ඇය සොහොන් ගෙට එබිලා බලද්දී සුදු වස්ත්‍ර ඇඳගත්ත දේවදූතයන් දෙන්නෙක්ව දකිනවා. එක් කෙනෙක් ඉන්නේ යේසුස්ගේ ඔළුව තිබුණු පැත්තේ. අනිත් කෙනා ඉන්නේ යේසුස්ගේ කකුල් තිබුණු පැත්තේ. ඔවුන් දැන් මරියාගෙන් අහනවා “ඔබ හඬන්නේ ඇයි” කියලා. ඇය පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “කවුරු හරි මගේ ස්වාමීන්ව අරගෙන ගිහිල්ලා. ඔවුන් ඔහුව දැන් කොහේ තැන්පත් කළාද කියා මම දන්නේ නැහැ.” ඇය හැරිලා බැලුවාම තවත් කෙනෙක්ව ඇය දකිනවා. ඔහු අහන්නේ “ඔබ හඬන්නේ ඇයි? ඔබ සොයන්නේ කාවද” කියලයි. ඔහු උයනේ සේවකයෙක් කියලා හිතන මරියා කියන්නේ මෙහෙමයි. “මහත්මයාණෙනි, ඔබ ඔහුව ගෙන ගියා නම් ඔහුව තැන්පත් කළේ කොහේද කියා මට කියන්න. එතකොට මට පුළුවන් ඔහුව රැගෙන යන්න.”—යොහන් 20:13-15.

ඇත්තටම දැන් මරියා කතා කරන්නේ නැවත නැඟිටලා ඉන්න යේසුස් එක්ක. ඒත් ඇය ඒ බව දන්නේ නැහැ. කොහොමවුණත් “මරියා” කියලා ඔහු කියද්දී ඒ යේසුස් කියලා තේරුම්ගන්නා ඇය හද පිරි සතුටින් “රබ්බෝනි” (ගුරුතුමනි) කියලා කියනවා. යේසුස් ස්වර්ගයට යයිද කියලා බය වෙන ඇය ඔහුව අල්ලාගන්නවා. යේසුස් දැන් ඇයට කියන්නේ මෙහෙමයි. “මම දැන්මම පියාණන් ළඟට යන්නේ නැහැ. ඒ නිසා මාව දැන් අතහරින්න. දැන් මෙතැනින් පිටත් වී මගේ සහෝදරයන් ළඟට ගිහින්, ‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත් මගේ දෙවි හා ඔබේ දෙවි ළඟටත් යනවා’ කියා ඔවුන්ට කියන්න.”—යොහන් 20:16, 17.

මේ ගැන කියන්න මරියා දැන් නියෝජිතයන් සහ ගෝලයන් රැස් වෙලා ඉන්න තැනට දුවගෙන යනවා. ඇය ඔවුන්ට කියන්නේ “මම අපේ ස්වාමීන්ව දැක්කා” කියලයි. (යොහන් 20:18) ඇය කියපු දේත් යේසුස්ව දැකපු අනිත් ස්ත්‍රීන් කියපු දේත් ඔවුන් සලකන්නේ ‘විකාර දේවල්’ විදිහටයි.—ලූක් 24:11.

  • හිස්ව තියෙන සොහොන් ගෙය දැක්කාම මරියා මග්දලේනා කළේ මොනවාද? අනිත් ස්ත්‍රීන් අද්දැක්කේ මොනවාද?

  • සොහොන් ගෙය ඇතුළේ යේසුස් නැහැ කියලා දැනගත්තාම පේතෘස් සහ යොහන් කළේ මොනවාද?

  • ස්ත්‍රීන් ගෝලයන්ව හොයාගෙන යන අතරතුරේදී ඔවුන්ට මුණගැහුණේ කාවද? මරියා මග්දලේනා ආපහු සොහොන් ගෙය ළඟට ගියාම සිද්ධ වුණේ මොනවාද?

  • තමන්ට අහන්න ලැබුණු දේවල් ගැන නියෝජිතයන්ට හැඟුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න