ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 4 12-14 පි.
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • වරදක් පිළිගත යුත්තේ ඇයි?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදි අඩුපාඩු වෙද්දී
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 4 12-14 පි.
කාර් එකේ කැඩුණු වීදුරුව දිහා බලන ළමයි දෙන්නෙක්

4වෙනි ප්‍රශ්නය

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

ඒක දැනගන්න එකේ වැදගත්කම

වැරදි පිළිගන්නවා නම් වගකීමෙන් වැඩ කරන විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දී ඩිලන් විසි කරපු බෝලේ වැදිලා පාරේ නවත්වලා තිබුණු කාර් එකක වීදුරුව කැඩෙනවා.

ඔයා ඩිලන් නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

කරන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා.

  1. 1. එතැනින් ඉක්මනට දුවන්න.

  2. 2. ඒක කෙරුවේ වෙන කෙනෙක් කියලා කියන්න.

  3. 3. වෙච්ච දේ ගෙදර අයිතිකාරයාට කියලා ජනේලේ හදන්න යන වියදම ගෙවන්න ඉදිරිපත් වෙන්න.

එතැනින් දුවන එක ලේසියි. ඒත් මොන වැරැද්දක් වුණත් ඒක පිළිගන්න එක තමයි හොඳම දේ.

කරපු වැරැද්ද පිළිගන්න හේතු තුනක්

  1. වැරදි පිළිගන්න එක තමයි හරි දේ.

    ‘අපි සෑම දෙයකදීම අවංකව කටයුතු’ කරන්න ඕනෙ කියලා බයිබලයේ කියලා තියෙනවා.—හෙබ්‍රෙව් 13:18.

  2. වැරදි පිළිගන්න අයට සමාව දෙන්න හුඟදෙනෙක් කැමතියි.

    බයිබලයේ මෙහෙම කියනවා. “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13.

  3. වැදගත්ම හේතුව, යෙහෝවා දෙවිව සතුටු කරන්න පුළුවන්.

    බයිබලයේ කියන දේ බලන්න. “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.” —හිතෝපදේශ 3:32.

අවුරුදු 20ක් වයස කරීනා වේගෙන් වාහනේ එළවගෙන යද්දී පොලීසියට අහු වුණා. එයා ඒ ගැන තාත්තාට කිව්වේ නැහැ. අවුරුද්දකට විතර පස්සේ තාත්තාට දඩ කොළේ හම්බ වුණා. “එදා මං වැටුණේ ලොකු අමාරුවක” කියලා කරීනා කියනවා.

එයා ඉගෙනගත්ත පාඩම මොකක්ද? කරීනා මෙහෙම කියනවා. “වැරැද්ද හංගගෙන ඉන්න එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කවදා හරි දවසක ඒක එළි වෙනවා.”

වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නේ කොහොමද?

“සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” (යාකොබ් 3:2) කලින් බැලුවා වගේ අපි වැරදි පිළිගන්න ඕනේ. ඒක ඉක්මනටම කරන්නත් ඕනේ. එතකොට අපි කොච්චර නිහතමානී, අවබෝධයෙන් වැඩ කරන අයද කියලා පේනවා.

වැරදි පිළිගන්නවා වගේම ඒකෙන් පාඩමක් ඉගෙනගන්නත් ඕනේ. වේරා කිව්වේ “කරපු හැම වැරැද්දකින්ම පාඩමක් ඉගෙනගන්න මං උත්සාහ කරනවා. ඒකෙන් වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක් වෙන්නත් ආයෙත් ඒ වැරැද්ද නොකර ඉන්නත් මට පුළුවන්.” ඒක කරන්න පුළුවන් විදිහ අපි දැන් බලමු.

ඔයා තාත්තාගේ බයිසිකලේ අරන් ගියාම ඒක ඔයාගේ අතින් කැඩෙනවා. දැන් ඔයා මොකක්ද කරන්නේ?

  • තාත්තා ඒක දකින එකක් නැහැ කියලා හිතලා කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්නවා.

  • වෙච්ච හැම දෙයක්ම තාත්තාට කියනවා.

  • ඒක කළේ වෙන කෙනෙක් කියලා තාත්තාට කියනවා.

විභාගෙට පාඩම් කළේ නැති නිසා ඔයා විභාගෙන් අසමත් වෙලා. ඔයා මොකක්ද කරන්නේ?

  • විභාගේ හුඟක් අමාරුයි කියලා බොරුවක් ගුරුවරයාට කියනවා.

  • අසමත් වුණේ පාඩම් කළේ නැති නිසයි කියලා පිළිගන්නවා.

  • ගුරුවරයා ලකුණු අඩු කළේ ඕනකමින්මයි කියලා චෝදනා කරනවා.

පිටිපස්ස බලන කන්නාඩියෙන් පාර බලාගෙන වාහනයක් එළවන යෞවනියක්

කරපු වැරදි ගැන හිතහිතා ඉන්න එක හරියට පිටිපස්ස බලාගෙන වාහනයක් එළවනවා වගේ

ඔයා ඔයාගේ තාත්තාගේ පැත්තෙන් හිතන්න. ඔයාගේ ගුරුවරයාගේ පැත්තෙනුත් හිතන්න. ඔයා වැරැද්ද පිළිගත්තොත් එයාලාට කොයි විදිහට දැනෙයිද? ඔයා වැරැද්ද හැංගුවොත් එයාලාට කොයි විදිහට හැඟෙයිද?

පහුගිය අවුරුද්දේ ඔයාගේ අතින් වුණු වැරැද්දක් මතක් කරන්න. දැන් මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න.

වුණු වරද මොකක්ද? ඒ ගැන ඔයා මොකක්ද කෙරුවේ?

  • මම වරද හැංගුවා.

  • වරද කළේ වෙන කෙනෙක් කියලා මම කිව්වා.

  • මම ඉක්මනින්ම වරද පිළිගත්තා.

වරද පිළිගන්නේ නැතුව ඉන්නකොට ඔයාට දැනුණේ කොහොමද?

  • වැරැද්ද අහු වුණේ නැති එක ගැන හිතට සතුටුයි.

  • වරද පිළිගත්තේ නැති එක ගැන දුකයි.

මීට වඩා හොඳ විදිහකට මේ ප්‍රශ්නේ මට විසඳන්න තිබුණාද?

ඔයාගේ අතින් වෙච්ච වැරැද්දෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

ඔයා මොනවාද හිතන්නේ?

සමහර අය තමන්ගේ අතින් වුණු වැරදි හංගන්නේ ඇයි?

හැම තිස්සෙම ඔයාගේ වැරදි හංගන්න හදනවා නම් අනිත් අය ඔයා මොන වගේ කෙනෙක් කියලා හිතයිද? ඒත් ඔයාගේ අතින් වෙන වැරදි පිළිගන්නවා නම් අනිත් අය ඔයා මොන වගේ කෙනෙක් කියලා හිතයිද?—ලූක් 16:10.

ඔයාට වැඩක්

  • ඊළඟ පාර ඔයාගේ අතින් වැරැද්දක් වුණොත් ඒක විසඳගන්න ඔයා බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න