ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 3 9-11 පි.
  • අම්මාටයි තාත්තාටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අම්මාටයි තාත්තාටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • දෙමාපියන්ට මගේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද?
    2009 පිබිදෙව්!
  • ආදරය ලබන්න කවුරුත් කැමතියි
    2006 පිබිදෙව්!
  • සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 3 9-11 පි.
තාත්තා කතා කරද්දී අහක බලාගෙන ඉන්න යෞවනයෙක්

3වෙනි ප්‍රශ්නය

අම්මාටයි තාත්තාටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

දෙමව්පියන් එක්ක හොඳින් ඉන්න එකෙන් යහපතක් වෙන්නේ ඔයාටමයි.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ජෙෆ්ට අවුරුදු 17යි. එක දවසක් අම්මා කියපු වැඩ ටික ඉක්මනටම ඉවර කරලා ජෙෆ් ටීවී බලන්න පටන්ගත්තා.

ඒ වෙලාවෙම තාත්තා තරහෙන් එතැනට ආවා.

“ජෙෆ්! ඔයා කොයි වෙලේ බැලුවත් ටීවී එක ඉස්සරහා. ඔයාට කිව්වා නේද මල්ලිගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරන්න කියලා? ඔයා නම් කවදාවත් කියන දේ අහන්නේ නෑ.”

“ඔන්න ඉතින් අදත් පටන්ගත්තා” කියලා ජෙෆ් හෙමීට කියනවා.

ඒක ඇහිලා තාත්තා “මොකක්ද කිව්වේ” කියලා කේන්තියෙන් අහනවා.

හුස්මක් පිට කරලා තාත්තා දිහා රවලා බලන ජෙෆ් “මුකුත් නෑ” කියලා කියනවා.

තාත්තාට හොඳටම කේන්ති ගිහින් මෙහෙම කියනවා. “එන්න එපා මට ඔහොම කතා කරන්න. තේරුණාද?”

ඔයා ජෙෆ් නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

දෙමව්පියන් එක්ක කතාබහ කරද්දී බාධා ඇති වෙන්න පුළුවන්. ඒක හරියට කාර් එකක් එළවන් යද්දී පාර වසා ඇත කියලා පුවරුවක් දකිනවා වගෙයි. එහෙම එකක් දැක්කොත් ඔයා වෙන පාරක් හොයාගන්නවා නේද?

උදාහරණයකට:

ලෙයා කියන යෞවනිය මෙහෙම කියනවා. “තාත්තාත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට මම ටික වෙලාවක් කතා කළාට පස්සේ තාත්තා මෙහෙම අහනවා. ‘මොකක්ද? මං අහන් හිටියේ නෑ.’”

මේ වෙලාවේ ලෙයාට කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා.

  1. 1. තාත්තාට කෑගහනවා.

    “මං කියන දේ අහන්න. මේක හරි වැදගත් දෙයක්” කියලා ලෙයා කෑගහනවා.

  2. 2. තාත්තා එක්ක කතා කරන්නේ නැතුව ඉන්නවා.

    ලෙයා එයාගේ ප්‍රශ්නේ ගැන තාත්තාට මුකුත්ම කියන්නේ නැහැ.

  3. 3. ප්‍රශ්නේ ගැන කතා කරන්න සුදුසු වෙලාවක් එන කල් බලන් ඉන්නවා.

    ලෙයා එයාගේ තාත්තා එක්ක වෙන වෙලාවක කතා කරනවා. එහෙම නැත්නම් ලියුමක් ලියනවා.

ලෙයා කොයි දේ කෙරුවොත් හොඳයි කියලාද ඔයා හිතන්නේ?

ටිකක් හිතන්න: ලෙයාගේ තාත්තා ඉන්නේ වෙන කල්පනාවක. ඒ නිසා ලෙයාගේ හිතේ වේදනාව තාත්තාට තේරුම්ගන්න අමාරුයි. ලෙයා 1වෙනි ක්‍රමය තෝරාගත්තා නම් එයා කෑගහන්නේ ඇයි කියලා තාත්තාට තේරෙන එකක් නැහැ. කෑගැහුවයි කියලා තාත්තා එයාට ඇහුම්කන් දෙයි කියලා හිතන්නත් බැහැ. ඒ වගේම ඒකෙන් එයා තාත්තාට ගරු කරනවා කියලා පෙන්නන්නෙත් නැහැ. (එෆීස 6:2) ඒ විදිහට බැලුවොත් නම් ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි.

වාහනයක් පැදගෙන එද්දී පාර වහලා කියලා දකිනවා

පාර වහලා තිබුණොත් වෙන පාරක් හොයාගන්නවා වගේ දෙමව්පියන් එක්ක කතා කරද්දී ඇති වෙන බාධා ජය ගන්න ඔයාට පුළුවන්

2වෙනි ක්‍රමය ලේසි වුණත් ඒක ඥානවන්ත දෙයක් නෙමෙයි. ලෙයාගේ ප්‍රශ්නේ විසඳගන්න නම් එයා තාත්තා එක්ක කතා කරන්නම ඕනේ. ලෙයාගේ ප්‍රශ්නේ දැනගත්තොත් විතරයි එයාට උදව් කරන්න තාත්තාට පුළුවන් වෙන්නේ. කතා නොකර ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

බාධාව ජය ගන්න ලෙයා 3වෙනි ක්‍රමය තෝරාගත්තා නම් එයා වෙන වෙලාවක කතා කරන්න උත්සාහ කරනවා. නැත්නම් ලියුමකින් එයාගේ ප්‍රශ්නේ තාත්තාට ලියනවා. ලියුම ලිව්වාට පස්සේ එයාට ටිකක් හරි සහනයක් දැනෙයි.

මුහුණ දෙන ප්‍රශ්නේ ගැන හැම තොරතුරක්ම ලියුමේ ලියන්න ලෙයාට පුළුවන්. එතකොට තාත්තාට ඒ ලියුම කියවලා ප්‍රශ්නේ තේරුම්ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ 3වෙනි ක්‍රමයෙන් දෙන්නාටම ප්‍රයෝජන තියෙනවා. ඔයාට තියෙන ප්‍රශ්නේ, කෙලින්ම කතා කරලා හරි ලියුමක් ලියලා හරි විසඳගද්දී ඔයා පිළිපදින්නේ බයිබලයේ තියෙන මේ උපදෙසයි. ‘සමාදානයට දායක වන දේවල් කිරීමට දැඩි උත්සාහයක් දරමු.’—රෝම 14:19.

ලෙයාට තව මොන වගේ දේවල් කරන්න පුළුවන්ද?

ඔයාට යෝජනාවක් දෙන්න පුළුවන්ද? ලැබෙන ප්‍රතිඵල මොනවාද?

බයිබලයෙන් උපදෙස්

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” —එෆීස 6:2.

“නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.” —කොලොස්සි 4:6.

“ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

පැහැදිලිව කතා කරන්න

සමහර වෙලාවට ඔයා කියන දේ ඔයාගේ දෙමව්පියන් තේරුම්ගන්නේ වෙනස් විදිහකට.

උදාහරණයකට:

දෙමව්පියන් ඔයාගෙන් අහනවා “ඇයි මූණ එල්ලගෙන ඉන්නේ” කියලා. එතකොට ඔයා කියනවා “මම ඒ ගැන කතා කරන්න කැමති නෑ” කියලා.

ඔයා කියපු දේ දෙමව්පියන් තේරුම්ගන්නේ මේ විදිහට. “ඔයාලාට කියනවාට වඩා හොඳයි යාළුවන්ට කියන එක”.

හිතන්න ඔයා ලොකු ගැටලුවකට මුහුණ දෙන වෙලාවක ඔයාගේ දෙමව්පියන් උදව් කරන්න හදනවා කියලා. එතකොට ඔයා මෙහෙම කිව්වොත් “අම්මලා කරදර වෙන්න ඕනෙ නෑ. මට පුළුවන් තනියම ඒක විසඳගන්න.”

  • ඔයා කියන දේ දෙමව්පියන් කොයි විදිහට තේරුම්ගනියිද?

  • ඊට වඩා හොඳ පිළිතුරක් දෙන්න ඔයාට පුළුවන්ද?

ඔයාට වැඩක්

  • දෙමව්පියන් එක්ක කතා කරන්න අකමැති නම් ඊළඟ වතාවේදී මට කරන්න පුළුවන් මොනවාද?

  • මම කතා කරන්න අකමැති දෙයක් ගැන මගේ දෙමව්පියන් බලෙන් ඇහුවොත් මට කරන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න